IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘තමා නිවැරදි යැයි ඔප්පු කිරීමට මහින්දට දැන් කාලය ඇවිල්ලා‘


‘එක ඩොලරයක් හෝ තමා  වංචා කර ඇත්තනම් හිසට වෙඩි තබා ගන්නා බව  පැවසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තමා නිවැරදි බව ඔප්පු කිරීමට නම් එය සිදු කිරීමට කාලය එළැඹ ඇති බව   වාරිමාර්ග, ජලකළමනාකරණ හා ආපදා කලමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.‘


සිය පුතා වන යශෝධ රංගේ බණ්ඩාරගේ රිය අනතුර සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා කරන ආකාරයෙන් ඔහුගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි සඳහන්  කරමින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ගොස් නැවත පැමිණෙ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අමාත්‍යවරයා  කරන මුල්‍ය වංචා චෝදනාව පිළිබඳව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා  සඳහන් කළේය.

‘මහින්ද රාජපක්ෂ මහතා චීන් සංචාරයකදී කිව්වා එක ඩොලරයක් හරි සම්බන්ධයෙන් ඔහු වංචා කරලා  ඇති බවට ඔප්පු කළොත්  හිසට වෙඩි තියා ගෙන මැරෙනවා කියලා.මෙය පළ වුණේ ලංකාවේ පුවත්පතක නොවයි. ලංකාවේ පුවත් පතකපළ වුණා නම් කියන්න තිබුණා මාධ්‍ය කරපු කූඨ සෙල්ලමක් කියලා.නමුත් මේක කියලා තිබුණේ ඇමෙරිකාවේ පත්තරයක.එයාලට අවශ්‍යතාවක් නෑ මේ මූල්‍ය වංචාවක් ගැන කතාකරන්න. එහෙම නෑනේ.එහෙනම් පැහැදිළි වෙනවා චීනයත් එක්ක එකතුවෙලා කරපු ඩීල් එකෙන් ලංකාවේ මුදල් අව භාවිත කළා කියලා.එය ඉතා පැහැදිලියි. රාජපක්ෂ මහත්තයා ඊට පිළිතුරු දෙන්න නම් වෙඩි තියාගන්නම ඕනි.ඒකෙන් තමයි සමාජයට ඔහු සත්‍ය පුද්ගලයෙක් වෙන්නේ‘ යනුවෙනි.


එහිදී  සිය පුතා වන යශෝධ රංගේ බණ්ඩාර  සම්බන්ධයෙන් මේ වන විට පැන නැඟි ඇති ගැටළු පිළිබඳ අදස් දැක්වු අමාතවරයා සඳහන් කළේ කිසි විටෙකත්  සියා පුතා රජයේ දේපොළ අවභාවිත නොකළ බවත් ඔහුගේ රාජකාරී වාහනය මෙලෙස අනතුරුට පත්වු ඇති බවත්ය. එසේ වී තිබියදිත්  ඔහු තමාගේ පුතා වීම නිසා පොලීසිය වෙනත්ම අයුරකින් මේ කරුණ සම්බන්ධයෙන් කටයුතු කරන බවද චෝදනා කළේය. එසේම මේ සිද්ධියේදී අධිකරණය දෙනු ලබන තීන්දුවකට හිස නමා ආචාර කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.


(වීඩියෝ  සහ ඡායාරූප - ලහිරු හර්ෂණ)

 (36698)



අදහස් (15)

‘තමා නිවැරදි යැයි ඔප්පු කිරීමට මහින්දට දැන් කාලය ඇවිල්ලා‘

Raveendra Friday, 29 June 2018 12:44 PM

අනේද කියන්නේ...? සුදුරෙදිවලින් වහගෙන යස අගේට කතාව නේද? තැඹිලි වතුරත් උණු කරලා නිවලා වොඩ්කා බෝතලේ දාගෙන යන කෙනෙක් කියන බයිලා..

:       710       884

Raveendra Friday, 29 June 2018 12:51 PM

අනුන්ගේ රෙදි සෝදසෝදා ඉන්නේ නැතිව තමන්ගේ කිළුටු වෙච්ච, අසුචිවලින් නාගත්ත රෙදි ටික හෝදගත්තා නම් හොඳයි නේද?

:       60       312

Raveendra Friday, 29 June 2018 01:11 PM

අනුන්ගේ කුණු ගැන සොයා බලන්නේ... තමන්ගේ කුණු ගොඩ වසා තබන්නේ.... වොඩ්ක බෝතලේ වතුර තිබෙන්නේ.... රංගයා බොරුවට රඟමින් ඉන්නේ....

:       41       192

Raveendra Friday, 29 June 2018 01:36 PM

මහින්ද හොඳ බව අපි නැත කිව්වේ... වොඩ්ක බෝතලේ වතුරණේ කිව්වේ... රංගයා මේ බව ලංකාවම කිව්වේ... ලබන සැරේ අනේ ඇඩ්රස් නැහැනේ....

:       0       432

chathuri Friday, 29 June 2018 04:00 PM

හොරු කොහොමත් කියන්නේ ඔයවගේ කතා... ලංකාවේ නීතිය ක්‍රියපිළිවෙල දන්නා නිසා මහින්ද දන්නවා. හොරෙන්. කෑවට. අල්ලන්න අමාරුයි කියල නම ගිය හොරුන්ගේ ෆයිල් හංගපු කෙනෙක්... කෝ ඔප්පු වුනාද?

:       0       124

senarath Friday, 29 June 2018 04:02 PM

මහින්ද ගැන කියපු කතාවලට රැවටුණු ජනතාව අද පසුතැවෙනවා. ඒ නිසා පොඩි ඡන්දෙන් මහබැංකු හොරුන්ට හොඳ පාඩමක් ඉගැන්නුවා. මහින්ද මේ ආණ්ඩුවේ මහ හොරු වගේ හොරකම් නොකළ බව ජනතාව දන්නවා. අද ජනතාව බලාගෙන ඉන්නේ මහබැංකු හොරුන්ට දෙන දඬුවම දෙස. ඒ දඩුවම් ලැබිය යුත්තේ මහේන්ද්‍රන්ලාට විතරක් නෙමෙයි. ඔවුන්ව ඒ සඳහා උපදෙස් දී පොලඹවපු උදවියටත් එක්කම. එ්කෙන් අද රටේ ආර්ථිකය ආගාධයටම වැටිලා. තමන් නිර්දෝෂී බව පෙන්වන්න වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවේ ප්‍රබලයන්ටයි. මහින්දට නෙමෙයි.

:       495       604

senarath Friday, 29 June 2018 05:30 PM

පුතාට කොහොමද "රාජකාරි වාහනයක් " ලැබෙන්නේ . එයා මන්ත්‍රී කෙනෙක්ද ? එහෙම නැත්නම් විධායක ශ්‍රේණියක කෙනෙක්ද ? නැහැනේ .

:       0       2

Sakwithi Saturday, 30 June 2018 05:53 AM

අනුන්ගේ නම්බුව ගැන කියන්න කළින් තමන් ගැන හොයාබලන එක තමයි වටින්නේ. කාගෙත් නොම්මරේ රටම දන්නවා.

:       0       371

shan saudi Saturday, 30 June 2018 06:47 AM

එ්කට තමා උදයංගට එන්න කියලා තියෙන්නේ මොකද? නිධන් ගන්න බිල්ලක් දෙන්න ඕනේ නැහැ. නිධානේ අරන් ඉවරයි. නමුත් පමාවෙලා හරි බිල්ල දෙන්නම වෙනවා. දැන් ලඟදීම බිල්ල දීලා නිදහස් වෙයි.

:       88       135

Maheshika Saturday, 30 June 2018 11:06 AM

ඔන්න නැට්ටේ හිටන් ගොම. ගිහින් හෝදගෙන ආවානම් අනුන්ගේ ඒවා ගැන කතා කොරන්න කලින්. මේ අයට රැවටෙන අය තවත් අපේ රටේ ඉන්නවද හැබෑට. තමන්ගේ රට අවතක්සේරු කරලා අමෙරිකාවේ පත්තරේට කොහේදෝ යන කෙනෙක් ලියපු එකක් ඉහළින්ම පිළිගන්න තරම් මොනතරම් දේශද්‍රෝහීන්ද? අපේ රටේ පිළිගන්න බැරි දේවල් පත්තරේ යනවා නම් ඔය පාර්ලිමේන්තුවේ ඉන්නහොර රැළත් ඒවාට වගකියන්න ඕනෑ. මේ අයගේ මූණවල් පත්තරේක දැක්කම දවසම කාලකන්නි වෙනවා...

:       0       372

Banda Sunday, 01 July 2018 11:54 AM

ඕක පුත්තලම් බූරුවන්ට නම් කිව්වට කමක් නෑ... මොලේ තියෙන මිනිස්සු වොඩ්කා වතුර කියලා බොන්නේ නෑ................

:       0       1

Bamunuarachchi Sunday, 01 July 2018 03:46 PM

ඔහෙලගේ ඔය වගේ කතාවලට පිළිතුරු ලියන අපි මෝඩයෝ... ඔය කතාව කියන්න කලින් සමහර විට ඔය ගැන මහින්ද මහතා සමග කතා කරන්නත් ඇති... කැන්ටිමේ එක මෙසේ ඉඳන් තේ බීලා දැන් බොරුවට මෙතන කියවනවා. අපිත් පක්ෂවයි විරුද්ධවයි මෙහෙ ලියලා ලේ පුච්චාගෙන ලියනවා.

:       0       1

Hethuhamy Sunday, 01 July 2018 08:01 PM

දෙසපලුවෝ කවද්ද ඇත්තක් කිව්වේ. බලයට එනකම් කෙරුවේ ජනතාව බොරුවෙන් රවට්ටපු එක..

:       0       0

sudesh Monday, 02 July 2018 03:44 AM

ආයි වෙන මුකුත් අවශ්‍ය නෑ මේ කමෙන්ට්ස් හොදටම ඇති බඩ කපාගෙන මැරෙන්න රංගෙට

:       0       0

prakaash Monday, 02 July 2018 04:39 AM

පොලිසියයි දේශපාලනයෙනුයි දෙකෙන්ම රට කන අයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 193 4

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1186 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 969 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2319 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2166 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3693 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 330 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site