(නාලක සංජීව දහනායක)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි ජනාධිපති අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ පවත්වන සාකච්ඡාවලට බාධාවක් නොවන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (6) පැවැසීය.
සාකච්ඡා සම්බන්ධයෙන් පක්‍ෂ දෙකම තවමත් අවසන් එකඟතාවයකට පැමිණ නැති බැවින් තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කීය.
ඔහු එහිදී මෙසේද කීය.
“ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නැහැයි කිව්වා නම් ඒ පක්‍ෂය එතනින්ම ඉවරයි. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මේ කළේ කළ යුතුව තිබූ කාර්යයක්. මම හිටියනම් මමත් මේ උපදෙස්ම දෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෙම තීරණය පොහොට්ටුව සමඟ පවත්වන සාකච්ඡාවලට බාධාවක් නෙමෙයි. ඒ සාකච්ඡා තවදුරටත් පවත්වාගෙන යන්න අපි බලාපොරොත්තුවනවා. නැවත එක්සත් ජාතික පක්‍ෂයේ කොළපාට සෙවණැල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැටෙන්න ජනාධිපතිතුමා ඉඩ නොතබන බව විශ්වාසයි” යැයිද වික්‍ෂනායකවරයා කීය.
බත්තරමුල්ල, අපේගම පරිශ‍්‍රයේ අද (6) පැවැති යුක්තියට හ`ඩක් සංවිධානයේ මහ සමුළුව අවසන්වීමෙන් පසුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් විපක්‍ෂනායකවරයා මේ බව කීය.
(ඡායාරූප - ඉෂාන් සංජීව)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු ශරීරයේම බල තණ්හාව පිරිලා.. සාටකයන් දේශපාලන බිමෙන් තුරන්ම වෙන්නේ මේ වතාවෙයි.
අපේක්ෂක එක්කෙනෙක් නමුත් යන යන තැන්වල උස් පුටුවල වාඩිවෙවී කැපී පෙනිමින් තප්පුලන්නේ වෙන කෙනෙක් .අපිට වැටහෙන්නේ මල්ලිව පඹයට තියාගෙන මමයි රජාට අඳිනවා කියලයි . අතින් බලය ගිලිහුනොත් නාමල් කුමාරයාව රජකමට උස්සලා තියන්න බැරි වෙනවානේ .
කට ඇරියොත් බලය ගන්න හැටි තමයි කියවන්නේ. දිව ඔහේ නැමෙනවා, කිසිම ප්‍රතිපත්තියක් නෑ. අපේ වහල්ලුත් පස්සෙන් යනවා...