IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ආණ්ඩුවේ ආයුකාලය තව මාස කිහිපයකට වඩා නෑ

ආණ්ඩුවේ ගමන් මගත් ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ගත් විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාවකි.

 

ප්‍රශ්නය:- ඒකාබද්ධ විපක්ෂයේ නායක මන්ත්‍රී දිනේෂ්ට පාර්ලිමේන්තුව සතියක් තහනම් වුණා?
පිළිතුර:-
අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පවතින අර්බුදයේ එක පැතිකඩක් ඒක.

 


ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වත් කතානායකවරයාගේ තීන්දුවට ගරු කිරීම මන්ත්‍රීවරුන්ගේ වගකීමයි?
පිළිතුර:-
1989 ඉඳන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදියට මම දන්නවා ඒ කාලයේ පාර්ලිමේන්තුව ඇතුළේ ඉතා බරපතළ විදියට හැලහැප්පිලි සිද්ධවෙනවා. ගුටි බැට හුවමාරු වෙච්ච අවස්ථාත් තියෙනවා. ඒත් මොහොමඞ් කතානායකතුමා පාර්ලිමේන්තුව ඇතුළට පොලිසිය කැඳෙව්වේ නැහැ. ඒ වගේම මහා භීෂණයක් තියෙන කාලෙකදිත් අපට ඉදිරියෙන් හිටියෙ රංජන් විජේරත්න ඇමැතිතුමා. අපි විපක්ෂය හැටියට අන්තිම දරුණු ලෙස හැසිරුණත් මන්ත්‍රීවරුන්ගේ ගෞරවය හා ආරක්ෂාව වෙනුවෙන් එතුමා කටයුතු කළා. ඉතින් ඒ 89 ත් එක්ක සාපේක්ෂව සසඳන කොට මේ ගරු මන්ත්‍රීතුමන්ලා බොහෝ දෙනෙකු තුළ ඉතා විශාල වශයෙන් පෞද්ගලික වෛරයක් පාර්ලිමේන්තුව තුළ තිබෙන බව තමයි මට පෞද්ගලිකව හැඟෙන්නේ. ඒ කාලයේ ආණ්ඩුවේ හිටියේ ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක වගේ මහත්වරුන්. ඒ අය විපක්ෂයට ඇහුම්කන් දීපු විදියත් අද ක්‍රියාත්මක වෙන විදියත් අතර අහසට පොළොව වගේ වෙනසක් තියෙනවා. කතානායකතුමාටත් මම හිතන්නේ අත්දැකීම් අඩුකම තුළ එතුමා විවිධ අදහස් උදහස් පළ කරන්න විපක්ෂයට දෙන අවස්ථාව අඩුයි. එහෙම අඩු අවස්ථාවක් දීමට උත්සාහ කිරීම තුළ මේක අර්බුදයක් බවට පත්වෙලා අවසානයේ මෙවැනි තීන්දුවකට ඇවිත් තියෙන්නේ.

 


ප්‍රශ්නය:- ඒකාබද්ධ විපක්ෂයත්  පාර්ලිමේන්තුව තුළ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරනවා කියලා චෝදනාවක් තියෙනවා.
පිළිතුර:-
නැහැනේ. එදා වුණේ මොකක්ද? කතා කරන්න අවස්ථාව නොදීමනේ එදා වුණේ. විමල් වීරවංශ මැතිතුමයි ඔහුගේ මන්ත්‍රීවරු පස් දෙනයි ස්වාධීන වෙන්න ඉල්ලලා තිබුණා.

 


ප්‍රශ්නය:- සන්ධානයෙන් ඇවිත් එහෙම කොහොමද ස්වාධීන වෙන්නේ.
පිළිතුර:-
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් දිවංගත මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා කතානායකතුමාට ලිපියක් යවලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර අනෙකුත් මන්ත්‍රීවරුන්ට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් කියලා. ඒ ලියුම කතානායකතුමා ළඟ තිබෙන බව අපි දන්නවා. අනෙක චමල් රාජපක්ෂ කතානායක ධුරය දරන කාලය තුළදී ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන් වෙච්ච අජිත් කුමාර මන්ත්‍රීතුමාව, තවත් අයට වෙනම විපක්ෂය ලෙස පෙනී ඉන්න ඉඩ දුන්නා. වෙනම ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන්න ඉඩ දුන්නා. මෙතැන තියෙන ප්‍රශ්නය ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් විශාල හඬක් නඟන, හඬක් නගන්න බැරි ජනතාවගේ හඬ බවට පත්ව සිටින විමල් වීරවංශ මන්ත්‍රීතුමාව එකක් දඬුකඳේ ගහලා ඇප නැතිව හිරගේ ඇතුළේ දාලා තලනවා. ඔහුගේ ජීවිතය පවා අද අනතුරට ලක් කරලා තියෙන්නේ. ඊට අමතරව ඔවුන්ට පාර්ලිමේන්තුවේ කතා කරන්න ප්‍රමාණවත් වෙලාවක් තියෙන්න එපායැ. කතානායකවරයා ආණ්ඩුවත් එකඟ ආණ්ඩුවට හීලෑවුණ විපක්ෂයට ඕනෑතරම් වෙලාව දෙනවා. එතැන ඉන්නේ 21 යි. ආණ්ඩුවට හිලෑ නැති අගමැතිවරයා එක්ක ඩීල් දාලා නැති ඇත්ත විපක්ෂයේ අපි 51 ක් ඉන්නවා. නිරෝගි ප්‍රජාතන්ත්‍රවාදයට විපක්ෂයක් තියෙන්න එපැයි.  ඩීල් විපක්ෂයක් තිබිලා හරියන්නේ නැහැනේ. ඩීල් නැති ජනතාව පැත්තේ ඉන්න විපක්ෂය 51 ක් ඉන්නවා. ඒ බහුතර විපක්ෂයට කුඩම්මාගේ සැලකිල්ල දක්වන කොට මේක තව කොච්චර කල් ඉවසගෙන ඉන්නවද කියන ප්‍රශ්නය මතුවෙනවනේ. ඉතින් ඒ නිසා තීරණාත්මක අරගලයක් කරන්න වෙයි. එතැනදී සමහර වෙලාවට එහෙම අරගලයක් සිද්ධවෙන අවස්ථාවකදී අකුරටම මහත්මාකම්, මනුස්සකම් නැතිවෙන්න ඉඩ තියෙනවා.

 


ප්‍රශ්නය:- එහෙම අරගලයකට ඒකාබද්ධ විපක්ෂය සූදානම්?
පිළිතුර:-
ඒකාබද්ධ විපක්ෂය බුල්ඩෝසර්කරණයට එරෙහිව එහෙම කරල යටපත් කරලා තමන්ට අවශ්‍ය න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරනවට විරුද්ධව අපි දැඩිව පෙනී ඉන්නවා.

 


ප්‍රශ්නය:- බැඳුම්කරේට අමතරව ඒකාබද්ධයට වෙනත් ප්‍රශ්න තියෙන බවක් නම් පේන්නේ නැහැ.
පිළිතුර:-
ඇයි නැත්තෙ? ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒම. රටේ බහුතර මතයට විරුද්ධව එට්කා වැනි ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කිරීම, මහ පොළොව ඇතුළු රාජ්‍ය දේපොළ, රට විකිණීම, දැවැන්ත ලෙස උග්‍රවන ආර්ථික අර්බුදය, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ප්‍රමුඛ ප්‍රගතිශීලි ජනතාව, හමුදාව, බුද්ධි අංශ දිගින් දිගටම මර්දනය කිරීම දින නියමයක් නොමැතිව පළාත් පාලන ඡන්දය නොපැවැත්වීම, රටේ කවුරු මොනවා කරනවද කියලා දන්නේ නැති අරාජිකත්වයට රට පත්කිරීම. මෙන්න මේ වගේ සාධක ගණනාවක් තියෙනවා. ඒ නිසා මේ ආණ්ඩුවට ඉතිරවෙලා තියෙන කාලය ඉතාම කෙටියි කියලා තමයි අපිට පේන්නේ.

 


ප්‍රශ්නය:- බැඳුම්කරයට අදාළව ජනාධිපතිවරයා කොමිසමක් පත් කළා. තවත් මොනවද ඒ වෙනුවෙන් කරන්න ඉතිරිවෙලා තියෙන්නේ?
පිළිතුර:-
කොමිසමේ විභාගය අවසානයේදී ජනතාව බලාපොරොත්තු වෙන්නේ මහ දවල් මහ බැංකුවේ මහ මුදල් මංකොල්ලයට අදාළ සියලු පාර්ශ්ව අධිකරණයට ඉදිරිපත් කරලා නඩු පවරලා දඬුවම් කරයි කියලා. ඒ වගේම ඒ හරහා ඇතිවූ සමස්ත අලාභයම අයකරගන්න නොහැකි වුණත් අලාභයෙන් අයකරගත හැකි කොටස අයකර ගත්තොත් ණය ගෙවීම් ආදිය කිසිම ප්‍රශ්නයක් නෑ.

 


ප්‍රශ්නය:- ඒ අලාභය ගැන එක එක ගණන් කියනවා. ඇත්තටම ඇත්ත ගාණ කීයද?
පිළිතුර:-
මගේ ආර්ථික විද්‍යාත්මක ගණනය කිරීම්වලට අනුව මහ දවල් මහ බැංකුවේ මහ මුදල් මංකොල්ලයෙන් සමස්ත ආර්ථික ක්‍රියාවලියට සිද්ධවෙලා තියෙන අලාභය රුපියල් බිලියන දෙදාහක් පමණ වෙනවා. ඒ ගැන හරියටම කොච්චරද කියලා කියන්න පුළුවන් වෙන්නේ 2016 වර්ෂයට අදාළ මහ බැංකු වාර්තාව නිකුත් වුණාට පස්සෙයි. ඒ සා විශාල අලාභයක් දරන්න වෙලා තියෙන නිසා තමයි අද ජනතාවට සුගතියක් වගතුවක් නැතිවෙලා තියෙන්නේ.

 


ප්‍රශ්නය:- බැඳුම්කර ප්‍රශ්නය හරහා ජනපති මෛත්‍රි හා ඒකාබද්ධ විපක්ෂය අතර යම් සංහිඳියාවක් ගොඩනැගිලා තියෙනවා?
පිළිතුර:-
කොමිසමක් පත්කරන්න කියලා ඉල්ලුවෙත් අපිනේ. මොකද අපි දැනගෙන හිටියා අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බලපෑම මත සාක්ෂි දීම තුළත් අගමැතිවරයාගේ බලපෑම කෝප් කමිටුවට දිගින් දිගටම ඇතිවීම තුළත් සමහර රාජ්‍ය නිලධාරින් නිසිලෙස සාක්ෂි දීමක් කරන්නේ නෑ කියලා. අපේ මන්ත්‍රීවරු දෙදෙනෙක් කෝප් කමිටුවට සහභාගි වුණා. මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා හා වීරකුමාර දිසානායක මන්ත්‍රීතුමා. ඔවුන් හිටියත් කෝප් කමිටු වාර්තාවෙන් පස්සේ අපි ඉල්ලීමක් කළා ජනාධිපතිතුමාගෙන් ප්‍රසිද්ධියේ මේ සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන්න කියලා. ඒ කොමිසන් සභාව අත්සන් කරලා සභාවේ විභාග කරගෙන යනවා.

 


ප්‍රශ්නය:- මුදල් ඇමැති රවි කරුණානායක කියනාව රාජපක්ෂ පාලනයේ හිටපු දූෂිත නිලධාරින් තවමත් මහා භාණ්ඩාගාරයේ ඉන්නවා කියලා?
පිළිතුර:-
එහෙම බෑනේ. ප්‍රේමදාස යුගය ගත්තොත් ඉතාම දූෂිතයි, මර්දනකාරියි, ඒකාධිපතියි කියලා පොදු ලේබලයක් අලවලා තිබුණානේ. සුදු වෑන් නොවේ තොග වශයෙන්නේ ඝාතනය වුණේ. හොරකම, වංචාව, දූෂණය ඉහවහා ගිහිල්ලා සොත්ති උපාලිලා තට්ට සෝමෙලා රට පාලනය කරපු යුගයක් අපි දැක්කනේ. ඒ යුගයන් සමග සාපේක්ෂව සැසදීමේදී මහින්ද රාජපක්ෂ යුගය වඩාත්ම නිවුණ යුගයක්නේ. 2005-2014 කාල පරිච්ඡේදය.

 


ප්‍රශ්නය:- නමුත් ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් සම්බන්ධයෙන් ඒ යුගය තුළ බරපතළ ප්‍රශ්න තිබුණා කියන එකත් අමතක කරන්න බෑ.
පිළිතුර:-
ඒ ඔය දේදුණු වර්ණ වේදිකාවෙන් ඇහුණු කතානේ. දැන් බලන්න ආර්ථිකයේත් වඩාත්ම ඉහළ සමෘද්ධිමත් සංවර්ධිතම යුගය ලෙස ඉතිහාසගත වෙලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ යුගය. යුද්ධය නිමා කළේත් මහින්ද රාජපක්ෂ යුගයේදී. වැඩිම සංවර්ධනයත් ඒ යුගයේදීමයි.

 


ප්‍රශ්නය:- මහින්ද රාජපක්ෂ යුගයේ ආර්ථික සංවර්ධනය “ඉලක්කම් මැජික්” එකක් කියලත් කියනවා?
පිළිතුර:-
සංඛ්‍යා ලේඛන පිළිබඳවත් මහ පොළොවේ යථාර්ථය පිළිබඳවත් අවබෝධයක් නැති අයනේ එහෙම කියන්නේ. ඈත එපිට ගම්මානවල ඉන්න සියලුම ගොවියෝ දන්නවා රුපියල් 350 ට පොහොර ලැබුණය, පුරන් වෙච්ච කුඹුරු අස්වැද්දුවය, වීවලට රුපියල් 30 ක සහතික මිලක් තිබුණය, සහල් රුපියල් 60 ක උපරිම මිලට වික්කය කියලා. අන්තිමට මොකද වුණේ? සහල් අතිරික්තය තියාගන්න තැනක් නැතිව මහින්ද රාජපක්ෂට කරන අපහාසයක් විදියට මත්තල ගුවන් තොටුපළේ ගබඩා කරලා ඒවා සත්ව ආහාරවලට විකුණලා ඇමැති පී. හැරිසන්, වී හැරිසන් බවට පත්වෙච්ච එක විතරයි. උදේ වැඩට ආපු පාරේ නොවෙයි හවස ගෙදර යන්නේ. ඒ පාර කාපට් කරලා ඇනිකට්, වේලි, වැව් අමුණු බලාගාර මේ සංවර්ධනය වුණේ 2009 න් පස්සේ. කඩිගුලක් වගේ ඇවිස්සුණ මිනිස්සු උදේ දවල් රෑ වැඩකරන වැඩබිමක් බවට මේ රට පත්කළා. ඒ වැඩබිම මේ වෙනකොට මුඩුබිමක් බවට පත්කරලා කියලා බැලූ බැල්මට පේනවනේ. බලාගත්ත අතේ බලාගත්ත මිනිස්සු. කරමින් හිටිය රස්සාව අහිමි වූ දහස් සංඛ්‍යාත මිනිස්සු. සීයට වැඩි හාල්, සීයට වැඩි සීනි, සීයට ළඟ පොල් ආදී වශයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ ගිය තත්ත්වය රටට ආපු ආයෝජකයෝ රට දිහාවත් බලන්නේ නැතිව ආපසු හැරිලා යන තත්ත්වය මේවා සාමාන්‍ය ජනයාගේ ඇඟට තේරෙන දේවල්. ඒ නිසා ඉලක්කම් මැජික් එකක් නොවෙයි. ඒකනේ අපි දැන් නන්නාඳුනන මිනිස්සු සියයකින් අහලා බැලුවොත් මෛත්‍රී-රනිල් ආණ්ඩුව කොහොමද කියලා කුණුහරුපයෙන් බණින එකනේ කරන්නේ. ඒ නිසා මේ ආණ්ඩුව හොඳයි කියලා හිතාගෙන හිටියට හොඳ නෑ. යහපත් කියලා කිව්වට  අයහපත්. මර්දනය නෑ කිව්වට මර්දිතයි. ඒ නිසා ආණ්ඩුවේ ආයු කාලය මං හිතන්නේ නෑ තව මාස කිහිපයකට වඩා පවතියි කියලා.

 


ප්‍රශ්නය:- 2017 දී ආණ්ඩුව පෙරළනවා කියලා මහින්ද රාජපක්ෂ කිව්වා?
පිළිතුර:-
දේශපාලන උපායමාර්ගික අරමුණු ප්‍රකාශවීමක් වුණත් ඒ අරමුණු ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව මාධ්‍ය හා අනෙකුත් පාර්ශ්ව සමග කතා නොකර සිටීම තමයි ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන උපාය මාර්ගය.

 


ප්‍රශ්නය:- කොහොම වුණත් ඇමැතිකම් දරන ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් එතැනින් ගැලවිලා එනතුරු ඔබගේ උත්සාහය හරියන්නේ නෑ?
පිළිතුර:-
ඔව්, ඔවුන්ට ඡන්දය ලැබුණු ප්‍රතිපත්තියට අනුව ඔවුන්ට එතැන ඉන්නත් බැහැ. මොකද ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හැම මන්ත්‍රී  කෙනෙක්ම ඇමැති කෙනෙක්ම දන්නවා ඔවුන්ගේ හෘදය සාක්ෂිය ඔවුන්ව පාර්ලිමේන්තුවට යැව්වේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කියලා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඔය කිසි කෙනෙකුට ඡන්දය දෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලුවේ නෑ. ඉතින් ඒ නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග හිටගත් ලක්ෂ 57 ක ජනතාව තමයි ඔවුන්ට ඡන්දය දුන්නේ. ඉතින් ඒ නිසා ඒ අයට ලොකු ප්‍රශ්නයක් තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙල අගමැතිවරයාවත් තල්ලු කරගෙන යනකොට. අද ඒ ඒ අය අතරම ප්‍රශ්න තියෙනවනේ. මංගල සමරවීර විදේශ ඇමැතිවරයා කියනවා අද අපරාධ සම්බන්ධයෙන් දෙමුහුන් අධිකරණයක් ඕන කියලා. ජනාධිපතිවරයා පැහැදිලිව කියනවා මොනම හේතුවක් නිසාවත් රණවිරුවන් පාවලා දෙන්නේ නැහැ කියලා.

 


ප්‍රශ්නය:- අගමැතිවරයත් කිව්වා “දෙමුහුන් අධිකරණයක් අවශ්‍ය නෑ” කියලා.
පිළිතුර:-
ඔව්, නමුත් වඩාත්ම වැදගත් වෙන්නේ ජිනීවා නුවරට ගිහින් කරපු ප්‍රකාශයයි. ඒ ගැටුම එහෙම තියෙනවා. අගමැතිවරයා එක්ක සහසම්බන්ධයෙන් ඉන්න දෙමළ ජාතික සන්ධානය කියනවා “ෆෙඩරල් විසඳුමකට යනවාමයි” කියලා. සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා වගේ අය කියනවා ජනමත විචාරණයකට හේතුවන ව්‍යවස්ථා වෙනසක් කරන්නේ නෑ කියලා. කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායකයි පී. හැරිසන් ඇමැතිතුමයි ආරවුලක. ඉතින් “යාදෙක නොරත රත” කොහොමත් එකට පෑහීමක් නැත. ඒ අනුව මේ අභ්‍යන්තර ගැටුම් පැවතීමත් ගමට ගියාම පාක්ෂිකයෝ අහන ප්‍රශ්න නිසාත් බුලත් කොළයෙන් ඡන්දය ඉල්ලපු අපේ පැරණි හිතවත් මිතුරන්ට  ඔතැනින් ගැලවිලා එන්න වෙනවා කියන එක ස්ථීරයි.

 


ප්‍රශ්නය:- ඔවුන් සමග සාකච්ඡාවක් කෙරුණාද?
පිළිතුර:-
ඔව්, අනිවාර්යයෙන්ම විවිධ තලවලින් විවිධ ආකාරයෙන් විවිධ තැන්වල විවිධ ආකාරයේ සාකච්ඡා කෙරෙනවා. ඒ ගැන කීමට හැක්කේ එපමණයි.

 

සාකච්ඡා කළේ - ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

 



අදහස් (2)

ආණ්ඩුවේ ආයුකාලය තව මාස කිහිපයකට වඩා නෑ

kulatilake Monday, 13 March 2017 06:01 AM

මිනිස්සු ගස් බදිනකොට කොහද හිටියේ... 2500 න් කෑම වේලක් කන්න පුළුවන්..

:       0       45

ධම්ම Saturday, 18 March 2017 04:44 PM

ආණ්ඩුවේ ආයුකාලය මාස කිහිපයක් වීම අපට ප්‍රශ්නයක් නොවේ. එහෙත් ඊළඟට බලයට එන්නේ ඔබලා නම් ඒක අපට ප්‍රශ්නයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 207 5

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1190 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 980 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2323 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2169 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3694 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site