IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මේ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ගේ අයිතියත් උදුරාගෙන

(නාලක සංජීව දහනායක)

මහජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීමේදී නිරායුද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිලි කරන බව ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (12) පැවසීය.

ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සූදානම් කරමින් පවතින බවද මන්ත‍්‍රීවරයා කීවේය.

බොරැල්ල, ආචාර්ය ඇන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී ඒකාබද්ධ විපක්‍ෂය ඊයේ (12) පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මන්ත‍්‍රීවරයා එසේ කීය.

දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.

ජාතික සම්පත් විකිණීමට එරෙහිව හම්බන්තොට පැවැති උද්ඝෝෂණයට සහභාගී වූ මාධ්‍යවේදියාට පහරදීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය විරෝධය පළ කරනවා. ඒ පහර දීමෙන් ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම්වලට බලවත් තර්ජනයක් එල්ල වුණා. එමෙන්ම මේ පහර දීමට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සංගමයත් රජයට අනතුරු හැඟවීම් කර තිබෙනවා. මෙම පහරදීම සිදුකළ නිලධාරියාට එරෙහිව තවමත් නීතිය ක‍්‍රියාත්මක කර නැහැ. රජය ඔහුට එරෙහිව වහාම නීතිමය ක‍්‍රියාමාර්ග ගත යුතුයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කියන්නේ මහජනතාවගේ නියෝජිතයන්. මහජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීමට ඔවුන්ට අයිතියක් තිබෙනවා. නමුත් මෙම රජය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට තිබෙන එම අයිතිය උදුරාගෙන තිබෙනවා. ඒ අනුව ජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් පෙනීසිටීම නිසා නාමල් රාජපක්‍ෂ, ප‍්‍රසන්න රණවීර ඞී.ඞී. චානක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් තිදෙනාත් පළාත් සභා මන්ත‍්‍රීවරුන් තිදෙනෙකුත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිරායුධ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවීම සම්බන්ධයෙන් අපි ජාත්‍යන්තරයට යනවා. ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සූදානම් කරමින් තිබෙනවා.

හම්බන්තොට උද්ඝෝෂණයට කිසිම සම්බන්ධයක් නැති පුද්ගලයන් විශාල පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තමන්ගේ දරුවා බැලීමට රෝහලට යමින් සිටි 74 හැවිරිදි කාන්තාවක් පවා මේ වනවිට අත්අඩංගුවේ පසුවෙනවා. ඇය කළ වරද ඇයවත් දන්නේ නැහැ. මේ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 34 දෙනෙක් අත්අඩංගුවට පත්ව මෙම රජය නියෝජනය කරන දකුණු පළාතේ අමාත්‍යවරයකුගේ කිට්ටුම ඥාතියෙක්ද මේ වනවිට අත්අඩංගුවේ පසුවෙනවා.

එමෙන්ම රජයේ සේවකයන්ට ලබාදෙන බව පැවසූ රුපියල් දසදහසේ දීමනාව තවමත් ලබාදී නැහැ. දීපවාලි සමරන රජයේ සේවකයන් සඳහා එම මුදල ඉතාම ඉක්මනින් ලබාදෙන ලෙසට රජයෙන් ඉල්ලීමක් කරන බවද පැවසීය.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.   

මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කළ සංවර්ධනයට වඩා වැඩි සංවර්ධනයක් කරන්න, යහපාලනයෙන් අපේ රට සුඛිත මුදිත කරන්න මේ රටේ මිනිස්සු හංසයාට කතිරය ගැසුවා. එදා හංසයාට කතිරය ගැසූ මිනිස්සු අද මූණ හංග ගන්නවා. දවසින් දවස මේ යහපාලන ආණ්ඩුවේ හොරුන්ගේ තොරතුරු එළියට එනවා. බලය ලැබුණු ගමන්ම මේ උන්දලා මහබැංකුව කොල්ලකෑවා. එතැනින් නතර නොවී දැන් මේ උන්දලා ජාත්‍යන්තර බැංකුත් මංකොල්ල කන්න පටන්ගෙන. ඒ නිසා ජාත්‍යන්තරයේ අපේ රට බැංකු කොල්ලකරුවන්ගේ නිජබිමක් ලෙස හංවඩු ගැහිලා තිබෙනවා. මේ යහපාලන ආණ්ඩුව අපේ රටට ලබාදුන් ගෞරව නාමය ඒකයි.

දේශපාලනයේ ඉන්න ද්විත්ව පුරවැසියන් ගැන මේ ආණ්ඩුව ප‍්‍රශ්න කළා. එහෙම ප‍්‍රශ්න කරපු අයම මහබැංකු අධිපතිකමත්, ලිට්ට්‍රෝගෑස් සමාගමේ සභාපති කමත් දීලා තියෙන්නේ විදේශීය පුරවැසියන්ටයි. ඒ විතරක් නෙවෙයි විදේශීය පුරවැසියන්ට දේශපාලන පක්‍ෂ පිහිටුවා ගන්නත් අවසර දී තිබෙනවා. ඒ දේශපාලන පක්‍ෂවලින් මැතිවරණ සඳහා ඉදිරිපත්වීමටත් අවස්ථාවක් දී තිබෙනවා. විදේශීය පුරවැසියන්ට දේශපාලන පක්‍ෂ හැදීම, එවැනි දේශපාලන පක්‍ෂ ලියාපදිංචි කිරීම හා ඒ දේශපාලන පක්‍ෂවලින් මැතිවරණ සඳහා තරග කිරීම ආදිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් අපි ප‍්‍රශ්න කරනවා. මේ ප‍්‍රශ්නවලට එතුමා පිළිතුරු දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

මේ සියලූම පාපතර ක‍්‍රියා අතරේ මේ වසරේ අවසනයේදී එට්කා ගිවිසුම අස්සන් කරන බවත් ඉන්දියානු ආරංචි මාර්ග ඔස්සේ අපිට ආරංචි වෙමින් තිබෙනවා. ඒ අතරදීම බෙදුම්වාදී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගේන්නත් රජය උත්සාහ ගන්නවා. රට දවසින් දවස ප‍්‍රපාතයට යනවා. බුලත් කොළයෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ආණ්ඩුවට කඬේ යන පිරිසයි, රතු අලි පැටවු ටිකයි නිසා මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ 2/3 බලය රැකගෙන ඉන්නවා. බෙදුම්වාදී ව්‍යවස්ථාවේ ඒකීය, සංධීය කියන වචන සම්බන්ධයෙන් කිසිම ගැටලූවක් නැති බව ටිල්වින් සිල්වා කියනවා. ඒ වචන නිසා 88/89 යුගයේ විශාල ජීවිත ප‍්‍රමාණයක් නැති වුණා. එහෙමනම් විජේවීරගේ මතයද, ටිල්වින් සිල්වාගෙ මතයද වඩාත් නිවරැදි කියලා කිවයුතුයි යැයිද පැවසීය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා මෙසේ කීය.

මේ වනවිට බැඳුම්කර මගඩියේ සියලූම තොරතුරු එකින්එක හෙළිදරවු වෙමින් තිබෙනවා. මහබැංකු බැඳුම්කර කොල්ලය ලංකා ඉතිහාසයේ රාජ්‍ය අනුග‍්‍රහයෙන් සිදුවූ විශාලතම කොල්ලයයි. පාර්ලිමේන්තු කෝප්කමිටු වාර්තා දෙකක් මගින් මේ වංචාව සම්බන්ධ තොරතුරු හෙළි කළා. එහෙත් අග‍්‍රාමාත්‍යවරයා බැඳුම්කර වංචාවක් සිදුනොවූ බවට කරුණු දක්වමින් 2015 මාර්තු 17 වැනිදා පාර්ලිමේන්තුවේ කතාවක් කළා.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති කොමිසම මේ වනවිට මාස නවයක් රැස්වී තිබෙනවා. හිටපු මුදල් ඇමැතිවරයාගේ සිට විවිධ පුද්ගලයන් මේ කොමිසමට කැඳවා තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති, මහලේකම්වරයාත් මෙම කොමිසමට කැඳෙවුවා. නමුත් ඔවුන්ගෙන් කිසිම හරස් ප‍්‍රශ්නයක් ඇහුවේ නැහැ. කෙසේ නමුත් දැන් මුළු රටම බලාගෙන ඉන්නේ අගමැතිවරයා මෙම කොමිසමට කැඳවනතුරුයි. එසේ වුවහොත් පමණයි ජනතාවට මේ කොමිසම සම්බන්ධයෙන් විශ්වාසය ඇතිවන්නේ. රුපියල් ලක්‍ෂය, ලක්‍ෂ දෙක වංචාකළ පුද්ගලයන් සිරගතකර සිටියදී බිලියන ගණනිං වංචා කළ පුද්ගලයන් නිදහසේ සිටින බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ කීය.

පළාත් පාළන මැතිවරණය ලබන ජනවාරි මාසයේදී පවත්වන බව රජය ප‍්‍රකාශ කර තිබෙනවා. නමුත් අපිට ඒ සම්බන්ධයෙන් කිසිම විශ්වාසයක් නැහැ. වසර දෙකහමාරක් තිස්සේ පළාත් පාලන මැතිවරණය කල් දැමීම නිසා මේ ආණ්ඩුවට එරෙහිව තමන්ගේ අප‍්‍රසාදය පළ කිරීමට අවස්ථාවක් ලැබෙනතුරු ජනතාව මඟ බලා සිටිනවා. නමුත් ඒ මැතිවරණ සඳහා මුහුණ දීමට අප සූදානම් වෙනවා. ජනතාව වෙනුවෙන් හඬනඟන එකම විපක්‍ෂය අපියි. අපි මේ මැතිවරණ සඳහා වෙනම තරග කරනවා. ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ අනෙකුත් සාමාජික පක්‍ෂ සමඟ අපි මේ වනවිට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

මේ රජය යටතේ ඳුෂණයන්ට සීමාවක් නැහැ. තාක්‍ෂණ කමිටුව විසින් ප‍්‍රතික්ෂේප කරන ජපානයේ ෆුජීකා නමැති සමාගමට මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කොන්ත‍්‍රාත්තුව ලබාදෙන්න රජය කටයුතු කරනවා. එමෙන්ම මහබැංකු කොල්ලයෙන් නොනැවතී තායිලන්තයේ බැංකුත් මංකොල්ල කන්න පටන්ගෙන තිබෙනවා. ඒ මංකොල්ලයෙන් කොටසක් කාම්බෝජයටත්, තවත් කොටසක් ඇමරිකා එක්සත් ජනපදයටත් ලැබී තිබෙන බවට ආරංචි පළවෙමින් තිබෙනවා. මත්තල ගුවන්තොටුපළ විකිණීමෙන් ලැබෙන මුදලින් රුසියාවෙන් යුද නැවක් මිලදී ගැනීමට සූදානම් වෙනවා. මහබැංකු මඟඩිය නිසා පොළී අනුපාතය ඉහළ ගිහල්ලා. මේ අර්බුදවලට විසඳුම ලෙස රජය මුදල් අච්චුගහනවා. ඒ නිසා උද්දමනය ඉහළ යනවා. මේ නිසා ජීවන වියදම ඉහළ ගොස් ජනතාවට ජීවත්වීමට අසීරු තත්ත්වයක් මතුවී තිබෙන බවද පැවසීය.



අදහස් (6)

මේ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ගේ අයිතියත් උදුරාගෙන

Priya Friday, 13 October 2017 07:04 AM

තම පක්ෂයට බලය ලබගැනීම මිස වෙන කිසිම අරමුණක් මෙම අයගේ නොමැත. පසුගිය රජයේ ජේෂ්ට අමැතිවරුන් වන මොවුන් පසු ගිය රජය විසින් කරන ලද සියලුම මෙවන් වැඩ වලදී තම ඡන්දය පාවිච්චි කළ පුද්ගලයෝය.. ජාතික සම්පත් විකිණීම ගැන දැන් කතාකරන දිනේෂ් සහ විමල්, රාජපක්ෂ සමයේ රජයේ සම්පත් විකුණන කල අන්ධ, ගොළු, බිහිරි වී සිටියද? දැන් හැමෝටම ඇඟිල්ල දික්කරන විමල් වීරවංශ පුංචි කොමියුනිකේෂන් සෙන්ටර් එකකින් ලැබූ ලාභයෙන් වසර 10ක් තුල සාධාරණ කෝටිපතියකු වූ ආකාරය ගැන ඔහුට කතාකළ හැකිද? මහජනයාගේ බදු මුදල් හොරාකම් කළ අයට දැන් අප මුලාකල නොහැක. ආණ්ඩුවේ වලිගයේ එල්ලීම අැර මොවුන්ට වෙන විකල්පයක් නොමැත. කව්රු කරත් වැරැද්ද වැරැද්දමය. සියලු වැරදී කරුවන්ට පක්ෂ, පාට තරාතිරම නොබලා දඬුවම් කලයුතුය. රට යහමගට ගත හැක්කේ එවිටය.

:       0       30

Rohana Friday, 13 October 2017 07:59 AM

ඈත්තෙන්ම වෙලා තිබෙන්නේ රටේ සම්පත්, රටේ ධනය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 225 කොල්ල කනවා මාරුවෙන් මාරුවට. මේ පට්ට හොරුටික පන්නමු. මොන තරම් වරප්‍රසාද බුක්ති විදිනවද?

:       1       20

විජිත් Friday, 13 October 2017 08:49 AM

මන්ත්‍රීලා කියලා වෙනසක් බැහැ. රටේ ඕනෑම පුරවැසියෙක් වරදක් කරලා නම් අල්ලලා කුඩුවට දමන්න ඕනෑ. ඒවා පාර්ලිමේන්තු වරප්‍රසාදකියලා මග හරින්න බැහැ. තුන්වන ලෝකයේ රටවල තිබෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ... මන්ත්‍රී හෝ ඇමති මොන ජරා වැඩේ කලත් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවෙලා සැඟවෙනවා... ඔන්න ඔහොම තමයි මේ රටවල අන්ත දූෂිත පාලකයින් පාලනය කරන්නේ. උසාවියේ තීරණයට අභියෝග කරන මේ අයට ඡන්දය දෙන අපි හරිම අවාසනාවන්ත මිනිසුන් වී සිටින්නෙමු... මහලු දේශපාලකයිනේ තව අවුරුදු දෙක තුනකින් කුරියා ගහන්න ඉන්න ඔබලා අපායට තව තවත් ළංවෙමිනුයි ඉන්නේ කියා අමතකද...? දුප්පත්කම ඉහවහා ගොස් සිටින මේ රටේ සමහරු කියන්නේ" මේක මහා ජරා රටක් " කියලා. නමුත් මේ ලස්සන රටේ වරදක් නොවෙයි මේ ප්‍රශ්න.. රටේ පාලනය එදා සිට අද දක්වාම හොර රැලක් විසින් කිරීමයි... ඊළඟ පරම්පරාව පාලනය කිරීමට " හොර " දරුවන් දැනටමත් සුදානම් කර හමාරයි... කවදාහරි දවසක... රටට ඇත්තටම ආදරය කරන ශක්තිමත් නායකයෙක් බිහිවූ කලක අපේ රට ලෝකයේ ලස්සන රටවල් අතරට එක්වේවි. ඒ කියන්නේ තව පරම්පරා දෙක තුනකින් විතර.. එදාට අපි නැතිවුණත් අද අපි හෙලන සුසුම් රැල් මේ ලක්පොලොවේ අහසේ කොහේ හෝ රැඳී තිබේවි..

:       0       29

Raveendra Friday, 13 October 2017 10:02 AM

ප්‍රියා, රෝහණ, විජිත ඔබ සියලුදෙනාගේ අදහස් වල අපද ගරු කරන අතර ඒවා නිවැරදි අදහස්ය.

:       1       67

ලුම්බිණි Monday, 16 October 2017 03:05 AM

ඔබ හැම එක්ක මමත් එකඟයි.

:       0       2

Sugath Monday, 16 October 2017 04:52 AM

ඔබ සැමගේ අදහස් ශ්‍රේෂ්ටයි

:       0       1

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 207 5

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1190 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 980 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2323 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2169 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3694 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site