IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


‘ජීඑස්පී 2023 තෙක් දී ඇත්තේ එජාපෙ සමයේ ඇතිකරගත් ගිවිසුමකටයි’

(නිමල කොඩිතුවක්කු)

යුරෝපා සංගමය ජී. එස්. පී ප්ලස් බදු සහනය 2023 දක්වා ලබාදී ඇත්තේ පසුගිය එක්සත් ජාතික පෙරමුණු රජය සමයේ ඇතිකරගත් ගිවිසුමකට අනුව බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා අද (20) පැවසීය.

වත්මන් ආණ්ඩුව පවසන පරිදි ජී. එස්. පී ප්ලස් බදු සහනය එක්වර ලබාදීමක් සිදුව නොමැති බවත් පසුගිය රජය හා ඇතිකරගත් එකඟතාවයන් මත මෙම බදු සහනය 2023 වසර තෙක් මෙරටට හිමිවන බවත් ඔහු සඳහන් කළේය.

ජී. එස්. පී ප්ලස් බදු සහනය යළි ලබාගැනීම තම රජයේ ප‍්‍රධානතම ඉලක්කයක් බවත් ඒ වෙනුවෙන් තමන් ඇතුළු පිරිසක් බොහෝ කැපකිරිම් සිදු කළ බවත්  මන්ත‍්‍රීවරයා පැවසීය.

මෙරටට ජී. එස්. පී ප්ලස් බදු සහනය ලබාදීම යුරෝපා සංගමය ප‍්‍රතික්ෂේප කර තිබූ බවත් සඳහන් කළ මන්ත‍්‍රීවරයා එම සහනය ලබා ගැනීමට තම රජයට හැකිවීම විශාල ජයග‍්‍රහණයක් බවත් සඳහන් කළේය.

ජී. එස්. පී ප්ලස් බදු සහනය ලබා දීමට පෙර යුරෝපා පාර්ලිමේන්තුව ඡන්ද විමසීමක් සිදු කළ බවත් එහිදී ඡන්ද 400% ජයගෙන  බදු සහනය ලබා ගැනීමට පසුගිය රජයට හැකිවූ බවත් ඔහු කියා සිටියේය.

ජී. එස්. පී ප්ලස් බදු සහනය සමඟ මත්ස්‍ය තහනම ඉවත් කිරීම මෙන්ම භාණ්ඩ 6000ක් සඳහා බදු සහන හිමිවීම ආර්ථිකයට විශාල පිටුවහලක් වූ බවත් ඔහු කීවේය.

පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී ජී. එස්. පී ප්ලස් බදු සහනය ප‍්‍රතික්ෂේප කළ බවත් එහි වාසිය බංගලාදේශය ඇතුළු රටවල් ලබාගනිමින් ඔවුන් විශාල ආර්ථික දියුණවක් ලැබූ බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව පවසන පරිදි යුරෝපා සංගම් තානාපතිවරයකුට හෝ නිලධාරියකුට හෝ ජී. එස්. පී ප්ලස් බදු සහනය ලබාදීමට නොහැකි බවත් එය යුරෝපා පාර්ලිමේන්තු සංගමයේ පූර්ණ එකඟතාවයෙන් සිදුවන්නක්  බවත් හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

‘ජීඑස්පී 2023 තෙක් දී ඇත්තේ එජාපෙ සමයේ ඇතිකරගත් ගිවිසුමකටයි’

Nevil Tuesday, 28 January 2020 01:44 PM

මේ සහනය දෙන්නේ අන්ත දුගී රටවලට. 2023 වෙනකන් දුන්න කියන්නේ පැවති පාලනය යටතේ ලංකාව තව අවුරුදු තුනක් අනිවාර්යයෙන්ම අන්ත දුගී තත්වයෙන් තියෙන බව යුරෝපා සංගමයට තේරුණු නිසයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 83 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 918 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2538 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site