IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අත්අඩංගුවට ගත් දෙමළ ප්‍රාදේශීය මාධ්‍යවේදියා ශරීර ඇප මත නිදහස්

(රොමේෂ් මධුෂංඛ)
 
මුලතිව්හි පැවති උද්ඝෝෂණයකදී නාවික හමුදා සෙබළෙකුට පහරදුන්නේයැයි අත්අඩංගුවට ගත් දෙමළ ප්‍රාදේශීය මාධ්‍යවේදියා මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලක්ෂයක ශරීර ඇපයක් මත නිදහස් කිරීමට මුලතිව් වැඩ බලන මහේස්ත්‍රාත් ටී. පරංජෝති මහතා නියෝග  කළේය.
 
මුලතිව්හි ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වන ෂන්මුගම් තවසීලන් මහතා මෙසේ අත්අඩංගුවට ගෙන මුලතිව් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
 
රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත ඔහු මුදා හැරීමටත් නඩුව අප්‍රේල් මස 30 වනදා දක්වා කල් තැබීමටත්  මුලතිව් වැඩ බලන මහේස්ත්‍රාත් ටී. පරංජෝති මහතා නියෝග  කළේය.
 
මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබූ බවත්, එහිදී නාඳුනන පුද්ගලයෙකු විසින් ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත් නිසා අතුරුදහන් වූවන්ගේ ඥාතීන් එම පුද්ගලයාගෙන් අනන්‍යතාවය තහවුරු කිරීමට යාමේදී ඔහු පුද්ගලයා පලායාමට උත්සහ කළ බවත් මුලතිව් ප්‍රාදේශීය මාධ්‍යවේදී ෂන්මුගම් තවීසීලන් කියා සිටියේය.
 
එම පුද්ගලයා පසුපස හඹා ගොස් අල්ලා තොරතුරු විමසීමේදී ඔහු නාවික හමුදා සෙබළෙකු බව තහවුරු වූ බවත්, තමන් ළඟම පිහිටි නාවික හමුදා කඳවුරකට ගොස් පොලිස් නිලධාරීන්ට ඔහුව භාර දුන් බවත් නාවික හමුදා සෙබළා විසින් පහර දුන්නේ යැයි පවසා රෝහල්ගතවීමත් එම සෙබළා පොලිසියට භාරදුන් තමන්ට අවසානයේදී අධිකරණයට යාමට සිදුවූ බවත් ඔහු පැවසීය.
 
අදාළ සිදුවීම සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

 

 



අදහස් (0)

අත්අඩංගුවට ගත් දෙමළ ප්‍රාදේශීය මාධ්‍යවේදියා ශරීර ඇප මත නිදහස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site