(දීපාල් ද සිල්වා)
අම්බලන්ගොඩ රන්දොබේ මුහුදු තීරයේ තිබී පෙරේදා (15) හමුවූ පාවහන් යුගලෙහි, බෑගයෙහි සහ දුරකතන හිමිකාරියගේ මළ සිරුර ඊයේ(16) සවස සොයා ගත්බව අම්බලන්ගොඩ පොලිසිය පැවසීය.
අතුරුදන් වූ තරුණියගේ මළ සිරුර මුහුදේ ඇතැයි යන සැකය අනුව ගාල්ල නාවික හමුදාව, අම්බලන්ගොඩ පොලිසිය සහ ප්‍රාදේශවාසීන් එක්ව කළ සෝදිසි කිරීම් අනුව මළ සිරුරු සොයාගෙන ඇත.
මිය ගිය තැනැත්තිය දොඩන්දුව, කටුදම්පෙ, හේනවත්ත පදිංචි නිෂාරා සිතුමිනි ගුණසිංහ නැමැති 18 හැවිරිදි යුවතියක බව හෙළි වී ඇත.
මිය ගිය තැනැත්තියගේ පවුලේ සාමාජිකයන් පැවසුවේ ඇය ඉකුත් 15 වැනිදා උදේ ගොනාපිනුවල ඇඟලුම් කම්හලේ සේවයට යාමට නිවසෙන් පිටව ගිය බවයි.
අම්බලන්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ රත්තරන් පුතේ වැඩට ගිය ඔයාට මොකද වුනේ. අපේ රටේ තරුණ ජීවිත සියලු දෙවියන් රැකදේවා.