(මොහොමඩ් බුහාර්ඩින්)
කාපට් අතුරා ප‍්‍රතිසංස්කරණය කරමින් පවතින ගලේවෙල පට්ටිවෙල මානහිද මාර්ගය වසා ඇති අවස්ථාවක අද ( 22 ) අලූයම අනවසරයෙන් එහි තේක්ක කොට පැටවු ලොරි රථ කිහිපයක් ධාවනය කිරිම නිසා මාර්ගයට හානි සිදුවි ඇතැයි කියමින් ප‍්‍රදේශවාසීහු රථ හරස්කර නවතා සිය විරෝධය කළහ.
දිගු කලක සිට අබලන්ව පැවති ගලේවෙල පට්ටිවෙල මානහිද මාර්ගය ගලේවෙල ප‍්‍රදේශිය සංවර්ධන කමිටු සම සභාපති පි‍්‍රයාන් විජේරත්න මහතා මැදිහත්විමෙන් වත්මන් රජයේ කි‍්‍රයාත්මක රන් මාවත් වැඩසටහන යටතේ පසුගිය ජුලි 14 දා මුල්ගල තබා වැඩි ආරම්භ කරනු ලැබිය.
ඒ අනුව පසුගිය 17 දා සිට මෙම 23 දා දක්වා මෙම මාර්ගය වසා දමා කිලෝමීටර් 4ක කොටස් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු සිදුවෙමින් පැවතිණි.
අද 22 දා අලූයම තෙක්ක කොට තොගයක් කොළඹට ප‍්‍රවාහනය කරමින් තිබු ලොරි රථ 2 ක් මෙම මාර්ගයේ වසා දමා ඇති බාධක කවුලූ ඉවත්කර 22 දා රාති‍්‍රයේ කාපට් අතුරා තිබු කොටස වෙලෙන්නට මත්තෙන් මේ ඔස්සේ ධාවනය කරමින් සිට ඇති අතර ඒහිදි ප‍්‍රදේශවාසින් වහාම මාර්ගය මැදට පැන කොට පැටවු ලොරි රථ දෙක මාර්ගයේ ඉදිරියට ධාවනය නොකර නතර කර ඇත.
සිද්ධිය වු ස්ථානයට ප‍්‍රදේශවාසින් රැස්විමත් සමඟ ලොරි රථ රියදුරන් හා ප‍්‍රදේශවාසින් අතර උණුසම් තත්වයක් ඇතිවු අතර සිද්ධිය සැළවිමත් සමඟ මෙම ස්ථානයට ගලේවෙල පොලිස් නිලධාරීහු පැමිණ පරික්ෂණ පැවැත්වූහ.



2025 ඔක්තෝබර් මස 08
1475
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1320
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අලුතින් කාපට් ඇතිරූ මාර්ගයක ලොරි ධාවනය වීමෙන් හානී වී යැයි විරෝධතාවක්