(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
දඩගමුව ප්‍රදේශයේ අවන්හලක් අසල දී ගිනි අවියකින් අහසට වෙඩි තබා ජනතාව භීතියට පත්කළ බව කියන ව්‍යාපාරිකයකු හා සගයකු සැකපිට අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කලගෙඩිහේන කුරුදුවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු හා ඔහු සමඟ පැමිණි බව කියන පුද්ගලයකු බව පොලිසිය කියයි.
මෙම ව්‍යාපාරිකයා නවීන පන්නයේ රියකින් අවන්හල අසලට පැමිණ මිලි මිටර් නවයේ ගිනි අවියකින් අහසට වෙඩි 8 ක් තබා ඇති බව මුලික පොලිස් පරීක්ෂනයේ දී හෙළි වී ඇත.
සිද්ධිය පිළිබඳව පැමිණිල්ල ලද පසු ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරුවන් දෙදෙනා මිලි මීටර් නවයේ ගිනි අවිය ජීව උණ්ඩ දෙකක් හිස්කොපු 8 ක් සමඟ ව්‍යාපාරිකයා පැමිණි බව කියන නවීන පන්නයේ රථය ද පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ගිනි අවියේ අංකය අපහැදිලි බව කියන පොලිසිය එය ව්‍යාපාරිකයාට ලැබුණු ආකාරය හෙළිකර ගැනිමට ද පියවර ගන්නා බව පොලිසිය පවසයි.
සැකකරුවන් අද (27) අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
37
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අහසට වෙඩි තැබූ ව්‍යාපාරිකයා-සගයා අත්අඩංගුවට