(නිමල කොඩිතුවක්කු)
ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ වත්මන් රජය ප‍්‍ර‍්‍රජාතන්ත‍්‍රවාදීව තිබූ රට සැලසුම් සහගතව මිලිටරිකරණයට ලක්කරමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ මහතා කොළඹදී අද (26) පැවසීය.
මහපාරේ රථවාහන හැසිරවීමේ සිට සියලූ සැලසුම් හා තීන්දු තීරණ ගැනීම දක්වා හමුදාව යොදාගැනීමට වත්මන් රජය පියවර ගෙන ඇතැයිද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
භීතියට පත්වූ රටක් වෙනුවට නිදහසේ ජිවත්විය හැකි රටක් වෙනුවෙන් සමගි ජනබලවේගය වටා එක්වැන්නනැයි රටේ සමස්ත ජනතාවට ආරාධනා කර සිටින බවද කොළඹ, මාර්ක්ස් ප‍්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අබේසිංහ මහතා පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ මහතා මෙසේද කීය.
‘‘දැන් මේ රජය බලයට පත්වෙලා දින 100ක් ගතවෙලා තියෙනවා. මේ රජය පත්කරන්න කැපවු අයගේ අපේක්ෂා භංගත්වයට මේ කාළය තුළ දිනෙන් දින වැඩිවෙමින් තියෙනවා.
2015 ජනවාරි 8 වනදා අපේ ජනාධිපති අපේක්ෂකයා ජයග‍්‍රහණය කරලා අපි දින 100 ආණ්ඩුව එදා හැදුවා. දින 100 ආණ්ඩුව යටතේ අපි ඉන්ධන මිල අඩු කළා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකළා, ජනතාවට සහන දුන්නා. 19 වන සංශෝධනය ඉදිරිපත් කර ස්වාධීන කොමිෂන් සභා ඇති කළා. ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස තහවුරු කරන්න ඒ කෙටි කාළය තුළ අපිට හැකිවුණා.
මේ සියල්ල සිදුකලේ අපි මන්ත‍්‍රීධුර 42ක් තියාගෙනයි. මන්ත‍්‍රීවරු 95ක් ඉන්න මේ රජය දැන් ප‍්‍රකාශ කරනවා අපිට තියෙන්නේ සුලූතර රජයක් ජනතාවට සහන දෙන්න විදියක් නැතිලූ. දැන් මේ පත්වෙලා ඉන්න ආණ්ඩුව රටේ ජනතාවට සහන දෙන්න තුනෙන් දෙකකක් ඉල්ලා සිටිනවා.
දැන් අගමැතිතුමා එතුමන්ගේ පිරිවර සමඟ ඉන්දියාවට ගිහින් ණය විරාමයක් ඉල්ලා සිටියා. මෙවැනි තත්වයට අද මේ ආණ්ඩුව අපේ රට පත්කරලා තියෙනවා. මේ දින 100 තුළ අපේ රට යළිත් ජාත්‍යන්තරයේ හෑල්ලූවට ලක්කරලා තියෙනවා.
දැන් මේ දින 100 තුළ රට සීඝ‍්‍රයෙන් මිලිටරීකරණයට ලක්වෙමින් පවතිනවා. රටේ ජනාධිපති, ආරක්ෂක ලේකම්, වරාය සභාපති, රේගු අධ්‍යක්ෂ ජනරාල් ආදි රටේ ඉහලම තනතුරු අද දරන්නේ විශ‍්‍රාමික හමුදා නිලධාරින්. ඒ වගේම බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙසත් හිටපු හමුදා නිලධාරියෙක් පත්කරන්න යනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා.
ඒ වගේම මාර්ගයේ රථවාහන හසුරවන පොලිසිය වෙනුවටත් දැන් හමුදාව යොදවමින් සිටිනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය කරා අපි ගෙන ගිය රට අද වනවිට සීඝ‍්‍රයෙන් මිල්ටරීකරනය කරමින් යනවා.
264000 ක් වන විදුල්පතිවරුන් සහ ගුරුවරුන් අද පාසල් එන්නේ නැතුව වර්ජනයක නිරත වෙනවා. 2015 අපේ රජය යටතේ ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය ඉවත් කරන්න අපි තීන්දුවක් ගත්තා. ගුරු සේවය සංවෘත සේවයක් කිරිමටත් අපි සාකච්ඡා කළා. යම් යම් තින්දු අරන් ඒවා ක‍්‍රියාත්මක වනතුරු එතෙක් ඔවුන්ට රුපියල් 3000ක අන්තර්කාලින දීමනාවක් ලබාදිමට අපි තීන්දුවක් ගත්තා.
අද එම දීමනාවත් කප්පාදු කරලා තියෙනවා. මේ හේතුවෙන් අද පාසල් පද්ධතියම අකර්මණ්‍ය වී තිබෙනවා. රාජ්‍ය සේවකයන්ගේ විශ‍්‍රාමිකයන්ගේ ඡුන්දයෙන් බලයට ඇවිත් මේ ආණ්ඩුව අද ඔවුන්ගේ වැටුප් දිමනා සියල්ලක්ම කප්පාදු කරලා තියෙනවා. අනිත් පැත්තෙන් රණවිරුවන් වෙනුවෙන් හඩා වැටුනා. අද ආබාධිත රණවිරුවන් යලිත් මහපාරට වැටිලා තියෙනවා.
මේ රජය රණවිරුවන් මහාසංඝරත්නය පිළිබඳ කිඹුල් කදුලූ හෙලූවා කියලා අද 69 ලක්ෂය වගේම මුලූ රටටම තේරුම් ගිහින් තියෙනවා. බලාපොරොත්තු වූ වෙනස සිදු වෙලා නැහැ කියලා පිටරට ඉඳලා වෙනසක් බලාපොරොත්තුවෙන් ලංකාවට ඇවිත් ඡන්දෙ දීපු පිරිසටත් අද තේරුම් ගිහින් තියෙනවා. නැවත මේ රට භාර දුන්නේ පරන හොරු රැළටම කියලා මේ ආණ්ඩුවට ඡන්දය දීපු පුද්ලගලයන්ට දැන් හැඟී ගොස් තිබෙනවා. දැන් මේ ආණ්ඩුවට ඡන්දය දීපු ලක්ෂ 69 ට ජනතාවට මුහුණ දෙන්න විදියක් නැතුව සිටිනවා.
මේ රජය දැන් දිනෙන් දින ජනතා අප‍්‍රසාදයට පත්වෙමින් තිබෙනවා. බොරු පොරොන්දු දි බලයට පත්වූ මේ ආණ්ඩුව එලැබෙන මහමැතිවරණයේදී පරාජය කරන්න සමගි ජනබලවේගය සමග පෙරට එන්න කියලා මේ රටේ සියලූම ජනතාවට අපි ආරාධනා කරනවා’’යැයිද ඔහු එහිදී පැවැසීය.
COMMENTS
මජරපාලනයට වඩා මිලිටරිකරණය හොඳයි...
හරි අමාරුයි මෙතෙන්ට කොමෙන්ට් එකක් ලියන්න...
යූ ටර්න් ජනාධිපතිවරයා ඔහුගේ නීතිඥවරයා හරහා නියමිත ලියකිලිවිලි ඉදිරිපත් නොකිරීමේ සිට, බලය ලබා ගැනීම සඳහා ගිහි පැවිදි හොර දේශප්‍රේමීන් ජනාධිපතිවරණයේදී පාවිච්චි කිරීමෙන් පසු මුඛවාඩම් දැමීමේ සිට, දුරකථනවලට අහුම්කන්දීමේ සිට, මාධ්‍ය හැක් කිරීමේ සිට, රාජ්‍ය ආයතනවල තනතුරවලට හමුදාව පත්කිරීමේ සිට මහපාර දක්වා රට මිලිටරිකරණය කිරීම පිටිපස්සේ තියෙන්නේ ඇමරිකාවට රට පාවාදෙන ගිවිසුම් අත්සන් කරද්දී දේශපාලන සගයින්ගේ (highly doubtful) සහ ජනතාවගේ විරෝධයක් ආවොත් එය මැඩ පැවැත්වීම මිසක් වෙනත් කිසිවක් නෙමෙයි. ඇමරිකානු පුරවැසියෙක් සහ ඊශ්‍රායල ඒජන්තවරයෙක් තවත් මොනවා කියන්නද? ඇමරිකන් ගිවිසුම් අත්සන් කරපු ගමන්, දැනටමත් පදනම දෙදරලා තියෙන නමුත් රටේ පැවැත්ම ආරක්ෂා කරන බුද්ධ ශාසනයේ මහා ගල්කණු කඩා වැටෙනවා. මහින්දයි 19යි නොහිටින්න යූටර්න් ජනාධිපති මෙලහට මේ රට ඇමරිකාවට පාවා දීලා ඉවරයි. වහල් ආණ්ඩුව 19 ගෙනාවේ රට පාවා දෙන්න. හැබැයි ඒ 19ම අද රට ආරක්ෂා කරනවා. මේක තමයි නොපෙනෙන බලවේග ආරක්ෂා කරන මේ ලක්දෙරණේ තියෙන අද්භූත බලය...
හා හා... ඒක මහජන ඡන්දෙකදී බලාගමු. ඔයා බොරුවට කලබල වෙන්න එපා. අපිට කරපුවා මතකයි.
අනේ නිකං යන්න අසෝක් යන්න...,
කලින් ආණ්ඩුවේ මිලිටරි නොතිබුන නිසා තමයි පාස්කුවේ දුන්නේ වැඩේ. ඔය කතාවන් කීමේ අයිතියක් නැහැ , ජනතාව මේ අය පන්නලා ඉවරයි.
අවුරුදු 4ක් ඔබත් ඇමතියෙක් වෙලා හිටියනේ... මොනවද කලේ මිලිටරි හොඳයි හොර දේශපාලකයින්ට වඩා... බලන් ඉන්න ඡන්දෙ දේවි...!!!
මෙරට විනය ගරුකව පාලනය වෙන්න පටන් අරන්. මිලිටරි ක්‍රමය නොවෙයි, ස්ටාලින් ක්‍රමය ආවත් අපිට කමක් නැහැ.. රට විනයගරුකව ඉදිරියට යනවා නම්... බය වෙන්න ඕනේ රට කන්න හදන පාදඩ දේශපාලකයින් මිස සාමාන්‍ය ජනතාව නොවෙයි.
අපි දැක්කා ප්‍රජාතන්ත්‍රවාදයේ තරම. රංජන් දම්මලා විනිසුරුවරුන්ට බලපෑම් කරලා...
යුද්ධය අවසන් වුණු ගමන්ම හිටපු හමුදාපති පෙරදැරි කරන් ජනපතිවරණය දිනන්න ගිය අය දැන් කියනවා රට මිලිටරිකරණය වෙමින් තියනවලු.
මිලිටිරිකරණය හොඳයි ජරාපාලනයට වඩා... එ්කේ නායකයා සජිත් මයා, දැන් කතා අහපුවාම තේරෙනවා හොඳට කරයි කියලා...