(මුදිතා දයානන්ද)
විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරිම සඳහා වන විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නිසා අගමැති රනිල්ගේ බලය අයන්නකින්වත් වෙනස් වන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (25) පැවසීය.
දිසානායක මහතා මෙසේ පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය සාකච්ඡාවකදී වන අතර එහිදි ඔහු මෙසේද පැවසීය.
විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් වත්මන් අගමැතිගේ හෝ ජනාධිපතිගේ බලතල වල කිසිදු වෙනසක් සිදුවන්නේ නැහැ. එය ක‍්‍රියාත්මක වන්නේ 2020දී වත්මන් ජනාධිපතිගේ ධූරකාලය අවසන් වීමෙන් පසුවයි. මෙතුළින් අහෝසි වන්නේ ජනාධිපති ධුරය නොව එය සතු විධායක බලතල පමණයි. තවදුරටත් ජනාධිපති රාජ්‍යයේ නායකයාය. සේනාධිනායකයාය.
එසේම ආණ්ඩුකාරවරුන් පත්කිරිමේ බලතලත් ඔහුට හිමියි. දැනට ජනාධිපති ධූරය සතු විධායක බලතලවලින් කොටසක් පාර්ලිමේන්තුවට ලැබෙනවා. අනෙක් බලතල අගමැතිට, කැබිනට් මණ්ඩලයට, ව්‍යවස්ථාදායක සභාවට හා ඒ මගින් පත් කෙරෙන කොමිෂන් සභාවලට ආදි ලෙස බෙදී යනවා.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුලූල් කරගැනීමේ අරමුණෙන් යම් යම් පාර්ශ්ව මැතිරවණ ක‍්‍රමය වෙනස් කිරිම හෝ ව්‍යවස්ථාවේ තවත් වෙනස්කම් සිදුකිරිම සම්බන්ධයෙන් යෝජනා ගෙන එනවා නම් ඒ සියල්ල සම්බන්ධයෙන් සාකච්ඡාවකට සූදානම් අතර මහානායක හිමිවරුන් ඇතුළු මහාසංඝරත්නය සමඟ කිරිමටද සුදානමින් සිටිනවා. ලෝක කම්කරු දින සැමරුමෙන් පසු මහජනතාව ද දැනුවත් කර මේ කෙටුම්පත මැයි මාසය තුළ අනිවාර්යයෙන්ම පාර්මේන්තුවට ගේනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කළත් පළාත් සභා බලතල වැඩිකර ජනාධිපති බලතල අඩුකළොත් වෙන වෙනම රජයන් බිහිවෙනවමයි. පළාත් සභා කියන්නේ අපිට පටවපු එකක්. ඒකාලේ සන්නිවේදනය, මහාමාර්ග නොදියුණු කාලේ ඕක ටිකක් වටිනවා වුණත් දැන් සල්ලි කන වැඩක්... ඔය සල්ලි ලොකු වාරිමාර්ග ව්‍යාපෘතියකට යෙදවිය හැකියි. ජනතා නියෝජන වැඩි කරන්න ඒ කියන්නේ යතින්, ආගමික වශයෙන් නියෝජනය වැඩි කරන්න ඕනේ නම් වෙනත් ක්‍රියා මාර්ග ගතහැකියි.
මේ මිනිහ රනිල්ට බලයේ ඉන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා.මෙයා කියපු දේවල් කවදද හරියට වුණේ. මෙයා කියපු කඩෙන් බඩ ගත්ත ජනතාවට ඇති වූ ඉරණම මොකක්ද. පුන්නක්කු කන්න වුණ එක විතරි. මේ අය නැතිවී ගිය ගිය දවසට රටට හොඳක් වේවි . විශ්ව විද්‍යාල වහල, ළමයි පාරේ. හැම ආයතනයකම මිනිස්සු එලියට බැහැල උද්ගෝෂණ. කිසිම ආයතනයකට වැඩ කරන්න දෙන්නේ නැහැ. මුගෙන් එකක් අහන්න කැමති. ඔය විධායක ජනපති අහෝසි කෙරුවම අපේ රටේ තියන ප්‍රශ්න ඔක්කොම විසඳෙනවද? කුඩු ප්‍රශ්නය, රට බෙදන ප්‍රශ්නය, ජාතිවාදී ප්‍රශ්නය, දුගී බව, ? මේ බක පණ්ඩිතය හදන්නේ අපේ රටේ නැති තව ප්‍රශ්නයක් මතුකරගන මේ අයගේ පැවැත්ම හදාගන්න.
ලංකාව වැනි කුඩා රටකට යෝග්‍ය වන්නේ ශක්තිමත් විධායක බලතල සහිත ජනාධිපති ක්‍රමයක් පමණයි.
මේ කිසි කෙනෙකුට ඕවා අදාළ නැහැ , ජනතාවගේ ප්‍රශ්න අදාළ නැහැ, ජනතාව ඉන්නේ කීයක් හරි අරගෙන චන්දය දෙන්න . අගනා කාලය නාස්ති කරමින් වාසිය තකා බල අරගලයක යෙදෙමින් පක්ෂ ටික, පක්ෂ පාට නොබලාම රට කාබාසිනියා කරමින් සිටිනවා.