IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘මාර්තුවේ තුනෙන් දෙක හඹාගිය පොහොට්ටුවට ජූලියේදී සරළ බහුතරයවත් නැහැ’

(නිමල කොඩිතුවක්කු)
 
මාර්තු මාසයේ තුනෙන් දෙකේ බලයක් හඹාගෙන ගිය පොහොට්ටුවට ජූලි මාසය වනවිට සරළ බහුතරයවත් ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා කොළඹදී අද(17) පැවසීය.
 
තමන්ට මැතිවරණය ජයග්‍රහණය කරන්න රටේ ජනතාව කොරෝනාවට නෙවෙයි මාරයාට වුණත් දෙන්න මේ ආණ්ඩුව සූදානම් බවද මරික්කාර් මහතා සඳහන් කළේය.
 
සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලය පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා මෙසේ ද කීවේය.
    
“කොරෝනා පරාජය කරපු මේ රජයට සහය දෙන්න කියලා මැතිවරණ ව්‍යාපාරය කරද්දි පොහොට්ටුව සමහරු දාලා තියෙනවා. කොරෝනා රටට එන්න ඉඩ දීලා ඉන්පසු දෙවෙනි සහ තෙවෙනි රැල්ලටත් ඉඩ දීපු රජයට ඡන්දය දෙනවාද කියලා කල්පනා කරල බලන්න කියලා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පළවෙනි වටේ දී කොරෝනා වසංගතය එන්න ආණ්ඩුවේ වගකීම් විරහිත ක්‍රියාකලාපය හේතු වුණා. නාමයෝජනා දීලා මහ මැතිවරණය තියෙන්නෙ තිබුණු හදිස්සිය නිසා මාර්තු 19 වෙනකම් රට ඇරලා එයාපෝට් ඇරලා කොරෝනා වසංගතය රටට එන්න ඉඩ දුන්නා.
 
ඒ දවස්වල පී.සී.ආර් පරීක්ෂණ කරලා මේ වසංගතය පාලනය කරන්න ආණ්ඩුවට අවස්ථාවක් තිබුණා. එහෙත් ආණ්ඩුවට ලොකුවුනේ ඉක්මණින් මැතිවරණයකට ගිහිල්ලා තුනෙන් දෙකක් ලබාගන්නයි. ජනතාව ගැන වගේ වගක් මේ පොහොට්ටුවේ පිරිස්වලට තිබුණේ නැහැ.දේශපාලන වේදිකාවේ කිව්වට කොරෝනා රැල්ලක් කොහේවත් නැහැ කියලා මහින්ද මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කියනවා. මේවා මාර විහිලු. රටේ මිනිස්සු බොරුවට ද බය වෙලා තියෙන්නෙ කියලා අපි අහනවා.
කොරෝනා නැත්නම් ආයෙත් පාසල් වැහුවෙ ඇයි කියල මේ ආණ්ඩුව රටට හෙළි කළ යුතුයි. කොරෝනා අවදානමක් තිබිච්ච නිසා තමයි පාසල් වැහුවේ. ඒ නිසා ආණ්ඩුවට අපි කියනවා බොරු කියන්න එපා කියලා.මේ අය මාර්තු මාසේ ඉක්මණින් ඡන්දය තියලා  තුනෙන් දෙකක් ගන්න හඹා ගෙන ගියා. ආණ්ඩුව පත්වෙලා මාස නමයක් ගියත් රටේ ආර්ථිකය කඩාගෙන වැටිලා. ජීවන වියදම ඉහළ ගිහින්, රටේ ජනතාවට සහන නැහැ.

ජනතාවගේ වැටුප් කපලා. ලීසිං වාරික ණය වාරික ගෙවා ගන්න විදිහක් නැහැ.  රටවිරුවන්ට ලංකාවට එන්න විදිහක් නැහැ. රාජ්‍ය අංශය රැකියාවල විශාල අවදානමක් තියෙනවා. රණවිරුවන් රාජ්‍ය සේවකයන් රවට්ටලා.
දැන් මේ ආණ්ඩුවට තුනෙන් දෙකක් ගියා තියා 113 වත් ගන්න බැරුව ඉන්නවා. පරාජය පේන මේ ආණ්ඩුව ඉක්මණට මැතිවරණයට යන්න උත්සාහ කරනවා. තමන්ට මැතිවරණය ජයග්‍රහණය කරන්න රටේ ජනතාව කොරෝනාවට නෙවෙයි මාරයාට වුණත් දෙන්න මේ ආණ්ඩුව ලෑස්තියි” යැයිද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා මෙසේ ද කීවේය.

                            



අදහස් (3)

‘මාර්තුවේ තුනෙන් දෙක හඹාගිය පොහොට්ටුවට ජූලියේදී සරළ බහුතරයවත් නැහැ’

Raveendra Friday, 17 July 2020 04:48 PM

පැරණි කියමනක් මතකයට නැගෙනවා "හබන් කුකුලන් උඩු බුරනකොට" වල්ඌරන්ට" අවමගුල් කියලා... එය මොහුට ඉතාමත්ම හොඳින් ගැලපෙනවා.

:       1       23

de silva Saturday, 18 July 2020 02:54 PM

මොනවා නැති වුනත් පිට රට අතරමංවෙලා අනාථ කඳවුරුවල ඉන්න පුරවැසියන් ටික මාස 4ක් ගතවෙලත් ගෙන්වාගන්න ක්‍රමවේදයක් නැති ආණ්ඩුවෙන් වැඩක් තිබෙනවද.?

:       0       0

thilak Wednesday, 22 July 2020 07:31 AM

ඔහු ඊළඟ පාර්ලිමේන්තුව සඳහා තෝරා නොගනිමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site