(ඉන්දික අරුණ කුමාර)
මොරගහකන්ද ජලාශයට යටවූ නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 6 ක වන අලි ගැවසීම ජනජීවිතයට බාධාවක් වී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
කඹරව, ගල්පෝරැගොල්ල, ඇලගමුව, කඩවත, කෝන්ගහවෙල හා රජාවෙල ගම්මානයන්හි නිරන්තර වන අලි ගැවසීම හේතුවෙන් දුෂ්කරතා රැසකට තමන් මුහුණ දී ඇති බව ගොවීහු කියාසිටිති.
මොරගහකන්ද ජලාශය ආශ්‍රිතව ආහාර හා ජලය තීබිම හේතුවෙන් ඒ ආශ්‍රීතව වන අලි ගැවසීමට ප්‍රියකරන අතර අවට වගාවන්වලට ද මෙම වන අලි හානි කරති.
අඹන මහ වෙල් යායට අයත් වගාවන්, සේනාගම, මොරගොල්ල ප්‍රදේශවල බෝග වගාවන් මේ හේතුවෙන් අවදානම් තත්ත්වයට පත්ව තිබේ.
වන අලි ගැටළුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ මොරගොල්ල ප්‍රදේශවාසීන් කියා සිටියේ රාත්‍රී කාලයේ ගම්වදින වන අලි හේතුවෙන් සිය දෛනික කටයුතු පවා අඩාල වී ඇති බවයි.
නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවතින වන අලි ගැටළුව සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුවේ ඇලහැර කාර්යාලයෙන් කළ විමසීමක දී එහි අඩවි අරාක්ෂක රංජිත් කේ. විජිත මහතා පැවසූයේ වන අලි පලවා හැරීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.
පසුගිය දා ප්‍රදේශයට කරදරයක් වී සිටි වන අලියෙකු අඹන ප්‍රදේශයෙන් අල්ලා ගත් බවත් සෙසු වන අලි ද හැකි ඉක්මනින් ප්‍රදේශයෙන් පලවා හැරීමට කටයුතු කරන බවත් හෙතෙම කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
348
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අලි ගම් වැදී නාඋල ගම් රැසක ජනතාව අමාරුවේ