(අජිත්ලාල් ශාන්තඋදය)
කුරුවිට වළදුර ප්‍රදේශයේ ඉඩමක අතහැර දමා තිබූ අරක්කු කාලක් සහ බියර් බෝතලයක් කලවම් කර පානය කළ තිදෙනෙකුගෙන් එක් අයෙකු අද (09) මියගොස් ඇතැයි පොලිසිය පැවසීය.
සිද්ධියට මුහුණ දුන් අනෙක් දෙදෙනා රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය අසාධ්‍ය බව රත්නපුර මහ රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.
තරුණයින් තිදෙනෙකු මෙම අරක්කු කාල සහ බියර් බෝතලය දැක එය රැගෙන ගොස් කලවම්කර පානය කර ඇති බවත් පසුව ඔවුන් සිහිසුන්ව ඇදවැටී ඇති බවත් පොලිසිය පැවසීය.
ඔවුන් වැටි සිටිනු දුටු අයෙක් පොලිසියට කළ දැනුම්දීමක් මත පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇති බවත් පසුව ප්‍රදේශවාසීන් සමඟ එක්ව මෙම තරුණයින් තිදෙනා රෝහල් ගතකර ඇති බවත් පොලිසිය පැවසීය.
තරුණයින් තිදෙනාගෙන් එක් අයෙක් රෝහල වෙත රැගෙන යන අතරතුරදී මියගොස් ඇති බවත් අනෙක් දෙදෙනා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට ඇතුළත් කළ බවත් පොලිසිය කීය.
2025 දෙසැම්බර් මස 18
62
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
135
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අතහැර දමා තිබූ බියර් - අරක්කු කලවම්කර පානය කළ අයෙක් මරුට
liyanage Monday, 09 March 2020 06:21 PM
ඔය ඉඩම කොල්ලො අරක්කු ගහන්න පාවිච්චි කරන පාලු ඉඩමක් වෙන්නැති. හැමදාම අරක්කු බෝතල්,බියර් ටින් විසි කරල ඉඩම වනසන නිසා අයිති කාරයා වහ දාලා අරක්කු කාලකුයි, බියර් එකකකුයි තියන්න ඇති. කරුමෙ තමා.
ravi Monday, 09 March 2020 09:53 PM
ඇති යාන්තන් ඔයින් ගියා ...