IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ආසියාකරයට පාඩම් උගන්වන්න ආ බටහිර ජාතීන් දැන් තනුව වෙනස් කරලා

අනතුර තමන් ළඟ නොසිටි මොහොතේ ආසියාවේ ලංකාව වැනි රාජ්‍යයන්ට මානව හිමිකම් පිළිබඳ පාඩම් ඉගැන්වීමට ආ බටහිර ජාතීන් සර්පයා දෂ්ට කරන විට මානව හිමිකම් කඩකර හෝ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට පසුබට නොවන බව කියමින් කතාව වෙනස් කර ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (22) පාකිස්තානයේදී පැවැසීය.

ලොව බිහිසුණුම ත‍්‍රස්තවාදීන් ලෙස එල්.ටී.ටී.ඊ.ය පරාජය කිරීමේදී හමුදා සතුව තිබූ දැඩි අධිෂ්ඨානය ගැන එවකට සිටි සේනාධි නායකයා ලෙස තමා ආඩම්බර වන බවත් ශ්‍රී ලංකාවේ ජනතාව ඒ වෙනුවෙන් කළ කැප කිරීම් සදා අගයන බවත් හිටපු ජනාධිපතිවරයා කීවේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පාකිස්තානයේ පැවැති සාමය සඳහා වූ ශ්‍රී ලාංකික අරගලය සහ එහි පාඩම් මැයෙන් පැවැති සමුළුවේ ප‍්‍රධාන ආරාධිත දේශනය පවත්වමිනි.

පාකිස්තානයේ ආරක්ෂක අධ්‍යාපන සහ පර්යේෂණ ආයතනය විසින් සංවිධානය කරන ලද මෙම සමුළුව ඉස්ලාමාබාද්හි සෙරේනා හෝටලයේදී පැවැත්විණි.

යුද්ධය අවසන් කිරීමේදී පාකිස්ථානය, චීනය සහ ඉන්දියාව ප‍්‍රමුඛ රාජ්‍යයන් කළ මෙහෙවරද හිටපු ජනාධිපතිවරයාගේ ඇගැයීමට ලක්විය.
සභාවෙන් ඉදිරිපත්වූ ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා එවකට දිවි පරදුවට තබා දේශය රැුකගත් හමුදාවට ඩයස් පෝරාවේ සහ බටහිර බලපෑම් හමුවේ වර්තමාන පාලකයින් විසින් කරනු ලබන කෙනෙහිලිකම් පිළිකුලින් යුතුව බැහැර කරන බවද කීවේය.

ත‍්‍රස්තවාදියාට තේරෙන භාෂාවෙන් උත්තර දිය යුතුයි. හොඳ ත‍්‍රස්තවාදියා නරක ත‍්‍රස්තවාදියා කියා බෙදන්න එපා. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පරම සතුරා ත‍්‍රස්තවාදය බව මොහොතකට හෝ අමතක කරන්න එපා ...” යැයිද හිටපු ජනාධිපතිවරයා කීවේය.

මෙම සමුළුවට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්වන විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, හිටපු විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් යන මහත්වරුද පසුගිය වසර තිහක කාලය තුළ ශ්‍රී ලංකාවේ පාකිස්තාන කොමසාරිස්වරුන් ලෙස සේවය කළ පිරිසක්ද එරට අමාත්‍යාංශ ලේකම්වරුන් ඉහළ හමුදා නිලධාරීහු විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු සහ මාධ්‍ය ආයතන ප‍්‍රධානීහුද සහභාගි වූහ.



අදහස් (4)

ආසියාකරයට පාඩම් උගන්වන්න ආ බටහිර ජාතීන් දැන් තනුව වෙනස් කරලා

Ratawasiyek Friday, 23 June 2017 05:55 PM

දැන්වත් ගුණයහපත් අය සමග එකතු වෙන්න... ඔබතුමා අපට තවමත් රජතුමෙකි...

:       220       262

rohana Saturday, 24 June 2017 02:06 AM

අන්තිමට යුද්දේ ඉවර කලේ ෆොන්සේකා මහත්තයා වුණාට ඒක සැමරුවෙත්, ලකුණු දා ගත්තෙත් මෙතුමායි. අන්තිමට ෆොන්සේකා මහත්තයාට බන්ධනාගාරයටත් යන්න සිදුවුණා.

:       1236       1015

වින්සන්ට් Sunday, 25 June 2017 10:11 PM

ත්‍රස්තවාදයක් ගොඩ නැඟීමට හේතුවක්ද තිබිය හැකිය. මර්ධනයේ වීරයන් දකිනවා වගේම ප්‍රශ්නයට විසඳුම් සොයන වීරයන් නොදකින්නේ එයත් බඩ වඩාගැනීමේ මාර්ගයක් වී ඇති නිසාද? අවුරුදු 69 ක් හොර තක්කඩි දේශපාලකයන් වඳ කිරීමට නොහැකි තැන, ඉවසීම ඉක්මවා යන කොටස්ද සිටින්නට පුළුවන. ත්‍රස්තවාදයට වගකිව යුත්තෝ සැප විඳින පාලකයන්ම නොවන්නේද?

:       30       80

kumar (galf) Monday, 26 June 2017 07:47 AM

ඔබතුමා හොඳයි, ඔබතුමාගේ නමින් පිරිසට රට කරවන්න දීපු එක තමයි හේනේට හේතුව...

:       0       33

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 207 5

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1190 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 980 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2323 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2169 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3694 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site