IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අ’පුර ශික්ෂණ රෝහලේ උපස්ථායක සේවකයන් විරෝධතාවක


 

(දයාරත්න ඇඹෝගම)
 
අවම සුදුසුකම් සපුරා නැති සේවකයන් රෝහල් සේවයට බඳවා නොගන්නා ලෙසටත් පැරණි සේවකයන් ස්ථිර කරන ලෙසටත් ඉල්ලා අනුරාධපුර ශික්ෂණ රෝහලේ උපස්ථායක සේවක සේවිකාවෝ පිරිසක් අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිටදි අද(25) උද්ඝෝෂණයක නිරතවුහ.
 
මෙම උද්ඝෝෂණය ඒකාබද්ධ වෘත්තිය සමිති සංගමය විසින් සංවිධානය කර තිබුණි.
 
මෙහිදි අදහස් දැක්වු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඒකාබද්ධ වෘත්තිය සමිති සංගමයේ සභාපති සරත් සෙනෙවිරත්න මහතා මෙසේ පැවසීය.
 
“වසර දහයකට අධික සේවා කාලයක් තිබෙන කම්කරු සේවකයන් මාස හතරක පුහුණුවකින් පසුව උපස්ථායක තනතුරු සඳහා බඳවා ගන්නවා. එසේ උපස්ථායක තනතුරුවලට බඳවාගත් මේ අයට මෙතෙක් ස්ථිර පත්වීම් ලබාදි නැහැ. අවුරුදු හතර පහ සේවය කළ සේවකයන් මෙතෙක් ස්ථිර කරලා නැහැ. මෙම දෙපාර්තමේන්තුවට සේවකයන් බඳවා ගන්න කොට ක්‍රමවේදයක් තිබෙනවා. අවම සුදුකම සාමන්‍ය පෙළ විභාගයෙන් විෂයන් හයක් සමත් වෙන්න ඔනේ සම්මාන හතරක් තිබෙන්න ඔනේ.
 
එහෙත් මේවන විට අඩු ආදායම් ලාභින් කියලා පිරිසක් සේවයට බදවා ගෙන තිබෙනවා. ඔවුන් අටවත් පාස් නැහැ. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා අපේ රෝහලේ පැරණි සේවකයන් ස්ථිර කරන ලෙස.ඒ වාගේම අධ්‍යාපන සුදුසුකම් නොමැති පිරිස් රෝහල් සේවකයන් ලෙස බදවා නොගන්නා ලෙසටත් රජයෙන් ඉල්ලා සිටිනවා.එසේ නොමැති නම් සමස්ත රෝහල් සේවකයන් සමග එක්ව විරෝධය පළ කිරිමට පියවර ගන්නවා” යැයි සරත් සෙනෙවිරත්න මහතා මෙහිදි පැවසීය.



අදහස් (0)

අ’පුර ශික්ෂණ රෝහලේ උපස්ථායක සේවකයන් විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site