(ජේ.කේ.එල් චාමින්ද)

ඇදිරි නිතිය තිබියදි නිවසක්  තුළ බුරුවා ගසමින් සිටි  පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගත්බැව් තෙලිකඩ පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් අය වයස අවුරුදු ,62,34,35, යන වයස් කාණ්ඩවල පසුවන අය බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.

ඊයේ (30) රාත්‍රි 11.00ට පමණ තෙලිකඩ පොලිස් බල ප්‍රදේශයට අයත් අඹගහහන්දිය ප්‍රදේශයේ නිවසක එක් විදුලි බුබුළු දල්වාගෙන මොවුන් මුදලට  බුරුවා ගසා ඇති අතර එහි සිටි තවත් පිරිසක් පැන ගොස් ඇති බව පොලිසිය පවසයි.

 තෙලිකඩ පොලිස් ස්ථානාධිපති කේ.එල් ජනකප්‍රිය මහතා  ඇතුළු කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර මොවුන් අද (31) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.