IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


අයිඑස්අයිඑස් යනු ත්‍රස්තවාදී - අන්තවාදී සංවිධානයක්

(සිරංගිකා ලොකුකරවිට සහ ඩී.ජී. සුගතපාල)

අයිසීස් යනු මුස්ලිම් ආගමික සංවිධානයක් නොවන බවත් එය ත්‍රස්තවාදී හා අන්තවාදී සංවිධානයක් බවත් ඔවුන්ගේ අන්තවාදී ක්‍රියාවලට සම්බන්ද ඇමතිවරු ආණ්ඩුවේ සිටිනවානම් ප්‍රසිද්ධියේ ඉවත් කරන ලෙසත් අද (14) ගාල්ල මහ නගර සභාවේ මුස්ලිම් මන්ත්‍රීවරු පිරිසක් පැවැසූහ.

ඔවුහු මෙසේ පවසා සිටියේ ගාල්ල මහ නගර සභාවේ මහ සභා රැස්වීම නගරාධිපති ප්‍රියන්ත සහබන්ධු මහතාගේ ප්‍රධානත්වයෙන් නගර සභා ශ්‍රවණාගාරයේ පැවති අවස්ථාවේ අදහස් දක්වමිනි.

එහිදී ගාල්ල නාගරික මන්ත්‍රී එස්.එම්.එන්. නිලාම් මහතා මෙසේ පැවසීය,

   “අයිඑස්අයිඑස් කියන්නේ මුස්ලිම් අයගේ සංවිධානයක් නෙවෙයි. ඔවුන් ඉස්ලාම් ආගමට විරුද්ධයි. මේ සංවිධානයේ නායකයා ලෙස පෙනී සිටින පුද්ගලයා මෝසාට් හමුදාවේ හිටපු නායකයෙක්.

ඇමරිකාව තමයි මේවා මෙහෙයවන්නේ, එවැනි ප්‍රබල රටවල් වලට ඕනකරලා තියෙන්නේ මුස්ලිම් ජනතාව නැති කරන්නයි, අයිඑස්අයිඑස් මුස්ලිම් නම් මුස්ලිම් අය මරයිද? මුස්ලිම් අයට ගහයිද? ඔවුන් සදාම් හුසේන් මැරුවා, මුස්ලිම් පල්ලි වලට ගහනවා, විශ්ව විද්‍යාල වලට ගහනවා, පාසැල් වලට ගහනවා.

මුස්ලිම්වරු විනාශ කිරීමයි මොවුන්ගේ බලාපොරොත්තුව, අපේ මව් රට ශ්‍රී ලංකාවයි, අපිට යන්න වෙන රටක් නැහැ. ඉතිහාසයේ ඉඳලාම මුස්ලිම් හා සිංහල අය මේ රටේ එකට හිටියා. සරදියෙල් බැඳලා හිටියේ මම්මලේ මරික්කාර් කියලා මුස්ලිම් කාන්තාවක්. නමුත් දැන් තත්ත්වය හරිම දුක්බරයි. බෝම්බ ප්‍රහාර එල්ල කරපු තරුණයන්ට සල්ලි දීලි තමයි ඔවුන්ගේ පැත්තට හරවාගෙන තියෙන්නේ.”

නාගරික මන්ත්‍රී ෆයාස් ලතීෆ් මහතා,

    “පාස්කුදා සිදුකළ ප්‍රහාරයන් පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. සියදිවි හානි කරගැනීම මුස්ලිම් ආගමේ හැටියට තහනම්. එහෙම කළාම අපේ ආගමට අනුව ස්වර්ගය ලැබෙන්නේ නැහැ. ඒ බව පැහැදිලිවම කුරාණයේ සඳහන් කරලා තියෙනවා. ඔය කියන විදිහට මරාගෙන මැරුණම ස්වර්ගයට යන්න පුළුවන් නම් අපිත් මරාගෙන මැරිලා ස්වර්ගයට යන්න කෙටි පාරක් හොයා ගන්නවා.

ඕක මිත්‍යා මතයක්, සමන්තුරේ ඝාතකයා කියලා තිබුණා මරාගෙන මැරුණාම ස්වර්ගයට යනවා කියලා, ස්වර්ගයේදී කන්‍යාවියන් 72ක් ලැබෙනවා කියලා, මෙවැනි දේ කුරාණයේ සඳහන් වෙන්නේ නැහැ. මේවා අමූලික බොරු.

අවුරුදු 1400ක ඉතිහාසයේ තිබුණේ නැති දෙයක් දැන් ඔවුන් කියනවා. අපි මුස්ලිම් ප්‍රජාව විධියට මේක තරයේම හෙළා දකිනවා. නබි නායකතුමා අනිත් ආගම් වලට ගෞරව කළා. මේ අන්තවාචය හා ත්‍රස්තවාදය අපි පිළිකුල් ලෙස හෙළා දකිනවා. මොවුන් වැඩිපුරම මරලා තියෙන්නේ මුස්ලිම් ජාතිකයින්, අයිඑස්අයිඑස් පුහුණු කළේ සීඅයිඒ සහ මෝසාට් සංවිධාන වලින්, පුහුණු කරලා මුදල් දීලා ලෝකයේ භීෂණය ඇති කළා.

මේ මුස්ලිම් නමින් පෙනී සිටින ත්‍රස්තයන් නිසා අපිට එලියට බැහැලා මිනිස්සුන්ගේ මූණ බලන්න ලැජ්ජයි. සමහරු හිතනවා අපිත් ඒවාට සම්බන්ධයි කියලා, තමන් ජීවත් වන රටේ නීතිරීති වලට මුල්තැන දීලා කටයුතු කළ යුතුයි කියලා පැහැදිලිවම කුරාණයේ කියලා තියෙනවා.

මුස්ලිම් අන්තවාදය නැති කළ යුත්තේ මුස්ලිම් අය විසින්මයි. ගාල්ලේ පල්ලි හා නිවෙස් සෝදිසි කරද්දී කවුරුවත් විරුද්ධ වුණේ නැහැ. කඩු කිණිසි අහුවෙච්ච ඒවට රජය නීතිය ක්‍රියාත්මක කරාවි. මේවාට සහාය දෙන ඇමතිවරු ආණ්ඩුවේ ඉන්නවා නම් ඔවුන් ප්‍රසිද්ධියේ එළියට දාන්න තියලා අපි ඉල්ලනවා.

අතීතයේ අරාබියෙන් පිරිමි විතරයි ලංකාවට ඇවිල්ලා තියෙන්නේ, ඔවුන් සරණපාවා ගත්තේ සිංහල කාන්තාවන්. අපි මෙම අන්තවාදය ගැන මුල ඉඳලාම රජයන් දැනුම්වත් කළා.

පසුගිය අවුරුදු 25ක පමණ කාලයේ සිට මේක ක්‍රමක්‍රමයෙන් වර්ධනය වුණා. ඒත් ඡන්ද පදනම හදාගන්න ඕන නිසා කිසිම රජයක් ස්ථිර විසඳුමක් දුන්නේ නැහැ. වර්තමාන රජයත් කළින් රජයත් මේවාට වග කියන්න ඕනෑ. ගාල්ල සහජීවනයෙන් ජීවත් වන නගරයක්, ඕනෑම ආකාරයේ සාම ක්‍රියාවලියකට අපි සහයෝගය දෙනවා.”

 

 



අදහස් (1)

අයිඑස්අයිඑස් යනු ත්‍රස්තවාදී - අන්තවාදී සංවිධානයක්

Rishad Wednesday, 15 May 2019 03:48 AM

නියම අදහස් , සියල්ලෝටම ගරු කරමි .....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 836 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2479 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1780 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site