(සිරංගිකා ලොකුකරවිට)
විද්‍යාත්මක ක්‍රමයක් ඔස්සේ සිදු කළ මෙම නව කැබිනට් සංශෝධනය තුළින් මීට පෙර වතාවලට වඩා ඵලදායී සේවාවක් රටට සිදුකිරීමට හැකිවන බව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ අද (01) ගාල්ල ලබුදූව දක්ෂිණපාය පිහිටි දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාශ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ මත ගැටුම් පැවතියද සම්මුතිවාදී රජය වඩාත් ශක්තිමත් මාවතක් ඔස්සේ ගමන් ආරම්භ කරණු ඇති බවට විශ්වාස කරන බවයි. පළාත් පාලන ඡන්දය ජයග්‍රහණය කළ බවට පවසන පක්ෂය ලබාගෙන ඇත්තේ සමස්ථ ඡන්ද ප්‍රථිපලයෙන් සියයට හතලිහක් බවත් වැඩි බහුතරයක් එනම් සියයට හැටක ප්‍රමාණයක් ඔවුන්ට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති බවත් එමනිසා එය සැබෑ ජයග්‍රහණයක් නොවන බවත් අමාත්‍යවරයා පැවසීය.
එහිදී ප්‍රධාන අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,
"බොහෝදෙනා ඉල්ලන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක්. ඒත් මුලින් තියන්නේ ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය තියන්නේ දෙවැනියට, මුලින් පවත්වන ජනාධිපතිවරණයේ ප්‍රථිපලය තමයි පාර්ලිමේන්තු මැතිවරණයේත් ප්‍රධාන සාධකය වන්නේ. නැවතත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්නේ නැති බව වත්මන් ජනාධිපතිවරයා පවසා තිබුණත් පක්ෂ නායකයා හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණයට එකඟ වීමට ජනාධිපතිවරයාට සිදු වේවි.
කොහෙම උනත් පක්ෂයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් හොඳම, ප්‍රබලතම හා සමස්ථ රටටම කථා කරන්න පුළුවන් එකම නායකයා මෛත්‍රීපාල සිරිසේන මහතා විතරයි. වෙන අයට එක එක කොටස් වලට කථා කරන්න පුළුවන් ඇති. නමුත් රටක නායකයෙක් වුණාම පොදුවේ සියලු දෙනාටම ආමන්ත්‍රණය කළ යුතු වෙනවා. කවුරු කොහොම කීවත් සිංහල බෞද්ධ ඡන්ද වලින් විතරක් ජාතික මැතිවරණයක් දිනන්න බැහැ.
යහපාලන රජය හා සම්මුතිවාදී ආණ්ඩුව සම්බන්දව විවේචන තිබුණත් රජය ජනතා හිතවාදී මාර්ගයක ගමන් කරමින් සිටිනවා. ඕනෑම කෙනෙකුට පිටින් ඉඳගෙන විවේචන සිදුකල හැකියි. ඒත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම දුෂ්කරයි. පාලන බලය ලැබුණත් පාලනය ගෙනයෑම හරිම අමාරුයි."
මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා
අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ
අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග
මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘ නව කැබිනට් සංශෝධනයෙන් ඵලදායී සේවයක් කළ හැකියි‘ - ශාන් විජේලාල්
දිලුම් Tuesday, 01 May 2018 11:20 AM
ඵලදායිතාව අපි හොදට දන්නවා. අපිට ඕව දැං අහල ඇති වෙලා.
Wasantha Wednesday, 02 May 2018 03:49 AM
ඔය කියන මහ ඇමතිට ලබන සැරේ පළාත් සභාවටවත් තේරෙන්න බැරි වෙනවා.