(මුදිතා දයානන්ද)
මහාපරිමාණයෙන් මහජන දේපළ හා මුදල් හොරකම් කරන්නන් මා ඇතුළු අපේ පක්ෂයේ අයව හතුරන් ලෙස පිළිගැනීම ගැන මා ආඩම්බර වෙනවා. ඇවන්ට්ගාඩ් සභාපතිවරයා අපට එල්ල කරන චෝදනා අපි දකින්නේ ඒ අර්ථයෙන් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහතා පැවසීය.
පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණෙ ප‍්‍රධාන කාර්යාලයේදී අද (29) පැවති මාධ්‍ය හමුවකදී මෙසේ කීය.
ජනතා විමුක්ති පෙරමුණ මෙක්සිකන් ක‍්‍රමයට හොරකම් කරන්නේ යැයි ඇවන්ට්ගාඩ් සභාපතිවරයා කිසියම් මාධ්‍ය සාකච්ඡාවකදී කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීයකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී ඔහු මෙසේද පැවසීය.
‘අපි ගාව කලූ සල්ලි නැහැ. අපිට ආධාර ලැබෙන හැම ආකාරයක් ගැනම වාර්තා තිබෙනවා. බැංකුවට එන හැම සතයක් ගැනම බැංකුවේ වාර්තා වෙනවා. අපි තමයි පක්ෂයක් හැටියට තමන්ට ලැබෙන සැබෑ ආදායම රටට ප‍්‍රකාශ කර තිබෙන්නේ. අපි අපේ සැබෑ ආදායම හා වියදම මැතිවරණ කොමසාරිස් වෙත වාර්ෂිකව ලබාදෙනවා. ඒ නිසා තමයි වැඩිම ආදායමක් සහිත පක්ෂය බවට අපේ පක්ෂය පත්වෙලා තියෙන්නේ. අනෙක් පක්ෂ කලූ සල්ලිවලින් ලැබෙන ආදායම හංගලා තමයි වාර්තා හදන්නේ. නමුත් කරන වියදම අනුව ලැබීම කොයිතරම් වෙන්න පුලූවන්ද කියලා ජනතාවට තේරුම් ගන්න පුලූවන්.
හොරුන්ගෙන් මුදල් ගත්ත අය හොරු විවේචනය කරන්නේ නැහැ. හොරුන්ට එරෙහිව නීතියෙන් කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා ඔවුන් හොරුන්ගේ මිතුරන්. ඒ නිසා හොරුන්ගේ හතුරන් බවට මා ඇතුළු අපේ පක්ෂයේ අය පත්විම ගැන මට නම් තිබෙන්නේ ආඩම්බරයක්. ඒ අය නගන අභූත චෝදනාවලට අපි පිළිතුරු දිය යුතුයැයි මා හිතන්නේ නැහැ.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පුර්ණ ඇත්ත සහෝදරයා.
අැවන්ගාඩ් සභාපති දන්නවා අධිකරණයෙන් බේරෙන්න පුළුවන්... ඔබලාගෙන් තමයි බේරෙන්න බැරි කියලා. මේ හොරුන්ට කවදාවත් හැංගිලා ඉන්න ඉඩ තියන්න එපා. අවුරුදු 50ක් ගියත් ඔබ ජනාධිපති වෙන්න. මොවුන්ගේ නඩු නැවත අධිකරණයට අරගෙන හිර කුඩුවට දමන්න. නමුත් හොරකම් කරපු දේපල, මුදල් පවුලේ කට්ටියට තියලා යන්නේ. මේ හැම දෙයක්ම රාජ සන්තක කොට ඉගෙනීමේ හැටියට රැකියාවක් දෙන්න. කිසිම විභාගයක් සමත් නොවී.., උගතුන්ගේ සැලියුට් වලින් වැඩ කරන්නේ මේවා සේරම නතර කර... උගත් තැනැත්තාට නම්බු නාම දියයුතුමයි. මේ කාලකන්නි දේශපාලුවන්ගෙන් රටයි, ජනතාවයි බේරාගන්න ඕනෑ.. නමුත් කවදාහරි මේ රටේ උගතුන් හොයාගන්න බැරිවෙනවා. අසරණ දුගී දුප්පතුන් පමණක් ඉතිරි වෙයි. ඔබට වෙන්නේ බලය ගන්න ආණ්ඩුව පෙරලන්න නෙමේ සුද්දට ගහලා රට බේරාගත්තා වගේ චීනාට ගහලා රට බේරාගන්න. මොකද... හමුලා මුදල් කෑදරකමට රට බාගයක් විකුණලා, පොලියට දීලා තියෙන්නේ..
පසුගිය කාලයේ මිනීමරු කම්බ හොරුන් සමග යහපාලනය ගෙනෙන්නට සහයෝගය දුන් ජනතා විමුක්ති පෙරමුණේ පිරිසිදුභාවය පිලිබදව ගැටළුවක් නම් ගොඩාක් අයට තියෙන බව මැතිවරණ ප්‍රතිඵල වලින් පැහැදිලියි.
කවුරුත් දන්නා දෙයක් තමයි ජවිපෙ ප්‍රධාන පක්ෂ හොරකම් කරපු සහ ව්‍යාපාරිකයින්ගෙන් මුදල් වැසිකිළියේදි ලබාගෙන පක්ෂ අරමුදල තරකර ගත්තා කියලා. ඊටපසු එම රජයන්ට වක්‍රව උදව් කළා. තව තවත් හොරකම් කරන්න. ජවිපෙ එහෙම හොයලා බැලුවද එම මුදල් කොහොමද ලැබුනේ කියලා. එ්කේ පිරිසිදු භාවයක් තියෙනවද?
ඒ වගේම නිකරුණේ 60000ක් ජනතාව මරා දැමීමට හේතුපාද වුණු ජවිපෙ අයව ජනතාව සතුරන් ලෙස පිළිගන්නවා එ් නිසයි ඔබලා 3%ක් වැටුනේ... ඔබලා සිංහල ගීත රචකයෙක් මරා දැමීම ගැන ඔහුගේ බිරිඳ කතා කරන හැටි යූ ටියුබ් එකෙන් බලාගන්න පුළුවන්...