IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


හෝටල්වල කුස්සි දැක්කොත් මිනිස්සු එවායේ කන්නේ නෑ

ජගත් පාරිභෝගික දින සමුළුවේ දී ජනපති කියයි

(බිඟුන් මේනක ගමගේ)

ලංකාවේ බොහෝ හෝටලවල කුස්සි දුටුවහොත් මිනිසුන් ඒවායෙන් කෑම කන්නේ නැතැයි ද ප්‍රමිතියෙන් හා ගුණාත්මකභාවයෙන් යුතු ආහාර වෙළෙඳපොළට නිකුත් කිරීම අද වනවිට මනුෂ්‍යත්වය පිළිබඳ  දක්වා වර්ධනය වී ඇතැයි ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කොළඹ, නෙළුම්පොකුණ රඟහල් ශ‍්‍රවණාගාරයේදී පෙරේදා (15) පැවැසීය.

මිනිසුන් පරිභෝජනය කරන භාණ්ඩවල ප‍්‍රමිතිය හා ගුණාත්මකභාවය රටක සංවර්ධනය මනින මිණුම් දණ්ඩක් යැයි කී ජනාධිපතිවරයා ඒ කෙරෙහි අවධානය යොමුකිරීම නිෂ්පාදකයාගේ පාරිභෝගිකයාගේ පමණක් නොව සමස්ත සමාජයේම වගකීමක් යැයි ද කීය.

පාරිභෝගික කටයුතු ඩිජිටල් යුගයකට අවතීර්ණ වුවද මිනිසුන් අතර සිටින නොමිනිසුන් එම තාක්ෂණය සමාජ පරිහානියට යොදාගනිමින් සිටින්නේ යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස පළ කළේ ජගත් පාරිභෝගික දිනය නිමිත්තෙන් කොළඹ 7, නෙළුම්පොකුණ රඟහල් ශ‍්‍රවණාගාරයේ පැවැති පාරිභෝගික සේවා සඳහා සමාජ ජාල හඳුන්වා දීමේ උළෙලට සහභාගි වෙමිනි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සංවිධානය කළ මෙම උළෙලේදී පාරිභෝගික සේවා සඳහා සමාජ ජාල හඳුන්වා දීමේ අරමුණෙන් පැවැත් වූ වීඩියෝ තරඟාවලියේ ජයග‍්‍රාහකයන්ට ත්‍යාග හා සහතික පත් පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදුකෙරිණි.

වීඩියෝ තරගාවලියේ පළමු ස්ථානය දිනාගත් සංජීව දේවප‍්‍රිය සමරකෝන්, දෙවැනි ස්ථානය දිනාගත් විධුරංගන නිශ්ශංක, තෙවැනි ස්ථානය දිනාගත් මධුරංග ප‍්‍රභාෂ්වර හා කුසලතා මට්ටමින් අදීෂ වීරසුන්දර යන මහත්වරුන්ට එම ත්‍යාග හා සහතික ප‍්‍රදානය කෙරිණි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා උළෙලේ පිළිගැනීමේ කතාව කළ අතර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එහිදී මෙසේ ද කීය.

ජාත්‍යන්තර පාරිභෝගික දිනය සමරමින් පාරිභෝගික අධිකාරිය මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීම ගැන මා ඉතා සතුටු වෙනවා. පාරිභෝගික අධිකාරිය වගේම වාණිජ කටයුතු, මුදල් හා සෞඛ්‍ය යන අමාත්‍යංශත් පාරිභෝගිකයා ගැන වගකීම් රාශියක් දරනවා. මා නම් සඳහන් නොකළ තවත් අමාත්‍යංශ රාශියක් මේ වගකීම් සමඟ බැඳෙනවා. භාණ්ඩයක ප‍්‍රමිතිය ගුණාත්මකභාවය පාරිභෝගිකයන්ට ඉතා වැදගත්. මේ සියල්ලේ අරමුණ වඩාත් නීරෝගීමත් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමයි. රටක සංවර්ධනය මැනීමේ මිණුම් දණ්ඩෙහි ප‍්‍රධාන විෂයක් වන්නේ පරිභෝජනය කරන දේවල පිරිසුදුභාවය ගුණාත්මකභාවය හා ප‍්‍රමිතියයි. එහෙත් අපේ රටේ ආහාර හා භාණ්ඩ වෙළෙඳපොළ ගැන කතා කළොත් නිෂ්පාදකයා කොතෙක් දුරට තම වගකීම් ඉටුකරනවාද යන ප‍්‍රශ්නය තිබෙනවා.

අපේ වෙළෙඳපොළ තත්ත්වය කුමක්ද කියලා අද වනවිට මේ රටේ සියලූම දෙනා දන්නවා. නමුත් සෑමවිටම නීතියෙන් හෝ ව්‍යවස්ථාපිත බලයෙන් රජයක් මේ දේවල් කළමනාකරණය කරනවාට වඩා පාරිභෝගිකයාට නිෂ්පාදන සපයන සියලූ දෙනාට ඒ හා බැඳුණු මානුෂික වගකීමක් තිබෙනවා. මනුෂ්‍යයකු හැටියට සිතා බලා මනුෂ්‍යත්වයට තැන දී කටයුතු කරනවා නම් මෙවැනි ප‍්‍රශ්න අවම කරගතහැකියි. පාරිභෝගිකයකු සෑමවිටම ව්‍යාපාරිකයකු නොවුණත් ව්‍යාපාරිකයකු සැමවිටම පාරිභෝගිකයකු වන බව අමතක කරන්නෙපා යැයි පාරිභෝගික අධිකාරියේ සභාපතිතුමා තම කතාවෙදි කිව්වා. එය ඉතාම නිවැරැුදියි.

කොළඹ නගරයේ සිට ලංකාවේ සෙසු නගර ගම් දක්වා බොහෝ හෝටල් සහ ආපනශාලාවල කුස්සිය පැත්තට ගියොත් බොහෝ දෙනෙකුට ඒවා කන්න හිතෙන්නේ නෑ. පාරිභෝගික අධිකාරිය කරන වැටලීම්වලදි මේ යථාර්ථය අපි නිතර දකිනවා. පහුගිය අවුරුද්දේ කළ එවැනි වැටලීීමකදී රොටි හදන මනුස්සයා රොටි ගොඩක් එයාගෙ ඔළුවේ තියාගෙන කුස්සියේ නිදිලූ. හොඳ රස රොටි කියලා අපි කන්නේ මේ කෑමයි. මෙහෙම වෙද්දී මේ රටේ මිනිස්සු ඉතුරු වෙන එක ලොකු දෙයක්. පාරිභෝගික භාණ්ඩ පිළිබඳ ප‍්‍රශ්නය අද වනවිට මුළු ලෝකයටම පොදුයි. ජගත් පාරිභෝගික අයිතිවාසිකම් දිනයක් වෙනම ප‍්‍රකාශයට පත්කරලා තිබෙන්නේ මෙවැනි ප‍්‍රශ්න සියලූ සමාජයන්හි තිබෙන නිසයි.

පාරිභෝගික කටයුතු සම්බන්ධ ප‍්‍රශ්නවලදී ආයතනික වශයෙන් කරන වැඩවලදී සීමිත නිලධාරින් පිරිසකට සියල්ල අධීක්ෂණය කරන්න බෑ. ඒ නිසා මනුෂ්‍යත්වය පිළිබඳ ප‍්‍රශ්නයක් මෙතැන තිබෙනවා. අද තාක්ෂණික ලෝකයේ පාරිභෝගිකයන් සිටිද්දී අපිට දියුණු ගතිගුණත් තිබිය යුතුයි. එහෙත් තාක්ෂණයෙන් වඩා අයහපත් දේ සිදුවීම කනගාටුදායකයි. පරිගණකය අන්තර්ජාලය බිහිකළ විද්‍යාඥයා මේ සියල්ල සැකැසුවේ වඩා යහපත් ලෝකයක් වෙනුවෙනුයි. එහෙත් මිනිසුන් අතර සිටින නොමිනිසුන් ආහාරවලට වගේම මුළු මහත් මිනිස් සමාජයේම පරිහානියට එය යොදාගනිමින් සිටිනවා. තාක්ෂණය සමඟ බැඳුණු පාරිභෝගිකයා, ව්‍යාපාරිකයා, නිෂ්පාදිකයා ඇතුළු පොදු ජනතාව මේ සියල්ල ගැන අවධානය යොමුකළ යුතුයි.

කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාද් බදියුදීන්, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප‍්‍රනාන්දු, කර්මාන්ත හා වාණිජ රාජ්‍ය ඇමැති චම්පිකා පේ‍්‍රමදාස හා එම අමාත්‍යංශයේ ලේකම් චින්තක එස්. මුතුහෙට්ටි යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (10)

හෝටල්වල කුස්සි දැක්කොත් මිනිස්සු එවායේ කන්නේ නෑ

alugolla Friday, 17 March 2017 11:43 PM

කුස්සි අපිරිසිදුනම් වරද පාලකයන්ගේ. මෙසේ සිදුවන්නේ අදාළ නිලධාරීන් තම රාජකාරි පහර හරින නිසාය. මේවා පිස්සු කතා.

:       0       5

saman Saturday, 18 March 2017 04:35 AM

කතාව නම් දෝලාවෙන්. ගමන පයින් ....

:       6       50

shantha Saturday, 18 March 2017 08:05 PM

කුස්සි විතරක් පිරිසිදු කරලා වැඩක් නැහැ. රටේ කෑම හදන අයගේ ඔලුත් පිරිසිදු කරන්න ඕන. මොකද මුදලට ගිජුව කෑමවල තත්වය දවසෙන් දවස බාලවෙනවා. දැනටමත් බාල පරම්පරාව අපේ ලාංකික කෑම හා රසය ගැන දන්නේ නැහැ. මොකද පරිප්පු වඩේ හා උළුඳු වඩේ වලට පරිප්පු හා උළුඳු දමන්නේ අපි මාළුවට උම්මලකඩ දානවා වගේ . අනිත් ඒවත් එහෙමයි. කාට කියන්නද මේ අවනඩුව

:       0       0

වන්නිනායක Sunday, 19 March 2017 04:36 PM

මේවා ගැන කිය කිය ඉන්නේ නැතුව ඔබතුමාලම නීති දාල ක්‍රියාත්මක කලානම් නේද හොඳ?.

:       0       6

athula Sunday, 19 March 2017 11:50 PM

හොරු සමග හොරු ඉතින් කාට කියන්නද මේ අව නඩු ?

:       0       0

ඔබා Monday, 20 March 2017 12:24 AM

ආනයන වලටත් ප්‍රමිතියක් තිබියයුතුයි මිරිස්‌ වල ඇෆ්ලොටෝක්සින් සහල් වල විස රසායන කරවල වල හිස්ටමින් කිරි වල කිරි මේදය ගලවාගෙන කහ වල කර්කියුමින් ගලවාගෙන ගොරකාවල රසායන ගලවගෙන සෝයා කියන්නේ ජී එම් පුනනක්කු කල් ඉකුත් චොකලට්

:       0       0

sanjeewa Monday, 20 March 2017 08:47 AM

හොඳ සින්දුවක් මතක් වුනා. ' බයිලා වලින් රට හොල්ලපු බයිලා චැම්පියන් '

:       0       13

quintus perera Tuesday, 21 March 2017 10:11 AM

මුළු කොළඹ නගරයම අක්‍රීය වෙද්දී උද්ඝෝෂකයන්ට ගිය රටක අප ලබන යහපාලනයේ අරුත කුමක්දැයි යහපාලනය ගෙන ඒමට කැප වූ ජනයාට සිතේ

:       0       0

kumar (galf) Wednesday, 22 March 2017 09:44 AM

ඔබතුමා සෞඛ්‍ය ඇමති කාලේ ඕවා බලලා සුද්ද කළා නම් අද මේ වගේ වෙන්නේ නෑ.

:       0       21

siripala Thursday, 23 March 2017 09:58 AM

කියන්න නම් අපටත් පුළුවන් ජනාධිපතිතුමෝ .. කියව කියව ඉන්නේ නැතුව වැඩක් කලොත් නේද හොද ???

:       0       1

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 208 5

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1190 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 982 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2323 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2169 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3694 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site