(චන්ද්‍රසේන ගමගේ)
බැඳුම්කර වංචාවට හවුල්වූවන් අත්අඩංගුවට ගන්නා ලෙස බල කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන ඇති නමුත්, වත්මන් ආණ්ඩුව බැඳුම්කර හොරු ආරක්ෂා කරමින් සිටිනා බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා අද(05) පැවසීය.
කළමැටිය ප්‍රදේශයේ කොරියානු ආධාර යටතේ ඉදිකරන ලද නිවාසවල පදිංචිකරුවන්ට පානීය ජලය හා විදුලිය නොමැති වීම හේතුවෙන් මතු වූ ගැටළු ගැන විමසීම සඳහා කළමැටියට පැමිණි මන්ත්‍රීවරයා මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළතුරු සපයමින් එසේ පැවසීය.
ඒ මහතා මෙසේද කීය.
“මේ ආණ්ඩුව බලයට පැමිණියේ අපේ ආණ්ඩු කාලයේ බවට චෝදනා ලැබූ මහ බැංකු බැඳුම්කර වංචාවට සමබන්ධ වූවන්ට නීතිය ක්‍රියාත්මක කරනවා කියලායි. රංජන් රාමනායක මන්ත්‍රීවරයාත් නිරන්තරයෙන් කිව්වේ මහබැංකු වංචාවට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගන්න කියලාටි. නමුත් දැන් වී තිබෙන්නේ හොරු අල්ලන්න කියපු අය අත්අඩංගුවට ගැනීමයි.
මහබැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ අය අත්අඩංගුවට ගන්න නම් ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දෙන්න කියලා උදය ගම්මන්පිළ, විමල් වීරවංශ පසුගිය කාලය පුරා වේදිකාවල මොර දුන්නා. මේ රටේ මහා සංඝරත්නය හොරු අල්ලන්න ගෝඨාභයට ඡන්දය දෙන්න කියා මේ රටේ මහජනතාවගෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව මේ රටේ ජනතාව මේ ආණ්ඩුව බලයට පත් කළා.
මම අගමැතිවරයාගෙන් හා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. මහබැංකු වංචාවට සම්බන්ධ අය අත්අඩංගුවට ගන්න කියලා” යැයිද මන්ත්‍රීවරයා කීය.

2025 දෙසැම්බර් මස 18
497
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
“බැඳුම්කර හොරු අල්ලන්නැයි කී රන්ජන්ව අත්අඩංගුවට අරගෙන”
rama Sunday, 05 January 2020 09:35 AM
ඉතින් දිලිප් මේ ඔහෙලගේ අගමැති රනිල් දාපු පොලිස් කොමිසම කරන දේවල්නේ. රනිල් තමා කියන්න ඇත්තේ රන්ජන් ගන්න කියලා. ඒකෙන් ආණ්ඩුවට අපකීර්තියක් එනවාඑ. රන්ජන් ජනප්‍රිය වෙනවා. මේකත් ඔහෙලගෙ වැඩක්ම තමා. අලුත් ආණ්ඩුවෙන් කියන්නේ නෑ අරයා ගන්න මෙය ගන්න කියලා. ඔහෙලගෙ ආණ්ඩුවේ පාටලී රාජිත අනුරකුමාර රනිල් වගේ කට්ටිය තම පොලිස් කොමිසමට කිව්වේ අරයා මෙයා ගන්න කියලා.
විභීෂණSunday, 05 January 2020 01:13 PM
ලංකාව ඉතාම දියුණු තත්වයක තිබුණේ රාවණා කාලයේ කියලා අසා තිබෙනවා. ඒ කාලයේ දඬුමොණරයෙන් රාවණා රජතුමා ගමන් ගිය බවත් කියැවෙනවා. සියලු දෙයින්ම දියුණුව තිබුණු මෙම රට විනාශ කලේ රාමා කියපු කල්ලතෝනියෙක් කියලත් කියැවෙනවා.