(ඩයනා උදයංගනී)
සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය නොලැබුණහොත් විකල්ප ක‍්‍රියාමාර්ගවලට යාමට සිදුවන බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.
එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම හෙට (16) පැවැත්වෙන අතර එහිදී සජිත් ප්‍රේමදාස මහතාට පක්‍ෂ නායකත්වය ලබාදීමට තීරණයක් ගැනෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
ඉදිරි මහ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් පුළුල් සන්ධානයකින් තරඟ කළ යුතුය යන්න පක්‍ෂයේ බහුතර මතය බව කී නලීන් බණ්ඩාර මහතා පක්‍ෂයේ නායකයින්ද එම තීරණය ගනු ඇතැයි කීවේය.
දැනටත් එම තීරණය ගැනීම ප‍්‍රමාද වී තිබෙන බව කී මන්ත‍්‍රීවරයා ඉදිරි මහ මැතිවරණයට සූදානම්වීමට නම් කඩිනමින් සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය දිය යුතු බවත්, වත්මන් රජයේ වැඩපිළිවෙල ගැන ජනතාව කළකිරීමෙන් සිටින නිසා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ඉදිරිපත් වුවහොත් ආසන 113කට වැඩි බහුතර බලයක් ලබාගැනීමේ හැකියාව එක්සත් ජාතික පෙරමුණට තිබෙන බව ද ප‍්‍රකාශ කළේය.
වත්මන් රජයේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ඇති ගැටුම් නිසා ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අවශ්‍ය රට හදන වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇතැයි කී නලීන් බණ්ඩාර මහතා ඉදිරි මහ මැතිවරණයේදී ජයග‍්‍රහණය කර ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාම සදහා සහය ලබාදීම තම පක්‍ෂයේ අරමුණ බව ද පැවසීය.
නලීන් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ කොළඹ, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

( ඡායාරූපය -ශාන්ත රත්නායක)
2025 දෙසැම්බර් මස 04
36
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
338
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘සජිත්ට පක්ෂ නායකත්වය නොලැබුණොත් විකල්ප ක්‍රියා මාර්ගවලට යනවා ‘
kamal koyrala Wednesday, 15 January 2020 09:45 AM
එජාපයේ අවසානය...... රනිල් යන අයට යන්න දීලා පක්ෂය නවීකරණ කරන්න ඕන.
Rohana Thursday, 16 January 2020 09:14 AM
පක්ෂයට වඩා රනිල් අවශ්‍යයි කියා සිතන තාක් එජාපයට නැගිටීමක් නැති බව නම් පේනවා...
Bamunuarachchi Thursday, 16 January 2020 02:21 PM
ඉතින් යන්නකෝ? අපි කැමතියි රට රාජ්‍ය නායකයෙක් යටතේ තිබෙනවා නම් සජිත් රාජ්‍ය නායකයෙක්ද? JR ගෙන් පසුව එජාපයට රාජ්‍ය නායකයෙක් බිහිවුනේ නැහැ හලෝ...
චමින්දSaturday, 18 January 2020 01:41 AM
ජේ.ආර්.ගෙන් පසුව නායකත්වයට සුදුස්සන් දෙදෙනෙක් සිටියත් දැනට නායකත්වයට පොරකන පොරගේ අප්පා නිසා එක්සත් ජාතික පක්ෂයට ජේ.ආර්. ගෙන් පසුව නායකයෙක් නැතිවුණා. දැනට පොරපිටියේ සිටින කෙනා නායකත්වය ගත්තොත් පක්ෂය නැත්තටම නැතිවෙනවාමයි..!!!
wimani Tuesday, 21 January 2020 08:32 AM
කියා කියා ඉන්නේ ඉක්මනට යන්න.