IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අවිස්සාවේල්ල - රත්නපුර පෞද්ගලික බස් රථ හිමිකරුවෝ වර්ජනයක

(අජිත්ලාල් ශාන්තඋදය)

අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා පෞද්ගලික බස් රථ ධාවනය කරන හිමිකරුවෝ අද (03) ප‍්‍රවාහන සේවාවලින් ඉවත්ව වැඩ වර්ජනයක් ඇරඹූහ.
 
මේ නිසා අවිස්සාවේල්ල - රත්නපුර, ඇහැළියගොඩ- රත්නපුර අතර දිවෙන පෞද්ගලික බස් රථ සියල්ල ද අවිස්සාවේල්ල - ඇහැළියගොඩ සහ කුරුවිට - රත්නපුර අතර දිවෙන පෞද්ගලික බස් රථ කිහිපයක් හැර වැඩි ප‍්‍රමාණයක් ද ධාවනය නොවිණි.
 
කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව මෙම බස් වර්ජනය ඇරඹීම නිසා පාසල් සිසුන්, රජයේ සහ පෞද්ගලික අංශවල සේවයට යන පිරිස් මෙන්ම සාමාන්‍ය ජනතාවද දැඩි අසීරුවට පත්ව සිටිති.
 
මේ සම්බන්‍ධයෙන් සබරගමු පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී දමිත් ප‍්‍රියන්ත බටවල මහතාගෙන් විමසූවිට ඔහු පැවසුවේ මෙම බස් හිමියන් බස් වර්ජනයක් පවත්වන බව දැනුම් නොදුන් බවයි.
 
අවිස්සාවේල්ල - රත්නපුර මාර්ගයේ පෞද්ගලික බස් හිමියන් ඉල්ලීමක් කරමින් රත්නපුර සිට කෑගල්ල දක්වා ගමන්ගන්නා බස් රථ සහ කෑගල්ලේ සිට රත්නපුර දක්වා ගමන් ගන්නා බස් රථ අවිස්සාවේල්ල නගරයට නොගොස් ඇහැළියගොඩ පනාවල හරහා දෙහි ඕවිට මාර්ගයේ ධාවනය කරන්නැයි ඉල්ලා සිටි බවද සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේය.
 
“පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති තනතුරු දරා දැනට ඒ තනතුරු අහිමිවූ සමහරුන්ට අයත් බස් රථ මාර්ග බලපත් නොමැතිව ධාවනය වන බවත් ඒවා නවත්වා දෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියා.
 
පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඇතුලූ පළාතේ රාජ්‍ය සහ පොලිස් ප‍්‍රධානීන් 02දා රත්නපුර නව නගරයේ සබරගමු පළාත් සභා කාර්යාලයට කැඳවලා එම මාර්ගයේ බස් හිමියන් සමග සාකච්ඡාවක් පැවැත්වූවා. මේ මාර්ගයේ සියලූම බස් රථ 70කට වැඩියි. සාකච්ඡාවට ආවේ 6දෙනයි. බලපත‍්‍ර නොමැතිව ධාවනය වන පෞද්ගලික බස් පොලිසිය මගින් ඇල්ලූවා. මාර්ග බලපත් ලබාගන්නා තුරු ධාවනය නොකරන ලෙස අවවාද කළා.
 
බස් හිමිකරුවන් ඉල්ලන්නේ කෑගල්ලට යන සහ කෑගල්ලෙන් රත්නපුරේට එන පෞද්ගලික බස් අවිස්සාවේල්ල හරහා ධාවනය කරවන්න එපා කියලා. ඒඉල්ලීම මගීන්ට කරන ලොකු අසාධාරණයක්. බස් සේවාවන් පවත්වාගෙන යායුත්තේ මගීන්ගේ පහසුවට මිසක් බස් හිමියන්ගේ උවමනා එපාකම් ඉටු කරන්න නෙවෙයි. ඒ ඉල්ලීමට කොහෙත්ම ඉඩ දෙන්න බෑ. මේ බස් හිමියෝ සාකච්ඡාවට එන්නේ නැතුව හිතුවක්කාර අන්දමින් බස් ධාවනය නවත්වලා තියෙන්නේ.
 

මේ වෙනකොට අවිස්සාවේල - රත්නපුර මාර්ගයේ මගීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ලංගම බස් රථ යොදවලා තියනවා. දිගටම බස් වර්ජනය කලොත් විකල්ප පියවරක් මගීන් වෙනුවෙන් ගන්න වේවි” යැයි සබරගමුව මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී දමිත් ප‍්‍රියන්ත බටවල මහතා පැවසීය.



අදහස් (0)

අවිස්සාවේල්ල - රත්නපුර පෞද්ගලික බස් රථ හිමිකරුවෝ වර්ජනයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site