සමන් පාලිත නානායක්කාර
ඇඳිරි නීතිය හමුවේ වැඩි මිලට විකිණීමේ අපේක්ෂාවෙන් දඹේතැන්න වත්තට ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රජයේ අරක්කු බෝතල් 50 ක් සමඟ පුද්ගලයෙකු අද ( 30) අත්අඩංගුවට ගත් බව හපුතලේ පොලීසිය කියයි.
සැකකරු හපුතලේ දඹේතැන්න වත්ත පදිංචි තිස් පස් වියැති පුද්ගලයෙකි.
හපුතලේ පොලීසියට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර තිබේ.
සැකකරු සමඟ මත්පැන් තොගය බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
හපුතලේ පොලීසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd