(පාලිත ආරියවංශ)

 
අවුරුදු 8 ක මිනිබිරියට අතවර කළැයි සැකපිට  69 හැවිරිදි සීයා  ස්ත්‍රී දූෂණ චෝදනාව  යටතේ අද(27) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය  පවසයි.
 
වසර 2 ක පමණ කාලයක්  තිස්සේ මෙම දැරිය අතවරයට පත්ව ඇති බවද විමර්ශනවලදී අනාවරණය වූ බව  පොලිසිය සඳහන් කරයි.
 
දැරිය වෛද්‍ය පරික්ෂණයකට  ලක් කර තිබේ.
 
බණ්ඩාරවෙල පොලිසිය  වැඩිදුර විමර්ශන සිදුකරයි.