IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අනාරක්ෂිත ළිඳකට වැටුණු අලියෙක් වනජීවී සහයෙන් ගොඩට

 (සිතුම් චතුරංග)
 
මුලතිව්, ඔඩ්ඩුසුඩාන්, ඔඩියමලේ ප‍්‍රදේශයේ අනාරක්ෂිත ළිඳකට වැටී සිටි වල් අලියකු අද (02) මුලතිව් වනජීවි නිලධාරීන් විසින් බේරාගනු ලැබීය.
 
ඔඩියමලේ යුද හමුදා කඳවුරේ නිලධාරීන් විසින් අනතුරටපත් අලියකු පිළිබඳ පෙරේදා (01) රාති‍්‍රයේ කළ දැනුම්දීමෙන් අනතුරුව මුලතිව් වනජීවි අඩවි ආරක්ෂක නිලධාරී හේමජිත් මනුප‍්‍රිය මහතා ඇතුඵ නිලධාරී කණ්ඩායමක් කළ සොයාබැලීමකදී ළිද තුළ සිරවී සිටි අලියා සොයාගෙන ඇත.
 
උසින් අඩි අටක් පමණ වයස අවුරුදු 20 පමණ වූ මෙම අලියා රාත‍්‍රී කාලයේ ආහාර සොයා ගමන් කිරීමේදී ළිදට වැටී ඇති බව වනජීවි නිලධාරීහු පවසති.

අනාරක්ෂිත ළිදකට වැටී සිටිම හේතුවෙන් අවදානම් තත්ත්වයේ සිටි අලියා බේරාගැනීම සදහා බැකෝ යන්ත‍්‍ර යොදාගනිමින් පැය තුනකට අධික කාලයක් වනජීවි නිලධාරීන් විසින් දැඩි පරිශ‍්‍රමයක් යොදා ක‍්‍රියාත්මක කළ මෙහෙයුමකින් අනතුරුව අලියා ගොඩගැනීමට හැකිවිය.

ළිදෙන් ගොඩගනු ලැබූ අලියා ආරක්ෂිත කැළෑ ප‍්‍රදේශයක් වෙත පලවා හැරියේය.
 
අලියා ගොඩගැනීමේ මෙහෙයුම සදහා කිලිනොච්චිය වනජීවි කළාප සහකාර අධ්‍යක්ෂ ඩි.යු. සාරංග මහතාගේ උපදෙස් මත මුලතිව් වනජීවි අඩවි ආරක්ෂක නිලධාරී හේමජිත් මනුප‍්‍රිය මහතාගේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ වනජීවි නියාමකවරුන් වන අයි.ඩි.වීරකෝන් , කේ.එන්.දිනුවන්ත, එම්.ඒ පේ‍්‍රමරත්න ඇතුළු කණ්ඩායමක් හා යුද හමුදා සෙබලු ඇතුළු  ප‍්‍රදේශවාසීහු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (0)

අනාරක්ෂිත ළිඳකට වැටුණු අලියෙක් වනජීවී සහයෙන් ගොඩට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 469 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site