( ක.ග කරුණාරත්න)
පොලොන්නරුව, ප්‍රදේශයේ පදිංචිව සිට මීට මාසයකට පමණ පෙර නිවසින් අතුරුදන් වූ බව කියන 23 හැවිරිදි අවිවාහක ඇඟලුම් සේවිකාවකෙ ඇගේ පෙම්වතා විසින් මරා පුළුස්සා දමා තිබියදී මළ සිරුරේ අවශේෂ අද (12) දහවල් පොලොන්නරුව ලක්ෂඋයන ප්‍රදේශයේ පිහිටි වෙල් යායකින් සොයාගත් බව පුලස්තිපුර පොලීසිය කියයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පොලොන්නරුව, පුලස්තිපුර, බී.ඕ.පී 317 අංක 03 ලිපිනයේ පදිංචිව සිටි ඩබ්ලිව්.එල්.එම්.ඒ.ජී අයේෂා කෞෂල්‍යා (23) යන තරුණියයි.
ඇය පොළොන්නරුව නගරයට නුදුරුව පිහිටි ඇඟලුම් නිෂ්පාදන කම්හලක සේවය කර ඇති බවත් ඇගේ පෙම්වතාද එහිම සේවය කළ විවාහක පුද්ගලයකු බවද හෙළිවී ඇත.
මේ තරුණිය 2019.04.10 වෙනි දින සිට නිවෙසින් අතුරුදන්ව ඇති බවට ඇගේ පියා විසින් පුලස්තිපුර පොලිසියට 2019.04.12 දින පැමිණිලි කර තිබේ.
ඒ අනුව විමර්ශණ සිදුකළ පොලීසිය තරුණියගේ පෙම්වතා බව කියන පොළොන්නරුව සේවාගම ප්‍රදේශයේ පදිංචි විවාහක පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේදී තරුණියගේ ඝාතනය තමන් විසින් සිදුකළ බවට පොලිසියට පාපොච්චාරණය කර ඇත.
තම පෙම්වතිය මරා පුළුස්සා දැමූ ස්ථානය සැකකරු විසින් පෙන්වීමෙන් අනතුරුව ඒ මල සිරුරේ අස්ථි කැබැලි ඇතුළු අවශේෂ අද (12) දිනයේ සොයා ගැනීමට හැකිවූ බව විමර්ශණ කටයුතු කරන පොලිස් නිලධාරීහු පැවසූහ.
ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු අද (12) සවස පැවැත්වීමට නියමිතව තිබේ.
පුලස්තිපුර පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.


2025 දෙසැම්බර් මස 16
53
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
848
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අතුරුදන් වු තරුණියගේ සිරුරේ කොටස් කුඹුරකින් සොයා ගනී