(පුෂ්පකුමාර ජයරත්න)
රට වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජීවිතය පූජා කළ රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුතාට රට ගොඩ නැඟීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ කතානායක කරු ජයසූරිය මහත්වරු ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සියලුම දෙනාගේ ආශිර්වාදය ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව සජිත් ප්‍රේමදාස මහතා අද (05) සවස කුරුණෑගලදී ප්‍රකාශ කළේය.
තමන් බියගුල්ලෙකු හෝ නිවටයෙකු නොවන බවත් තමන්ට එම අවස්ථාව ලබා දුනහොත් සියලුම දෙනා ඒකරාශී කරගෙන රට ගොඩ ගන්නා බවත් පොරොන්දු වන බවද ඒ මහතා පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා කුරුණෑගලදී පවත්වන ලද ජන හමුවකදී සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේය.
ඒ හයිය තමන්ට ලබා දුන්නොත් තමන්ට ඇති රණසිංහ ප්‍රේමදාස එඩිතර භාවයෙන් රට ගොඩ නැගීම සඳහා ප්‍රතිඥා දෙන බවද ඔහු පැවසීය.
මෙය සජිත් සමඟ පෙරට මැයෙන් දිවයින පුරා සංවිධානය කරනු ලබන එජාප ජනහමු මාලාවේ තෙවැන්න වන අතර කුරුණෑගල සත්‍යවාදී පිටියේදී මෙම ජන හමුව පැවැත්විණි.
මෙම ජනහමුව හේතුවෙන් කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගය පැය හතරකට ආසන්න කාලයක් සම්පුර්ණයෙන්ම වසා තැබීමට පොලිසියට සිදුවිය.
මෙම ජන හමුවට ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ , විදේශ වෙළද සහ උපාය මාර්ග සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර ජයමහ සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසිංහ
ස්වදේශ කටයුතු අභ්‍යන්තර කටයුතු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල,රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා , මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න , ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා , පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි , කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් පෙරේරා , ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් මයිකල් පෙරේරා , මාතලේ නගරාධිපති රංජිත් අලුවිහාරේ මහත්වරු මෙම ජන හමුවට සහභාගි වූහ.
ඔවුන්ට අමතරව තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් යටිතල පහසුකම් කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා , චන්ද්‍රානි බණ්ඩාර , සුජීව සේනසිංහ , දිලිප් වෙදආරච්චි , ඉන්දික බණ්ඩාරනායක , බන්දුලාල් බණ්ඩාරිගොඩ මැති ඇමැතිවරු සම හිටපු පළාත් නියෝජිතයෝ සහ පළාත් පාලන නියෝජිතයින් විශාල පිරිසක්ද සහභාගි වූහ.



COMMENTS
එත් එජාපෙ ඔක්කොම චන්දෙ දුන්නත් ජනාධිපති වෙන්න බැහැනේ? ඉස්සර නම් රටේ මුළු චන්ද ගණනින් සියයට පනහකටත් වැඩියෙන් උන්න තමයි. නමුත් දැන් සියයට තිහක් තිස්පහකට වැඩිය නැහැනේ?
බම්බුව තමයි. ඔය වගේ බල තණ්හා එකෙක්ට ලැබෙයි ආශීර්වාද, බලාගෙන ඉන්නකෝ. ඊට ඉස්සරවෙලා අර ලක්ෂ 36,000 ට කරපු දේ කියන්න.
පක්ෂ විවස්තාවට විරුද්ධව තම ඒකමතික තීරණයක් ගෙනෙමින් මමයි ජනපති අපේක්ෂක කියා පක්ෂයට තර්ජනය කරන මොහු නිකමට හරි බලයට පත්වුනොත් හිට්ලර් මුසොලීනිට වඩා දරුණු නොවෙයි කියා කියන්න පුලුවන්ද ?
විනය නිතිය සදාචාරය යනාදියට පයින්ගසා හිතුමතේ වෙනත් දෙයකට වෙන්කර ඇති මුදල් හෝ වෙනයම් ප්‍රතිපාදන පුද්ගලිකව නොයෙදුව්ත් නිසි අවසරයන් හා නිසි දැනුවත් කිරීම් වලින් තොරව තමන්ගේ හිතුමතයට යෙදවීම වැනි ක්‍රියාකරන අය පිස්සන් මැරයන් ත්‍රස්තවාදීන් ලෙසයි හදුන්වන්නේ. සජිත් එජාපයේ නායකයටවත් අවනත නොවී රටේ මෝඩ ජනතාව එදා ජේවීපිය කලා මෙසේ පෙළගැස්වීම එවන් ත්‍රස්ත හෝ මැර හෝ පිස්සු ක්‍රියාවක්ම පමණි. මොහුට 2001දි උප ඇමතිකම ලැබුණ දවසේ පටන් ඔහු ජනාදිපති පුතු නිසා පක්ෂයේ බලය ගන්න සිරිකොතටත් ගල්මුල් ගසමින් මෛත්‍රී ජනපති කිරීම දක්වා යටි වැඩ කර 2015 සිට මෛත්‍රි අල්ලගන පක්ෂ නායකයා අසීරු තාවයට පත්කර පක්ෂයේ බලය ගන්න ක්‍රියාකර මෙසේ ජනපති අපේක්ෂකයා වෙන්න මේ කරන අශෝභන ක්‍රියාවට සහය දෙන සැමදෙන ද පිළිකුලින් යුතුව ප්‍රතික්ෂේප කලයුතු අතර මෙවැනි මැර හෝ ත්‍රස්ත හෝ පිස්සු අයෙකු ජනපති කරන්න තරම් එජාප නායකයෝ මන්දබුද්ධිකයයි නොසිතමි. මොහු මේ කරන දෙය අනාගත පරපුර නොමග යවන ඔව්වුන් පාලනය කළනොහැකි පිරිසක් බවට පත් කරන වැරදි පුර්වදර්ශයකි.
රට හා එජාපය වෙනුවෙන් රණසිංහ ප්‍රේමදාස දිවිපිදුවේ නැත. විශ්ව ගම්මානයක් වූ යම් දියුණුවක් ලබාඇති වත්මන් ලංකාව පාලනය කිරීමට එදා තරම්වත් බැරිය. මහින්ද 2015 නොපැරදුණානම් ලෝක බලවතුන්ගේ තහංචි අපේ රටට වැටෙන්නට නියමිතව තිබුණු අතර ඔහුව ජාත්‍යන්තර අධිකරණයට ගැනීමට ලෝක බලවතුන් සැරසෙන බව මහින්දම ප්‍රකාශ කිරීම තුළින් රට පාලනය මැර හෝ ත්‍රස්තවාදී හෝ පිස්සු වැඩ කරමින් සජිත් කියනවා වගේ බැරි බව දත යුතුයි. සජිත් ජනපති කළොත් යමකට වෙන්කර තිබෙන සල්ලි එයාට ඕනෑ රටේ වැඩකටම යොදා පුද්ගලික වැඩක් කෙරුවේ නැහැ කියයි. එහෙම හරිද?