(ක.ග.කරුණාරත්න)
මැදිරිගිරිය ඇටඹඔය සමගිපුර ප්‍රදේශයේදී අද(11) වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මරුමුවට පත්වී ඇතැයි මැදිරිගිරිය පොලීසිය කියයි.
එම සිද්ධියෙන් මියගොස් ඇත්තේ මැදිරිගිරිය ඇටඹඔය සමගිපුර පදිංචිව සිටි මහවැලි ගොවියෙකු වන එම්.කේ.සිරිපාල නැමැති 73 හැවිරිදි සිව්දරු පියෙකි.
එම පුද්ගලයා අලුයම් කාලයේ තම ගෙවත්තට පැමිණි වන අලියෙකු වගාකර තිබූ පොල්පැල විනාශ කරමින් සිටියදී එම අලියා පළවා හැරීමට උත්සාහ කරද්දී මෙසේ පහරකෑමට ලක්වී තිබෙන බව පොලීසිය සිදුකල විමර්ශනවලදී අනාවරණයවී ඇත.
එම මරණය සම්බන්‍ධයෙන් හදිසි මරණ පරීක්‍ෂණය එම ස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇතැයි විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
මැදිරිගිරිය පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වත්වයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.