IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මීතොටමුල්ලේ විපතට පත්වූවන්ට උපරිම සහන දෙන්න

ජනපති උපදෙස් දෙයි

මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් කඩාවැටීමෙන් විපතට පත් ජනතාවට උපරිම සහන සලසන ලෙසත්, එහිදී මුදල් පිළිබඳ කිසිදු ගැටලුවක් ඇතිකර නොගන්නා ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

විපතට පත් පවුල් සංඛ්‍යාව හා හානි වූ දේපළ සම්බන්ධයෙන් නිසි තක්සේරුවක් කර දින පහක් ඇතුළත වාර්තාවක් තමාට ලබාදෙන්නැයි නිලධාරීන්ට උපදෙස් දී ඇති ජනාධිපතිවරයා සියලු කටයුතු ජනතාවගේ චෝදනාවට ලක් නොවන අයුරෙන් කිරීමට සැළකිලිමත් වන්නැයි දැනුම් දී ඇත.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ විපතට පත් ජනතාවට සහන සැළසීමේ අරමුණෙන් ආපදා කළමනාකරණ අමාත්‍යංශයේදී ඊයේ (16) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදීය.

තවදුරටත් අවදානමට ලක්ව ඇති ජනතාව එම ස්ථානවලින් ඉවත් කර ඔවුන් ආරක්ෂිත ස්ථාන කරා කඩිනමින් යොමු කරන්නැයි ද එම යොමුකිරීම් ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් සහිතව සිදුකරන්නැයි ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

මීතොටමුල්ල වී අලෙවි මණ්ඩලයේ ගබඩා තුනක් තාවකාලිකව යොදාගැනීම ගැන මෙහිදී අවධානය යොමුවී ඇති අතර විපතට පත් ප්‍රදේශවාසීන් සෙවීමේ හා මුදාගැනීමේ ක්‍රියාන්විතයේ ප්‍රගතිය ගැන ද කරුණු ඉදිරිපත් වී තිබේ.

මරණයට පත්වූවන්ගේ අවමංගල්‍ය කටයුතු සොයා බලා ඉටුකරන ලෙස ද දින තුනකට වරක් ප්‍රගති සමාලෝචන රැස්වීමක් කැඳවීමට ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

ඒ අනුව මීළඟ රැස්වීම 19 වැනිදා උදේ 8.30 ට ආපදා කළමනාකරණ අමාත්‍යංශයේදී පැවැත්වීමට නියමිතය.
අමාත්‍යවරුන්වන අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, රාජිත සේනාරත්න, පාඨලි චම්පික රණවක, විජයදාස රාජපක්ෂ, ඒ.එච්.එම් ෆවුසි, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් හා ප්‍රසංග සෝලංගආරච්චි යන මහත්වරුන් ද පොලිස්පති, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගීවී සිටියහ.

 



අදහස් (4)

මීතොටමුල්ලේ විපතට පත්වූවන්ට උපරිම සහන දෙන්න

vipula Monday, 17 April 2017 08:18 AM

මින්පසු සමාජ ප්‍රශ්නවලට මැරෙන්න කලින් ක්‍රියාත්මක වෙන්න.

:       0       132

Mahendra Walpola Tuesday, 18 April 2017 08:10 AM

ඔය මුදල මිනිස්සු මැරෙන්න කලින් වියදම් කලානම් ඔය ජීවිත ටික බේරගන්න හිබුන නේද ගරු ජනාධිපති තුමණි. මුදල් පිළිබඳ කිසිදු ගැටලුවක් ඇතිකර නොගන්න තිබුනේ මේ මිනිස්සු මැරෙන්න කලින් නේද ?

:       0       144

da silva berlin Wednesday, 19 April 2017 06:00 PM

මිනිස්සු මැරුණට පස්සේ ගෙවල් දොරවල් කැඩිලා පරිසරය විනාශ උනාට පස්සේ වියදම් කරන්න ඕනේ තරම් මුදල් තිබෙනවා , ඔය විනාශේ වෙන්න ඉස්සෙල්ල කුණු ටික ප්‍රතිචක්‍රීකරණය කරන්න මුදල් යෙදෙවුවනම් නේද හොඳ පරිසර ඇමතිතුමනි , අර රනිල් සහ සාගල විතරක් කුණු කන්ද ලඟට යැවුවේ පරිසර ඇමතිතුමාට තවම බැරි වුනාද එහෙ ගිහින් තත්වය විමසල බලන්න , අලුත් සහල් මංගල්ල , සහ මගුල් ගෙවල් වැනි උත්සව වැනි දේවල් කුණු සහ ඒවාට යටවෙලා මැරුන මිනිස්සුන්ට වැඩිය කොහොමත් වැදගත්නේ ?

:       0       0

Avaran Wednesday, 17 May 2017 12:28 PM

අර මැති ඇමතිලට වාගේ කෝටි 3ක් විතර වාහනයක්?

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 191 4

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1185 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 969 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2319 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2166 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3693 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site