(ඉන්දිකා රාමනායක)
නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අයත් රුපියල් 223,916 ක් අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි අධිකරණ කාර්යාලය කාර්ය සහයක නොවැම්බර් 22 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ දිසා අධිකරණයේ විනිසුරු එච්.එම්.ඩී.ආර්. විජයරත්න මහත්මිය අද (15) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත වුයේ දැරණියගල පදිංචි අසංක ගයනාත් නැමැත්තෙකි.
සැකකරු අද පෙරවරුවේ බස්නාහිර පළාත- දකුණ අපරාධ කොට්ඨාසයට පැමිණිමෙන් පසුව පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd