(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
අධ්‍යාපනය, කලාව, සාහිත්‍ය ඇතුලූ ක්ෂේත‍්‍ර ගණනාවක් හරහා පරිසරය ආරක්‍ෂා කිරීමේ නවමු සංස්කෘතියක් සමඟ ළමා, තරුණ, වැඩිහිටි, රාජ්‍ය, පෞද්ගලික ආදී වූ සෑම ක්ෂේත‍්‍රයක් සමඟම පරිසරයේ ප‍්‍රතිලාභ අනාගත පරපුරට ලැබීමට ඉඩකඩ සැලසීමේ සැලැස්මක් ඉදිරිපත් කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා සිය පරිසර ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළි දක්වමින් අද (17) උඩවලවේ දී පැවසීය.
මෙම පරිසර ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ මුල් පිටපත පරිසරවේදී වෑකඳවල රාහුල හිමිට අනුර කුමාර දිසානායක මහතා විසින් පිළිගන්වනු ලැබීය.
විශ්ව විද්‍යාල ආචාර්වරුන් ඇතුලූ විද්වතුන් රැසක් මෙම අවස්ථාවට එක්වූ අතර පරිසර ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සම්බන්‍ධයෙන් වූ ප‍්‍රධාන දේශනය රුහුණු විශ්ව විද්‍යාලයේ ආචාර්ය ශම්මික ලියනගේ මහතා විසින් පැවැත්විය.
රත්නපුර දිස්ත‍්‍රික් ජනතා විමුක්ති පෙරමුණු නායක ශාන්ත පද්මසිරි මහතා මෙම උත්සවය සංවිධානය කර තිබුණි.




2025 දෙසැම්බර් මස 04
470
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
465
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
416
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අනුරගේ පරිසර ප‍්‍රතිපත්තිය උඩවලවේ දී එළිදකී