IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අම්බලන්ගොඩ නගරසභා රැස්වීම උණුසුම් වෙයි


(එම්.සුසිල් ප්‍රියන්ත)
       
තෙවැනි වරටත් අයවැයට ඡන්දයක් ඉල්ලා පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් කෑකෝ ගැසීමත් සමගම අද(19 ) පැවති අම්බලන්ගොඩ මාසික සභා රැස්වීම උණුසුම් විය.
             
මීට පෙර පැවති සභා රැස්වීම් දෙකේදී මෙන්ම මෙවර සභා රැස්වීමද අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති අරුණ ප්‍රදීප් මහතාට සභාව කල් දැමීමට සිදුවිය. ගිය අවස්ථා දෙකේදී සති දෙකකින් කල් දැමුණු සභා රැස්වීම අද (19) පස්වරු 2.00 දක්වා කල් දැමීය.
      
මාසික සභා රැස්වීම නීතී විරෝධී සභා රැස්වීමක් යයි කියමින් පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරු 12දෙනෙක් කෑකෝ ගැසූහ. සභා රැස්වීම නීත්‍යනුකූලනම් අය වැය සභා සම්මතකර ගත යුතු යැයි  පාලක පක්ෂයේ මන්ත්‍රී සරත් ශ්‍රී ලාල් මහතා, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 12ක් කෑකෝ ගසමින් කියා සිටියහ. දිගින් දිගටම සභාවේ වැඩකටයුතුවලට බාධා කරමින් සිටි මේ මන්ත්‍රීවරුන්ගේ පිරිසට මාසයක් සභා රැස්වීම තහනම් කරන ලෙස සභාපති අරුණ ප්‍රදීප්  මහතා  විසින් යෝජනා කෙරුණත් එය ක්‍රියාත්මක නොකෙරුණි.
    
සභාපති අරුණ ප්‍රදීප් මහතා ඇතුළු පාලක පක්ෂයේ මන්ත්‍රීවරු 10දෙනා අය වැය සදහා ඡන්දයක් අනවශ්‍ය බව කීහ. අය වැය සදහා ඡන්දයක් නොවිමසා සභාවේ ගෙවීම් ඇතුළු අනෙක් යෝජනා සදහා සභාපතිවරයා ඡන්ද විමසීම හාස්‍යට කරුණක් බව කී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත්‍රීනි ඩබ්ලිව්.එම් .නිලානි මෙනවිය කීවාය.මේ සමගම සභාපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ ගෙවීම් ඇතුලු අනෙක් යෝජනාවලට බහුතරයක් වූ මන්ත්‍රීවරු විරුද්ධවෙමින් ඒ සදහා ඡන්දවිමසීමේදී එම යෝජනා වැඩි ඡන්දයෙන්  පරාජය කිරීමට සමත්වූහ.
       
මේ අනුව සභාවේ අනියම් සේවකයින්ට රුපියල් 4000ක අත්තිකාරම් මුදලක් ලබාදීමේ යෝජනාව ද වැඩි ඡන්ද හතරකින් පරාජයට පත්විය. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි උණුසුම් වාග් ප්‍රහාරයන් මධ්‍යයේ සභාව රැස්වීම අද (19) පැවති මාසික සභා රැස්වීම පස්වරු 2.00 දක්වා සභාපති අරුණ ප්‍රදීප් මහතා මහතා කල් දැම්මේය.



අදහස් (0)

අම්බලන්ගොඩ නගරසභා රැස්වීම උණුසුම් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site