(දිල්රුක්ෂි ග්‍රේරු)

ත්‍රිරෝද රියක ගැටීමකින් අනතුරට ලක් වු  වයස අවුරුදු 7ක දරුවකු බේරා ගැනිමටගිය පොලිස් කොස්තාපල්වරයකු  බසයක ගැටීමෙන් අනතුරට ලක්වී කොළඹ ජාතික රෝහලට ඇතුලු කර තිබේ.

අතුරුගිරිය පොලිසියට අනියුක්තව රාජකාරි කරන මෙම කොස්තාපල්වරයා  පාදුක්කේ පිහිටි සිය නිවසට යන අතරතුරදි  අතුරුගිරිය ගොඩගම  මාර්ගයේදි මෙම අනතුරට ලක්ව ඇත.

සිය  යතුරුපැදියෙන් ගමන් කරන අවස්ථාවේදි  ඉදිරියෙන් ගමන් කළ ත්‍රිරෝද රියක වයස අවුරුදු 7ක  දරුවකු  ගැටී අනතුරට ලක්වී දරුවා මාර්ගයේ මැදට විසි වනු දුටු කොස්තාපල්වරයා යතුරුපැදිය මාර්ගය අයිනේ පෙරලා දමා දරුවා බේරා  ගැනිමට යාමේදි මෙම අනතුර සිදු ඇතිබව පරීක්ෂණ වලදිඅනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

අනතුරුව තුවාල ලැබු කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලට සහ අනතුරටපත් පනාගොඩ ප්‍රදේශයේ පදිංචි දරුවා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇතැයිද පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධව පෞද්ලික බස් රියදුරු අත්අඩංගුවට ගෙන ඇතිඅතර දරුවා අනතුරට ලක් කර පලාගිය ත්‍රිරෝද රථ රියදුරු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ සිදු කරයි.