(ඩී.ජී.සුගතපාල)

ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුවක චුදිත වෙනුවට වෙනත් අයෙකු ලෙස පෙනී සිටීම සම්බන්ධයෙන් වරද පිළිගත් අයෙකු  ලබන මස 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (20) නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ මොහොමඩ් ආබ්දීන් මොහොම්ඩ් රිස්කි නැමැත්තෙකි.

කල් ඉකුත්වූ ඖෂධ අලෙවි කිරිම සම්බන්ධයෙන් ගාල්ල වක්වැල්ල පාරේ ඖෂධ ශාලාවක හිමිකරු වන සි.ඩී.යද්දෙහිගේ නමැති අයට පාරිභෝගික අධිකාරිය විසින් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබිණි.

පසුව එම නඩුව කැඳවු අවස්ථාවේ විත්තිකරු වෙනුවට එහි සේවකයකු වන සැකකරු  අධිකරණයේ පෙනි සිටි ඇත.

සැකකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නිතිඥ සිසිර විරසුරිය මහතා සමඟ නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ මහතා පෙනී සිටියේය.