(සිරිනිහාල් ගමගේ)
වදුරඹ ලේල්වල වතුයායේ තිබු කොස් ගසක් අනවසරයෙන් කපා දැව රැගෙන යමින් සිටි ලොරි රථ රියැදුරකු අද(02) කොස් කඳන් හයක්ද සමඟ අත්අඩංගුවට ගත් බව වඳුරඹ පොලිසිය පවසයි.
වදුරඹ පොලිස් ස්ථානාධිපති වෙත ලැබුණු තොරතුරකට අනුව ලේල්වල වත්ත දෙසට ගමන් ගන්නා මාර්ග ආවරණය වන පරිදි නිලධාරීන් යොදවා එම මාර්ගවල ධාවනය කරන වාහන පරීක්ෂා කිරීමේදී මෙම රථ ය සොයාගෙන ඇත.
අත් අඩංගුවට ගත් සැකකරු, ලොරි රථය හා කොස් කඳන් බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. වදුරඹ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
සුළගට ඉදිරී වැටුනු හෝ මැරීගිය කොස්ගසක් කපාගැනීමේදී පවතින නීතිමය තත්වය දැනගැනීමට කැමැතියි. මම දන්නා කෙනෙකු ඔහුගේ ඉඩමේ තිබුනු කොස්ගසක් සුළගව ඉදිරී වැටී තිබුනා. මෙම ගස කපාගැනීමට ගිය අස්ථාවේ ගසකැපීමේ අවශ්‍යතාවය තහවුරු කිරීමට අදාල නිවසක සැලසුමක් හෝ අනතුරු දායක බවට සහතිකයක් ඉදිරිපත් කිරීමට දන්වා තිබුනා. ඉතින් මෙම ගස කැපීමට මෙම කරුණු දෙකම අදාල නැහැනේ. එවිට කරන්න තියෙන්නේ ගස දිරායාමට ඉඩදීමද කියා බලධාරියෙක්ගේ උපදෙසක් ලැබෙනවානම් සුදුසුයි. කොස්ගස් හෙලීමට අදාල චක්‍රලේඛ අන්තර් ජාලය හරහා බලාගන්නේ කෙසේද.?