IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අනාගතයේදීවත් ජනතාව විපත්වලින් මුදාගන්න රජයක් ලෙස තීන්දු තීරණ ගන්නවා

(කි‍්‍රෂාන් ජීවක ජයරුක්)

ගංවතුරින් විපතට පත්වූ සියලූම ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත්කර ගැනීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගත යුතු මෙන්ම අනාගතයේදී මෙවැනි ආපදාවලින් ජනතාව මුදාගැනීම සඳහා රජයක් ලෙස තීන්දු තීරණ රැසක් ගත යුතු වෙනවා. මීට පෙර පැවති සෑම රජයක්ම ආපදාවන් වළක්වා ගැනීමට යෝජනාවන් කි‍්‍රයාත්මක කිරීමට උත්සාහ  කළ විට ජනතාව දේශපාලනඥයින් සමග එකතු වෙලා ඒවා ආපස්සට හැරවීමට කි‍්‍රයා කළා. ඒ නිසා දෙස් විදෙස් විශේෂඥ ඉංජිනේරුවන්ගේ උපදෙස්  මත ආපදා වළක්වා ගැනීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග කඩිනමින් ගැනීම අත්‍යවශ්‍ය වී තිබෙනවා යැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මාතරදී පෙරේදා (05) පැවසීය.

මාතර දිස්ති‍්‍රක්කයේ හදිසි ආපදා තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා කැඳවා තිබූ විශේෂ රැස්වීමකදී ජනාධිපතිවරයා මේ බව කීවේය.

ඒ සඳහා ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන ඩලස් අලහප්පෙරුම, කාංචන විජේසේකර හා නිරෝෂන් පේ‍්‍රමරත්න යන මහත්වරුන්ද සහභාගිවීම විශේෂත්වයකි.

මෙහිදී පළමුව අදහස්  දැක්වූ මාතර මහ දිසාපති ප‍්‍රදීප් රත්නායක මහතා මෙසේද කීය.

මාතර දිස්ති‍්‍රක්කයේ ග‍්‍රාම නිලධාරි කොට්ඨාස 650න් 500ක්ම මෙම ආපදාවට ලක්වුණා. ඒ වගේම පුද්ගලයින් තිහකට වැඩි පිරිසක් ජීවිතක්‍ෂයට පත්වුණා. වී වගාවට වගේම තේ වගාවටත් විශාල හානියක් සිදුවී තිබෙනවා. ගංවතුර ඇති වූ මොහොතේ පටන් රාජ්‍ය නිලධාරීන් ජනතාව වෙනුවෙන් කළ යුතු සෑම කටයුත්තක්ම නොපිරිහෙලා ඉටු කළා. මුලින් නිල්වලා ගෙඟ් ඉහළ කොටසේ  ඇති වූ ගංවතුර පසුව පහළ කොටසේ දින ගණනාවක් පැවතියා. මේ ආපදා තත්ත්වයේදී දේශපාලනඥයින් ඇතුළු සමස්ත රාජ්‍ය යාන්ත‍්‍රණයම ජනතාව වෙනුවෙන් කැප වී කි‍්‍රයා කළා.

ජනාධිපතිවරයා:  ජනතාවට අවශ්‍ය සුබසාධන කටයුතුවල යම් අඩුපාඩුවක් තිබෙනවා නම් ඒවා  හඳුනාගෙන ඒවාට කඩිනමින් විසඳුම් ලබාදෙන්න. ඒ කළ යුතු පළමු කටයුත්තයි. මෙහි දෙවැනි කොටසක් තිබෙනවා. අනාගතයේ මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට  කි‍්‍රයාමාර්ග ගැනීමයි. ඒ දෙවැනි කොටස අද සාකච්ඡාවට භාජනය කරන්නේ නැහැ. අපි මේ ආපදා තත්ත්වයට පත්වූ සෑම දිස්ති‍්‍රක්කයක්ම එවැනි ආපදාවලින් මුදවා ගැනීමට රජය ලෙස ගත යුතු පියවර රාශියක් තිබෙනවා. මම පසුගිය සිකුරාදා ගාල්ලේදී සඳහන් කළා වගේ එකදහස් නවසිය හැට ගණන්වල ඉඳලා පැවති සෑම රජයක්ම මේ ආපදා තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා විදේශීය විශේෂඥයින්ගේ ඉංජිනේරු ශිල්පීන්ගේ තාක්‍ෂණ නිලධාරීන්ගේ උපදෙස් මත යැවූ යෝජනා  සැලසුම් රාශියක්  තිබෙනවා.

නමුත් ඒ එක යෝජනාවක්වත් කි‍්‍රයාත්මක කිරීමට ලැබිලා නැහැ. ඊට ප‍්‍රධාන හේතුව ඒ යෝජනා කි‍්‍රයාත්මක කිරීමට  ගිය විට අදාළ ප‍්‍රදේශවල ජනතාව දේශපාලනඥයන් සමග එකතු වෙලා රජය ගන්නා වූ ඒ කි‍්‍රයාමාර්ග නතර කර දැමීමයි. නමුත් අද සෑම කෙනෙක්ම පිළිගන්නවා. අනාගතයේ මෙවැනි තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා රජයක් ලෙස විදේශීය උපදෙස් මත සහ දේශීය විශේෂඥයින්ගේ මග පෙන්වීම මත අවශ්‍ය කි‍්‍රයාමාර්ග කඩිනමින් ගැනීම අවශ්‍යයි කියලා. ඒ නිසා ඉදිරි දිනවලදී බලාපොරොත්තු වෙනව කැබිනට් මණ්ඩලයත් ජාතික ආපදා කළමනාකරණ සභාවත් රැස්වෙලා කඩිනම් කි‍්‍රයාමාර්ග ගන්න.

 දැනටමත් අපට උදව් කරන රටවල් තුනක විශේෂඥයන් ඇවිත් මේ ආපදා තත්ත්වය අධ්‍යයනය කරමින් සිටිනවා. ඒ වගේම විපතට පත්  ජනතාවට ඔවුන් සහන සලසමින් සිටිනවා. ඔවුන් සමග එකතු වෙලා ඉදිරි කි‍්‍රයාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. කඳවුරුවල ප‍්‍රශ්න දැනට තිබෙනවා නම් කියන්න පුළුවන්.

නීතිය හා සාමය, දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා: ”දැනට මාතර දිස්ති‍්‍රක්කයේ අවතැන් කඳවුරු හතරක ජනතාව පදිංචි වී සිටිනවා. නායයාම හේතුවෙන්  තමයි ගොඩක් අයට උන්හිටි තැන් අහිමි වෙලා තිබෙන්නේ ඔවුන් යථා තත්ත්වයට පත්කර ගන්න මාස හයක්වත් ගත වේවි.

ජනාධිපතිවරයා: සෑම දිස්ති‍්‍රක්කයම මැති ඇමැතිවරුන්ට හා දිසාපතිවරුන්ට උපදෙස් දුන්නා නැවත නිවාස ඉදිකර දීමට මුලින්ම ඉඩම් හඳුනා ගැනීම කරන්න කියලා. රජයේ ඉඩම් නම් ප‍්‍රශ්නයක් නැහැ. පරිබාහිර පෞද්ගලික සමාගම්වල ඉඩම් අපිට පවරාගන්න සිදුවේවි. මීට පෙර ඇතිවූ ආපදාවලදී අපට එවැනි ඉඩම් පවරා ගන්න සිදුවුණා. මාතර දිස්ති‍්‍රක්කයෙත් ඒ ආකාරයට ජනතාව පදිංචි  කරවන්න පුළුවන් ඉඩම් හඳුනාගෙන වාර්තා කරන්න. ති‍්‍රවිධ හමුදාවත් සිවිල් ආරක්‍ෂක බළකාය හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යොමු කරලා ඒ නිවාස කඩිනමින් ඉදිකර දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ.

දැනට විදෙස් රටවලින් ලැබෙන මුදල් සියල්ල නිවාස ඉදිකිරීමට යොදවනවා. ඒ වගේම ඉතා ඉක්මනින් ආධාර ලබාදීමේ ජාත්‍යන්තර සමුළුවක් කැඳවා ඔවුන්ගේ ආධාර උපකාර ලබාගැනීමටත් බලාපොරොත්තු වෙනවා. දේශීය හා විදේශීය මුදල් ප‍්‍රමාණයන් යොදවා ඒ කටයුතු කඩිනම් කරනවා. දැනට ඒ සඳහා ඉඩම් හඳුනාගැනීමක් සිදුකර තිබෙනවාද?

මාතර මහ දිසාපති ප‍්‍රදීප් රත්නායක මහතා: ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් හා වතු සමාගම්වලට අයත් ඉඩම් තිබෙනවා.

 අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා: වතු සමාගම්වලට අයත් ඉඩම් පවරා ගැනීමේ දී ප‍්‍රශ්න මතු වෙනවා.

ජනාධිපතිවරයා: ඒ ආකාරයට පවරා ගැනීම අපිට ප‍්‍රශ්නයක් නැහැ. අරණායක සිද්ධියේදි අපි සතියෙන් ඒ ඉඩම් පවරාගැනීම සිදුකළා. සුදුසු ඉඩම්වලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අනුමැතිය ලබාගෙන අවශ්‍ය පවරා ගැනීම් ගැසට් මගින් සිදුකරන්න පුළුවන්. දැනට කඳවුරු පවත්වාගෙන යන පාසල් අපිට ඉක්මනින් නිදහස් කරගන්න සිදුවෙනවා.

සාගල රත්නායක මහතා: දැනට මාතර තමයි වැඩිපුර ප‍්‍රමාණයක් අවතැන් කඳවුරුවල ඉන්නේ. මාතර ඉන්නවා 1587ක්, කොටපොල ඉන්නවා 171ක් අවතැන් වෙලා ඉදිරි දින කිහිපයේදි මේ ප‍්‍රමාණය අඩුවේවි.

ජනාධිපතිවරයා: අපිට පොදු ස්ථාන ඔවුන් වෙනුවෙන් සොයාගන්න පුළුවන් නම් පාසල් නිදහස් කර ගන්න පුළුවන්.

ඇමැති මංගල සමරවීර මහතා: ජනාධිපතිතුමනි, පන්සල් පේෂකර්ම මධ්‍යස්ථාන වැනි ගොඩනැගිලි ඒ සඳහා යොදා ගන්න පුළුවන්.

දකුණු පළාත් කී‍්‍රඩා අමාත්‍ය වීරසුමන  වීරසිංහ මහතා: පිටබැද්දර කොට්ඨාසයේ කඳු අටක් විතර නාය යාමේ අවදානමකට ලක්වෙලා තිබෙනවා. ඒ සෑම පවුලක්ම රාති‍්‍ර කාලයේ පන්සලක, පාසලක එහෙම නැත්නම් වෙනත් නිවසක තමයි නිදාගන්නේ. ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඇවිත් ඒ කඳු පරීක්‍ෂා කර නිගමනයක් ලබාදෙන්න. ඒ සංඛ්‍යාලේඛන මේ වාර්තාවලට ඇතුළත් කර නැහැ. ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විශාල වැඩ කොටසක් සිදුකරනවා. ඒත් පිටබැද්දරටත් ඇවිත් ඒ කඳු පරීක්‍ෂා කළ යුතුයි.

 ජනාධිපතිවරයා: හොඳයි, ඒ තොරතුරුත් වාර්තාවට ඇතුළත් කරන්න අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්න.

රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන්යාපා අබේවර්ධන මහතා:  ගිය සැරේ ගංවතුරෙදි අනාරක්‍ෂිතයි කියලා වෙනත් තැන්වලින් ඉඩම් ලබාදීලා ගෙවලා හැදුවා. ඒ ගිහින් අලූත් ගෙයි භාර අරගෙන ආපසු පැරණි ගෙදරටම ඇවිත් පදිංචි වුණා. එතකොට ආපසු මේ වගේ තත්ත්වයක් ආවාම රජයකට තමයි විසඳුම් දෙන්න වෙන්නේ. ඒකටත් තීන්දුවක් ගත යුතුයි.

ජනාධිපතිවරයා: ඒක ඉතින්  මෙහේ විතරක් නෙවි මුළු රටේම හැටි. විපතේදී දෙන  ඕනම තැනකට කැමතියි කියලා යනවා. දුන්නට පස්සේ දීපු තැන අත හරින්නෙත් නැහැ. හිටපු තැන අතහරින්නෙත් නැහැ.

ලක්‍ෂ්මන් යාපා මහතා: එවැනි අවස්ථාවල හිටපු ඉඩම රජයට පවරා ගත යුතුයි. නැතිනම් ඒක බරපතළ ප‍්‍රශ්නයක් වෙනවා. ආපසු ගෙවල් හදලා දෙන්න වෙනවා.

ජනාධිපතිවරයා: සම්පූර්ණයෙන් හානි වූ නිවාස වගේම අර්ධ වශයෙන් හානි වූ නිවාසත් අපි හදලා දෙනවද කියලා තීරණයක් ගන්න  ඕන. දිසාපතිතුමා ඒ  වාර්තා සියල්ලම පළමුව ලබාගන්න.

මාතර මහ දිසාපති: ඒ වාර්තාත් ගන්නම් ජනාධිපතිතුමනි. දැනටමත් ඊට අදාළ තොරතුරු ගනිමින් තිබෙනවා.

මංගල සමරවීර මහතා: මාතර, පිලදුව වගේ ප‍්‍රදේශවල අපි  වරින්වර නිවාස හදා දී තිබෙනවා. ආපසු අවුරුදු දහයකින්  හදලා දෙනවා. ඒක නිසා අවදානම් ප‍්‍රදේශවල නිවාස සඳහා එම අලූත් සැලසුමක් අනුව හදන්න  ඕන. නැත්නම් දශකයෙන් දශකයට හදන්න වෙනවා.

ජනාධිපතිවරයා: ගංවතුර නිසා මව්පියන් අහිමි දරුවන් විතරක්  ඉතිරි වූ අය මාතර දිස්ති‍්‍රක්කයේ ඉන්නවද?

දිසාපති: මේ වනතෙක් වාර්තා වී නැහැ. ප‍්‍රාදේශීය ලේකම් තුමාලා දන්නවද දරුවන් විතරක් ඉතිරි වූ තැන්.

මාතර ප‍්‍රාදේශීය ලේකම් දර්ශන වික‍්‍රමාරච්චි මහතා: මව හා පියා යන දෙදෙනාම අහිමි වූ දරුවන් මාතර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නම් නැහැ. පියා අහිමි වූ දරුවකු සිටිනවා. ඒ දරුවා මවත් සමග අදත් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇවිත් මා හමුවී ගියා.

තිහගොඩ  ප‍්‍රාදේශීය ලේකම්තුමිය: දරුවකුට තාත්තා අහිමි වුණා. අම්මා දැන් ඉන්නවා. ඒ අම්මාට දරුවන් දෙන්නෙක් ඉන්නවා. ගෙඟ් වැටිලා තාත්තා මියගියත් නිවාසයට  හානියක් වුණේ නැහැ. ඔවුන්ගේ ඉදිරි ජීවිතය හදාගන්නයි උදව් උපකාර කරන්න  ඕන.

ජනාධිපතිවරයා: හොඳයි, ඒ වාර්තා ලබාගෙන දරුවන් වෙනුවෙන් සුදුසු තීරණයක් ගන්න. පරිවාස ගත කිරීමට අවශ්‍ය නම් එහෙම කරන්න. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සුදුසු තීරණ ගන්න. මාතර දිස්ත‍්‍රික්කයේ මාර්ගවල ප‍්‍රශ්න තිබෙනවද?

ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා: දැනට ගොඩක් මාර්ගවල යාමට පුළුවන් ආකාරයට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය ඒ ගැන මොකද කියන්නේ.

මාර්ග සංවර්ධන අධිකාරිය: දැනට මාතර දිස්ති‍්‍රක්කයේ සියලූම මාර්ගවල ගමනාගමනයට සුදුසු පරිදි සකස් කර තිබෙනවා. විනාශ වූ මාර්ග යථා තත්ත්වයට  පත් කිරීමට තවත් මාස දෙක තුනක කාලයක් ගත වේවි.

වීරසුමන වීරසිංහ මහතා: පමණක් ප‍්‍රදේශවල පාලම් කැඩිලා. දෙනියාය කොට්ඨාසයේ පාලම් ගණනාවක් විනාශ වෙලා. පාසල් දරුවන්ට පාසල් යන්න විශාල දුරක් පයින් යන්න සිද්ධ වෙලා. ඒක නිසා බෝට්ටු සේවාවක් හෝ යොදවන ලෙස ඉල්ලා සිටිනවා.

සාගල රත්නායක මහතා: පාලම් දෙකක් ඉතා කෙටි කාලයක් තුළ හදන්න  පුළුවන්. අනෙක් පාලම්  ඊටත් වඩා කුඩා ඒවා.

ජනාධිපතිවරයා: එහෙනම් ඒ තොරතුරුත් ගන්න. කැඞී ගිය පාලම් ගැන. එතකොට ඒවා හදන්න මාර්ග සංවර්ධන අධිකාරියට ආදි ලෙස බෙදාදෙන්න පුළුවන්. අර පළාත් ඇමතිතුමා කිව්ව විදියට බෝට්ටු  අවශ්‍ය නම් දෙන්න. මාතර බෝට්ටු තියනව නම් දෙන්න. කෝ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය.

මාතර දිස්ති‍්‍රක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ලූතිනන් කර්නල් පි‍්‍රයංකර උබයසිරිවර්ධන මහතා: දැනටමත් අපි බෝට්ටු හා අගුල් දීලා තිබෙනවා. නාවික හමුදාව විසින් අලූත් සැලැස්මකට අනුව හදපු බෝට්ටු ලබා දෙන්න අපි කටයුතු කරගෙන යනවා.

සාගල රත්නායක මහතා: ඔය කියන ස්ථාන දෙකේ මම හිතන්නේ බෝට්ටු නැහැ. බෝට්ටු දැම්මත් මාරු වෙන්න පහසු නැහැ. මම හිතන්නේ ඉක්මනින් පාලම් හැදීමයි කළ යුත්තේ. එතකම් විකල්ප මාර්ග තිබෙන නිසා බස් යොදන්න  ඕන.

ජනාධිපතිවරයා: දිසාපතිතුමා කච්චේරියට ස්ථිරවම බෝට්ටු කීයක් තිබෙනවද?

මාතර මහ දිසාපති: නැහැ සර් අපිට එකක්වත් නැහැ.

ලූතිනන් කර්නල් පි‍්‍රයංකර මහතා: නැහැ සර් බෝට්ටු තියනවා. සමහර ස්ථානවලට ස්ථානගත කරලත් තියනවා.

ජනාධිපතිවරයා: ආ ඒකනේ හැම දිස්ති‍්‍රක්කයකටම අපි බෝට්ටු දීලා තිබෙනවා.

ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා: නෑ නෑ ඒක වැරදියි. ස්ථානගත කරලා තිබෙනවා. මේ  ගංවතුරෙදි වෙච්ච ඇත්ත ප‍්‍රශ්නය කියන්න. ස්ථාන ගත කරලා තිබුණත් පදවන්නන් නැහැ.

ජනාධිපතිවරයා: දිසාපති කාර්යාලයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල වගේම පොලිසිවලත් බෝට්ටු  තියාගන්න  ඕන. හැම රජයක් වගේම බෝට්ටු දීලා තිබෙනවා. ඒවා අවශ්‍ය වෙලාවට ප‍්‍රයෝජනයට ගන්න  ඕන.

සාගල රත්නායක මහතා: සැටලයිට් පින්තූර බලලා සුදුසු ස්ථාන තෝරාගෙන සැඩ පාර බලලා සමහර බෝට්ටු යොදවන්න   ඕන. ඒ වගේම පදවන්නන් පුහුණු කරලා ඒවාට යොමු කරන්න  ඕන.

 ජනාධිපතිවරයා: හොඳයි දිසාපතිතුමාට අවශ්‍ය තොරතුරු ලබාදෙන්න.

 මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර බුද්ධික පතිරණ මහතා: බෝට්ටු දුන්නත් වැඩක් නැහැ. ජනාධිපතිතුමනි ගෙදර වතුර මෝටරය වුණත් කාලයක් පාවිච්චි නොකළ විට මෝටරය වැඩකරන්නේ නෑ. ඒ නිසා බෝට්ටුත් දීලා තියෙනවා. එන්ජිනුත් දීලා තිබෙනවා. සති දෙකකට සැරයක්වත් නඩත්තු කරන්න අය ඉන්න  ඕන. ඒ සඳහා පුහුණු කළ අය සිටිය යුතුයි.

ජනාධිපතිවරයා: ඔව්. නඩත්තුව අවශ්‍යයි. ඒවා ගැනත් බලන්න  ඕන.

දකුණු පළාත්සභා මන්ත‍්‍රී රංජිත් මුණසිංහ මහතා: බෝට්ටු ආපදා කළමනාකරණයේ තිබුණට වැඩක් නැහැ. ඒවා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලට දෙන්න  ඕනෑ. මම නියෝජනය කරන්නේ මුලටියන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය. ඒකේ ආපදා කළමනාකරණයෙන් එන විට ගංවතුර බැහැලා ගිහින් හමාරයි. ඒක නිසා ගංවතුර උවදුර පවතින හැම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම බෝට්ටු දෙකක්වත් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

ජනාධිපතිවරයා: බෝට්ටු දෙකක්වත් දෙන්න  ඕන. මම දන්නවා එහෙම තියන ප‍්‍රදේශ. හොඳයි ඒ අවශ්‍ය ප‍්‍රදේශවල තොරතුරු රැස් කරගන්න.

දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා: පාලම් ප‍්‍රශ්නය නිසා පාසල් දරුවන්ට පාසල් යාම අපහසු ප‍්‍රදේශවලට මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය සමග එකතු වෙලා අපිට තාවකාලිකව පාසල් බස් රථ සේවාවක් ලබා දෙන්න පුළුවන්. අවශ්‍ය තැන් කියන්න, අපි ප‍්‍රවාහන පහසුකම් සපයන්නම්.

මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා: මාතර තුඩාව හා කුරුඳුවත්ත පාරේ සර්විස්ටේෂන්වලින් ආපු කළුතෙල් එහෙම නිසා පිරිසුදු කිරීමට ජල පහසුකම් නැහැ. හුඟක් අයට අවශ්‍ය ජල පහසුකම් නැති නිසා ඒ කටයුතු කිරීම ප‍්‍රමාදයි. සමහර තැන්වල විදුලියත් නැහැ. බවුසර්වලින් ජලය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

ජනාධිපතිවරයා: ප‍්‍රාදේශීය සභාවල තිබෙන බවුසර් හරි ගෙනවිත් ඒ පිරිසුදු කිරීම්වලට අවශ්‍ය ජලය ලබා දෙන්න.

මංගල සමරවීර මහතා: බවුසර් විශාල ප‍්‍රමාණයක් දුන්නා. ගම්වල අපට ලොකු ටැංකි තිබ්බා. මේ පිරිසිදු කටයුතුවලටත් අපි ඒ මෙහෙයුමම කරමු. ඒ ටැංකිවලට පුරවලා ජලය ලබා දෙමු.

ජනාධිපතිවරයා: ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඇතුළු රජයේ ආයතනවල තිබෙන බවුසර් ගෙවල් පිරිසුදු කිරීමේ කටයුතුවලට අවශ්‍ය ජලය ලබාදීමට යොදවන්න.

සාගල රත්නායක මහතා: මමත් බවුසර් දහයක් එවන්නම්.

මංගල සමරවීර මහතා: සාගල ඇමතිතුමා බවුසර් දහයක් දෙන්නම්ලූ.

ජනාධිපතිවරයා: අන්න තවත් බවුසර් දහයක් දෙනවලූ. ඒවා සියල්ල යොදවන්න. ඒ බවුසර් දිසාපතිතුමාට යවන්න.

ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා: දැනට හැම පළාත්පාලන ආයතනයකටම අමතරව වියදම් කරන්න රුපියල් ලක්ෂ පහළොව බැගින් දීලා තිබෙනවා. පෞද්ගලික අයගේ නිවාසවල කඳු වැටිලා පස්වලින් පිරිලා. දුප්පත් ඒ අයගේ නිවාසත් පිරිසිදු කරලා තිබෙනවා.

ෂාන් විජයලාල්ද සිල්වා මහතා: ඒ කටයුතු සිදු කරන්න අපි මුදල් දීලා තිබෙනවා. ඒ නිසා මූල්‍යමය ගැටලූවක් නැහැ. අනෙකුත් පළාත් සභා පවා අපට උදව් කරන්න ඉදිරිපත් වෙලා තිබෙනවා. තව මුදල් මදිනම් අපි ඒවත් දෙන්න සූදානම්. මධ්‍යම, වයඹ, ඌව පළාත් සභා දැනටමත් අපිට උදව් කරන බව පවසා තිබෙනවා.

මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා: අද ගොඩක් අය අසරණ වෙලා. මට මොරවකදී හමුවුණා අපේ අම්මා කෙනෙක්. තමන්ගේ සැමියා දරුවන් දෙන්නාම කන්දට යට වෙලා. ඇය තනි වෙලා. අවතැන් කඳවුරේදී ඇය කෑම ලබා ගන්න යන්නේ සාමාන්‍ය පෝලිමේම තමා. ඇය අහනවා මගේ හිතේ තිබෙන වේදනාවට පෝලිමේ යන්නේ කොහොමද කියලා. මේ මිනිසුන්ගේ මානසික තත්ත්වය හදන්න, ජීවන තත්ත්වය හදන ගමන්ම එයත් කරන්න. ඒ වගේම දැනට ඉස්කෝලේ ඉන්න අය තව ටික දිනකින් ඉවත් කරාවි. එතකොට ඔවුන් කොතනටද යන්නේ, ඔවුන්ට ජනාධිපතිමන්දිරය දුන්නත් වැඩක් නැහැ. මානසික ප‍්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඒ නිසා මානසිකත්වය ගැන වැඩපිළිවෙළක් හදන්න.

සුනිල් හඳුන්නෙත්ති මහතා: 2003 ගංවතුරට හසු වූ අයමයි මෙවරත් විපතට පත් වුණේ. ව්‍යාපාරික ස්ථානත් එහෙමයි. හානියට පත් ව්‍යාපාරිකයින් වෙනුවෙන් සහන ක‍්‍රමයක් සලසා දෙන්න. පාසල් දරුවන් ගැනත් බලන්න.

ජනාධිපතිවරයා: පාසල් දරුවන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. මානසිකත්වය හදන්න සෞඛ්‍ය අමාත්‍යංශය වෙනමම වැඩසටහනක් ක‍්‍රියාත්මක කරනවා. දිසාපතිතුමා ඒ මන්ත‍්‍රීවරුන් දෙදෙනාගේම අදහස් සටහන් කර ගත්තා. ඒවා ක‍්‍රියාවට නැංවීම සඳහා යොදා ගමු.

දකුණු පළාත් සභා මන්ත‍්‍රී බිංදු වීරසිංහ මහතා: ගංවතුර පාලනය කරන්න මේ වේලි කපනවා. 2003 දීත් එහෙම කළා. එවැනි තැන්වල ඇනිකට් හැදුවොත් හොඳයි කියලා හිතෙනවා.

ජනාධිපතිවරයා: වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒ ගැන මොකද කියන්නේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව: ජනාධිපතිතුමනි අපිත් බලාපොරොත්තු වෙනවා එතන ඇනිකට් එකක් සාදන්න.

මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා: දැනට තිබෙන චක‍්‍රලේඛ යටතේ හානි පැමිණවූ දේපොල වලටයි විතරක් වන්දි ගෙවන්න පුළුවන්. නමුත් නිල්වලා නිම්නයේ අඩි දහය දොළහ දින හය හතක් ජලයෙන් යට වූ නිවාස තිබුණා. නමුත් දේපොළ හානියක් නැතිනම් ඔවුන්ට වන්දි ලැබෙන්නේ නැහැ. ඒ නිසා ගංවතුර සම්බන්ධයෙන් අපි අලූත් ප‍්‍රතිපත්තියක් හදලා ක‍්‍රියාත්මක කරමු කියලා මම යෝජනා කරනවා. දිසාපතිතුමාගේ වාර්තාව අනුව හිතෙනවා රාජ්‍ය යන්ත‍්‍රය විතරයි ගංවතුර වෙනුවෙන් වැඩ කළේ කියලා. රාජ්‍ය යන්ත‍්‍රය විතරක් නෙමේ සමාජ යන්ත‍්‍රයක් විශාල කැපවීමක් කළා.

ඒ නිසා කරුණාකරලා ඒක නිවැරදි කරන මෙන් ඉල්ලා සිටිනවා. ඒ සියලූ දෙනාම ඇගයීමට ලක් විය යුතුයි. ඒ වගේම 2003 දී පිල¥ව වේල්ල කැපුවා. ඒක 2017 දී ආපහු කැපුවා. 1917 දීත් මාතර දිස්ත‍්‍රික්කයට ගංවතුර ඇවිත් තිබෙනවා. නිල් කොල රතු ආණ්ඩු යටතේ අපි මේවා ගැන සාකච්ඡා කළා. මම මහජන නියෝජිතයෙකු ලෙස නොව පුරවැසියකු ලෙස ඉඳලා සිටිනවා. නිල්වලා යෝජනා ක‍්‍රමයේ තුන්වැනි අදියර ක‍්‍රියාත්මක කරන්න කියලා.

ජනාධිපතිවරයා: ඩලස් අලහප්පෙරුම මන්ත‍්‍රීතුමා සඳහන් කළ පරිදි ගෞරවය පිළිබඳ යෝජනාව මම ඒ ආකාරයටම ස්ථීර කරනවා. දීර්ඝ කාලීන සැලසුම් සම්බන්ධයෙන් යෝජනා ක‍්‍රියාත්මක කරන්න මම බලාපොරොත්තු වෙනවා. සුද්ධ පවිත‍්‍ර කරන්න බැරිවෙච්ච පාසල් තවත් තිබෙනවාද?

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත‍්‍ර මහතා: මාතර දිස්ත‍්‍රික්කයේ නම් එහෙම ප‍්‍රශ්නයක් නැහැ. ගාල්ලේ පාසල් දෙකක් නම් තිබෙනවා. ඒත් විද්‍යුත් උපකරණ නම් විනාශ වෙලා. සතියක් විතර යයි ඒ සියල්ල යථා තත්ත්වයට පත්කර ගන්න. විනාශ වූ විදුලි උපකරණ සියල්ල යළි ලබා දෙනවා.

සුනිල් හඳුන්නෙත්ති මහතා: රාජ්‍ය සේවයේ සියලූම නිලධාරීන් මහත් සේවාවක් කළා. රාහුල විද්‍යාලයේ අවතැන් කඳවුරේ ග‍්‍රාම නිලධාරීන් දෙදෙනෙකු ගැන ප‍්‍රවෘත්තියක් විද්‍යුත් මාධ්‍යයකින් මම දැක්කා. මම සිතනවා එතැන දී ඔවුන්ට අසාධාරණයක් වුණා කියලා. ඒ වගේම එය ග‍්‍රාම නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන්ට කැළලක් වෙන්න පළුවන්. ඊට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා සිටිනවා.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා: දැනටමත් ඒක ගැන පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මූලික වාර්තාවෙන් පසු එය අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මාධ්‍ය ඉක්මන් වෙලා කරපු වැඩක් වගේ. රජයේ නිලධාරීනුත් ආපදාවට ලක් වෙලා ඉන්න ගමන් තමයි වැඩ කරන්නේ. ඒක ගැන ප‍්‍රශ්නයක් නැහැ.

හිටපු දකුණු පළාත් සභා මන්ත‍්‍රී ලාල් පේ‍්‍රමනාත් මහතා: පාසල් වගේම පෙර පාසල් විශාල සංඛ්‍යාවකුත් මේ ආපදාවට ලක් වෙලා තිබෙනවා. ඒවාටත් සහනයක් සලසන ලෙස ඉල්ලා සිටිනවා.

චන්දිමා රාසපුත‍්‍ර මහතා: කොට්ඨාස මට්ටමින් එහෙම හානි වෙච්ච පෙර පාසල් වල තොරතුරු ලබා දෙන්න. ඒවා ගැනත් සළකා බලන්න අපි කටයුතු කරනවා.

මංගල සමරවීර මහතා: මේ ආපදාවේදී ජනතාව වෙනුවෙන් උදව් කරන්න ඉදිරිපත්වූ රජයේ නිලධාරීන් ඇතුළු සියලූ දෙනාට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම නිල්වලා ව්‍යාපාරයේ තුන්වැනි අදියරත් ඩලස් අලහප්පෙරුම මන්ත‍්‍රීතුමා කිව්වා වගේ අදහස් හා යෝජනා ලබාගෙන ක‍්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද විපක්ෂයේ ඉන්න කොට තමයි හොඳ අදහස් මතු වෙන්නේ. ආණ්ඩු පක්ෂයේ ඉන්නවට වඩා ඩලස් අලහප්පෙරුම මහතා මේ දිස්ත‍්‍රික්කයේ නායකයා විදිහට අවුරුදු දහයක් හිටියා. ඒ කාලෙත්  ඕවා ක‍්‍රියාත්මක කරන්න තිබුණා. අතීතය ගැන නොසිතා දැන්වත් අපි ඒවා ක‍්‍රියාත්මක කරමු.

දකුණු පළාත් සභා මන්ත‍්‍රී ඞී.ජී. චන්දන ප‍්‍රියන්ත මහතා: මාතර දිස්ත‍්‍රික්කයේ ආසන හතෙන් හයක් ගංවතුරට යට වුණා. නමුත් කඹුරුපිටිය ආසනයට අධීක්ෂණ මන්ත‍්‍රීවරයකු පත් කර නැහැ. ඒකෙන් සම්බන්ධීකරණ  සම සභාපති ලෙස මා ටිකක් විසි වෙලා ගිහින් තිබෙනවා. ලක්ෂ්මන් ඇමතිතුමා දැන් ටිකක් හයිය අරගෙන ඒක කරගෙන යනවා. ඒ නිසා අද හෙටම අධීක්ෂණ මන්ත‍්‍රීවරයකු පත්කර ඒක නිවැරදි කරදෙන ලෙස ඉල්ලා සිටිනවා.

මංගල සමරවීර මහතා: ඒක බොරු කතාවක්.

ජනාධිපතිවරයා: හොඳයි දැන් වෙන ගංවතුරකට යන්න හදන්නේ. ඒක නිසා රැස්වීම මෙතනින් නතර කරනවා. සියලූ දෙනාම එක හා සමානව වැඩ කළා. හැමෝටම ස්තූතියි.

මාතර දිස්ත‍්‍රික්කයේ සියලූම රාජ්‍ය ආයතන ප‍්‍රධානීන්, දේශපාලනඥයින්, ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම රැස්වීමට සහභාගි වූහ.



අදහස් (3)

අනාගතයේදීවත් ජනතාව විපත්වලින් මුදාගන්න රජයක් ලෙස තීන්දු තීරණ ගන්නවා

jeewa Thursday, 08 June 2017 03:52 PM

මම කල්පනා කරන්නේ අනාගතයේදී ඔබතුමා දේශපාලනයෙන් විශ්‍රාම ගත්ත දවසට කොහොමද යන්නේ? කියලා

:       0       52

M.A.Somasiri Sunday, 11 June 2017 12:22 AM

වැඩ ගොඩක් තිබුණට කරන්නේ බොහොම පොඩ්ඩයිනේ...

:       0       45

Danushka Sunday, 11 June 2017 01:33 PM

පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාම මතක් කරමින් තමයි ලංකාවේ හුඟක් මිනිස්සු ඉන්නේ...

:       0       18

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 194 4

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1186 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 969 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2319 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2166 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3693 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1713 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site