(සුමතිපාල දීයගහගේ)
අහංගම වැල්හේන්ගොඩ මුහුදු වෙරළට අද(04) නාඳුනන පුද්ගල මළසිරුරක් ගොඩ ගසා ඇතැයි අහංගම පොලිසිය පවසයි.
මෙම මළසිරුර අඩි 5ක් පමණ උස වන, අවුරුදු 35ක් පමණ වන පුෂ්ටිමත් ශරීරයකින් යුතු පුද්ගලයකුගේ යැයිද මොහු කළු පැහැති කලිසමක් හැඳ සිටි බවද මළසිරුරේ අත්වල සහ උරහිසේ පච්ච කෙටුම්ද ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.
මළසිරුර හඳුනා ගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd