(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර අධිකරණයේ පවතින නඩුවක සාක්ෂි වෙනස්කර සමථයකට පත් කිරිම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් දස දහසක අල්ලස් මුදලක් ලබාගත් අනුරාධපුරය පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනාගේ සේවය අද (06) සිට අත් හිටුවා ඇති බව අනුරාධපුර පොලිසිය කියයි.
සේවය අත් හිටුවා ඇත්තේ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ සේවය කළ කොස්තාපල්වරු දෙදෙනෙකුගේය.
නිවසක දේපළවලට අලාභ හානි කරන ලද වගඋත්තරකරුවකුට එරෙහිව තිබෙන චෝදනා වෙනස් කර ඔහුට විරුද්ධ චෝදනා නගා ඇති පැමිණිලිකරු සමඟ සමතයකට පත්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකර දිම සදහා රුපියල් දස දහසක අල්ලස් මුදලක් අනුරාධපුර කඩ පනහ අසලදි ලබා ගනිද්දි මෙම කොස්තාපල්වරැන් දෙදෙනා පසුගිය පස්වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබිය.
අත් අඩංගුවට ගනු ලැබු මෙම පොලිස් කොස්තාපල්වරු දෙදෙනා නොවැම්බර් 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd