රංජිත් රාජපක්ෂ
බගවන්තලාව පොලිස් වසමට අයත් බොගවාන තේ වත්තේ අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් පස් දෙනෙකු අද (21) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසයි.
බොගවාන තේ වතු යායේ තේ පදුරු ගලවා විශාල වලවල් හාරා මෙම ජාවාරම්කරුවන් පරිසර විනාශයක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටින බවට පොලිසියට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
මැණික් ගැරිමට උපයෝගී කරගත් උපකරණ රැසක්ද පොලිස් බාරයට ගැණිනි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලිසියි පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd