
(කරාපිටිය ජී.ඩබ්ලිව්.කේ. ප්‍රේමතිලක ද සිල්වා)
ගාල්ල කරාපිටිය අනගාරික ධර්මපාල මාවතේදී ඊයේ (14) රාත්‍රී 12 ට පමණ යතුරුපැදියක ගමන් කරමින් සිටි දෙදෙනෙකුගේ යතුරුපැදිය ඊට විරුද්ධ දිසාවෙන් පැමිණි ජංගම දොඹකර රථයක ගැටීමෙන් වූ අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් පිටුපසින් ගමන් කළ තැනැත්තා බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ගාල්ල පොලීසිය කියයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ ගාල්ල දෙනියවත්තහි පදිංචිව සිටි දොඩම්පේ ජයවීර කංකානම්ගේ ඉන්දික රජිත් කුමාර නමැති 36 හැවිරිදි එක් දරු පියෙකි.
මෙම අනතුර සම්බන්ධයෙන් අනතුර සිදු කළ රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බව ද බවද පොලිසිය කියයි.
මෙම අනතුර සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.