සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි
ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරෙන කාලය තුලදි මුදල් ඔටිටුවට තබා බුරුවා ගැසු පස්දෙනෙකුට රුපියල් 41000 ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (26) දා නියෝග කලේය.
කල්තොට පොලිස් බල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් පස්දෙනෙකුට මෙලෙස දඩ නියම විය.
එහිදී ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරෙන කාලයේ මුදල් ඔට්ටුවට බුරුවා ගැසිම සදහා නිවස ලබා දිි අනුබල දුන් අයෙකුට රුපියල් 10600 ක දඩ නියම විය.
ඉතිරි හතර දෙනාට එක් අයෙකුට රුපියල් 7600 බැගින් රැපියල් 30400 දඩ නියම කෙරිණි.
කල්තොට පොලිසියේ ස්ථානාධිපති තරංග හපුගස්වත්ත මහතා ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් මෙම පුද්ගලයන් ඇඳිරිනීතිය පනවා ඇති කාලයේ දි මුදල් ඔටිටුවට බුරුවා ගසමින් සිටියදී අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහේස්ත්‍රාත්හමුවට ඉදිරිපත් කරනු ලැබිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd