(මුදිතා දයානන්ද)
'සාමාන්‍ය වැරදි කළ මේ රටේ සාමාන්‍ය මිනිස්සු හිරගෙවල්වල සිටියදී බරපතල වැරදි කළ රාජිතලා වැනි අය රෝහල්වලට වෙලා ඉන්න එක වෙනස් නොවුණොත් මේ රටේ ජනතාව තීන්දුවක් ගනීවි. ජනතාව ඒ ගැන අවදියෙනුයි ඉන්නේ' යැයි බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද (30) පැවසීය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේ කීය.
''යහපාලන ආණ්ඩුව නඩු පිට නඩු දාලා දස වද දෙද්දී අපි නම් කිසි දවසක අධිකරණවලට, පොලිසිවලට බයේ හැංඟුණේ නැහැ. මේ විදිහට ගියොත් වැරදිකාරයෝ සියලු දෙනා රෝහල්වල නවතින්න ගනිවි.
යහපාලන ආණ්ඩුව අමු අමුවේම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හානි කළා. නීතිය අවභාවිතා කළා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයාත් එක්ක අරලියගහ මන්දිරයේ දි තීන්දු අරගෙන තමයි ඒ අය නඩු අහන්න අධිකරණ තුනක් පිහිටෙව්වේ. රාජපක්ෂලාගේ නඩු දවස ගානේ අහන්න කියලා වෙනම අධිකරණයක් පිහිටෙව්වා. රාජිතම ඒ ගැන මාධ්‍ය හමුවේ ප‍්‍රකාශයක් කර තිබුණා.
අපි බලාපාරොත්තු වෙනවා රාජිතලාගේ මේ සිල්ලර වැඩ ගැන විතරක් නෙවෙයි නෙවිල් ප‍්‍රනාන්දු රෝහලෙන් පටන් අරන්, අපේ කලින් ආණ්ඩු කාලේ ධීවර ඇමති ලෙස සිටියදී කළ දේවල්වලට අදාළව පවා නීතිය අකුරට ක‍්‍රියාත්මක වෙයි කියලා. අධිකරණය නොමඟ යවන මෙවැනි අය ගැන අවධානයෙන් සිටිය යුතුයි'' යැයිද ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ චරිතයක් තියෙන අවංක ඇමැති කෙනෙක් රටටම සම්පතක්...
225 න් රාජිත විතරද අපරාධ කරලා තියෙන්නේ තමන්ගේ පක්ෂයේ නායකයා සිට මන්ත්‍රී දක්වා ඇහැ ඇරලා බලන්න. එක මල්ලේ පොල් වැරදි කරලා නැහැ කියන්න කාටද පුළුවන්..? මිනීමැරුම්, මරණ තර්ජන, අල්ලස්, මුදල් වංචා... මේ කට්ටිය දැන් අැමතිකමුත් දරන්නේ තව වැඩ බාරගන්න පෝලිමේ ඉන්නවා. ඔය කට්ටිය ඉන්න ඕන හිරගෙදර පෝලිමේ ජනතාව පැත්තෙන් ගත්තොත් එක වැරදි කරපු කෙනෙක් නිදැල්ලේ ඉන්නවද? සේරම ඇතුලේ අකුරට නීතිය ජනතාවට විතරයි.. ජනාධිපතිට සමාව දුන්නට පවුලේ කට්ටිය කරපු වැරදිවලට සමාව දෙන්න බැහැනේ...
"අපි නම් කිසි දවසක .... බයේ හැංගූණේ නෑ........"
රාජිත වැරදි කල බව උපකල්පනය කළත් ඔහු නිදහස් සෞඛ්‍යය සේවයට වෙනත් කිසිදු ඇමති වරයෙකු නොකළ අද්විතීය සේවයක් කළා. මෙයා දුෂණ හැරෙන්න වෙන මොනවද කළේ?
මේ ලංකාවේ මිනිස්සු මැරිලා ඉපදිලා වගේ... ඒ කාලේ බැසිල් රාජපක්ෂ පවා මේ හොස්පිටල්වල නැවතුණු ක්‍රියා පිළිවෙත නේද කලේ? ගම්මන්පිල මහත්තයා නම් කිව්වා අධිකරණ ඇමතිතුමාට මේක කරන්න බැරිනම් එ් පිළිබඳ ක්‍රියාකරනවා කියලා. ඇයි ඉතින් දැන් අර MCC එකෙන් පච වෙලානේ ඉන්නේ. ඔබතුමාට ඉතින් පුළුවන්නේ ආණ්ඩුවට බල කරන්න අර බැංකු මංකොල්ලයට මුලින්ම වගකිවයුතු අගමැති සහ මුදල් ඇමති හිරභාරයට ගන්න. ඡන්දෙ දවස්වල දුන්නු ලස්සන කතා වල කියපු දේ අද වෙන්නේ නැහැ නේද?
මේ අර නයා කාපු කෙනා නේද?
රාජිතට කලින් මෙයාව නයා කාලා.. මේ කලාව පටන් ගත්තේ මෙයාලම තමයි.