(දයාරත්න ඇඹෝගම)
ටිකට්පත් අලෙවි කරමින් ආධාර මුදල් එක්රැස් කරමින් සිටි චීවරධාරියෙකු නෙළුම්කුලම හන්දියේදී අද (15) අත් අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ 50 හැවිරිදි චීවරධාරියෙකි.
නිශ්චිත ස්ථානයක් හෝ ආගමික ස්ථානයක් පිළිබඳව සඳහනක් නොමැතිව ආගමික ස්ථාන සංවර්ධනය කිරීම සඳහා මෙම චීවරධාරියා මුදල් එක්රැස් කරන බවට ලද තොරතුරක් මත අනුරාධපුර පොලිසිය මගින් මෙම චීවරධාරියා අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකාර චීවරධාරියා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ බවද පොලිසිය සඳහන් කළේය.
COMMENTS
ශුද්ධ නගරය ඇතුලුව අනුරාධපුරයේ තරම් බුදුදහම මුල්කරගෙන කරන වංචාවන් වෙනත් නගරවල තිබේදැයි සැකයි. මේ කටයුතු වහාම නැවතීමට කටයුතු කලයුතුයි