(නිමල කොඩිතුවක්කු)
කොරෝනා වසංගතය හේතුවෙන් රට මුහුණ දෙන ආර්ථික, සමාජිය සහ ආරක්ෂක ගැටලු ඇතුළු වර්තමාන අභියෝග ජයගැනිමට ජවසම්පන්න පාලනයක් බිහිකිරිමට කැපවෙන බව සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද(20) පැවසීය.
නාස්තිය, දූෂනය, වංචාව පිටුදකින සැමට ප්‍රතිලාභ හිමිවන කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් ඉටුකිරීමට සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශණය යොදා ගන්නා බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කලේය.
ප්‍රජාතන්ත්‍රවිරෝධී සියලු බාධක පරාජය කරමින් ආර්ථික, දේශපාලන, සමාජීය බලවේග එකට ඒකරාශි කර ජාතික අවශ්‍යතාවයන් සපුරාලමින් රටම බලගන්වා සද්ධන්ත ශ්‍රී ලංකාවක් නිර්මාණය කර ජනතාව දිනවන බවද ඔහු පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගය ප්‍රධාන කාර්යාලයේදී පැවැති මහමැතිවරණය සඳහා වන සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිණි.
ශක්තිමත් රටක් තෘප්තිමත් ජනතාවක් තේමාවෙන් එලැදැක්වූ සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඉදිරි වසර පහ සඳහා රට ගොඩනැගීමට අවශ්‍ය ආර්ථික සංවර්ධන වැඩ පිළිවල ඇතුළත් වේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.
“ ජනතාවත් අපත් අතර ඇතිකරගන්නා වු සමාජ ගිවිසුම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක ආරම්භයක් හැටියට මම හදුන්වන්නට කැමතියි.
පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශණයකින් ගම්‍ය වන්නේ අනුගමනය කිරීමට අපේක්ෂා කරන ප්‍රතිපත්ති මාලාවයි. සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති මාලාවත් අපේ ගමනත් අතර මනා සම්බන්ධතාවයක් ඇති බව මෙහිදී පැහැදිලි කළ යුතුයි.
ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය පුරාවටම සෑම මැතිවරණ සමයකදීම විවිධ ප්‍රතිපත්ති ප්‍රකාශණ එලි දක්වනවා අපි දැකලා තියෙනවා. ඒ ඉදිරිපත් කරන වැඩසටහන් රාජ්‍ය බලය ලැබුනයින් පසුව ක්‍රමිකව අමතක කරනවා.
සම්ප්‍රදානුකූලව මෙතක් ක්‍රියාත්මක වූ ප්‍රතිපත්ති ප්‍රකාශණ එලිදැක්විමත් සමගි ජනබලවේගය ඉදිරිපත් කර තිබෙන ඒ වැඩපිලිවෙලත් දර්ශණයත් අතර වෙනසක් තිබෙනවා. අපි ක්‍රමිකව දිනවකවානු සහිතව සැලැස්මක් අනුව මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙනවා. මේ රටේ සමස්ථ ජනතාවත් සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම එහි සදහන්ව තිබෙන වචනවල පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රයෝගිකවම ක්‍රියාත්මක කිරීමට අපි සැදී පැහැදි සිටිනවා.
සමගි ජනබලවේගය අප රටේ නූතන අභියෝගවලට, ජනතා ප්‍රශ්නවලට විසදුම් සපයන දේශපාලන ප්‍රවාහයක් වනවා. අපි ප්‍රශ්න විසදන්නන් හැටියටයි ඉදිරිපත්වෙන්නේ.
ප්‍රජාතන්ත්‍රවාදි ඉතිහිසය තුළ රට පාලනය කල විවිධ පක්ෂ, විවිධ නායකයින් රටේ ජනතාවගේ ප්‍රශ්ණ වලට තිරසර විසදුම් ලබාදුන්නද කියන එක ගැන අපි ප්‍රශ්ණ කළ යුතුයි. අපි ඉදිරිපත්වෙලා තියෙන්නේ අභියෝග වලින් ප්‍රශ්ණ වලින් පැන යන්න නෙමෙයි. අපි ඉදිරිපත් වෙලා සිටින්නේ නැවුම් අදහස්වලින්, ඉදිරිය දකින දර්ශනයක් තුලින් රටට උචිත වැඩපිලිවලක් ක්‍රියාත්මක කරන්නයි.
අපේ ප්‍රතිපත්ති ප්‍රකාශණය නිර්මාණය කලේ ඉතාම පිරිසිදු ක්‍රමාණුකුල ක්‍රමවේද තුලින්. සති ගණනාවක් තිස්සේ විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයින්, විද්වතුන්, වෘත්තියවේදීන් ඇතුලු පිරිස් ඒකරාශී කරගනිමින් තමයි අපි මේ ප්‍රතිපතත්ති ප්‍රකාශණය ඉදිරිපත් කළේ.
අපේ රට මුහුන දෙන වර්ථමාන අභියෝගවලට විසදුම් ලබාදිමේ වැඩසටහන් මෙහි ඇතුලත් වෙනවා. කොරෝනා වසංගතය නිසා ආර්ථික, සමාජිය, ජාතික ආරක්ෂාව ඇතුලු සෑම ක්සේත්‍රයකම අභියෝග රැසක් නිර්මාණය වෙලා තියෙනවා. මේ නිර්මාණය වූ අලුත් අභියෝග පිලිබඳ අලුතින් හිතලා නිර්මාණශීලිව අපේ ප්‍රතිපත්ති සකස් කළා. ඒ තුලින් ප්‍රශස්ථ, ප්‍රබුද්ධ රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන්න අපි අපේක්ෂා කරනවා.
කොරෝනා වසංගතය විවිධ අය විවිධ ආකාරයට විග්‍රහ කලා. කොරෝනා වසංගතය අපේ රටේ ජාතික ආරක්ෂාවට එල්ලවුනු බරපතලම මරු පහරක් විදියට මම සලකන්න කැමතියි. දැන් වර්තමානයේ ආර්ථික ආරක්ෂාව, සෞඛ්‍යමය ආරක්ෂාව, සමාජමය ආරක්සාව බරපතල අනතුරකට පත්වෙලා තිබෙනවා. හැම අතකින්ම අපිට නව අභියෝග එල්ලවෙලා තිබෙනවා.
කොරෝනා වසංගතයට ප්‍රයෝගික විසදුම් ලබාදීමට නොහැකිව අබල දුබල වි සිටින පාලකයන් පිදුරුගොඩවල්වලට ගිනිකූරු ගසා රට මහා ගිනිකන්දක් බවට නිර්මාණය කරමින් යනවා. ජාතිවාදය, ආගම්වාදය අවුස්සමින් අන්තවාදයට ශක්තිය ලබාදෙමින් ඔවුන් කටයුතු කරනවා.
මේ ආකාරයට කොරෝනා වසංගතය නිසා ජාතික ආරක්සාවට බරපතල අභියෝග රැසක් එල්ලවෙනවා. මේ අභියෝගවලින් අපිට පැන යන්න බැහැ. අපි ඒවාට මුහුන දිය යුතුයි. ඒ ශකිතිය සමගි ජනබලවේගය සතුව තිබෙනවා.
මේ උද්ගතව තිබෙන සෑම අභියෝගයකටම මුහුන දීලා තිබුනටත් වඩා සංවර්ධිත ජවසම්පන්න සද්ධන්ත මාතෘභූමියක් බිහිකිරිමට කැපවෙන බවට මම මෙහිදී ප්‍රතිඥා දෙනවා.
දුර්වල අවිධිමත් පාලනයක් තුළ කොරෝනා වසංගතය පාලනය කිරිමට නොහැකි තතත්වයක් අද නිර්මාණය වෙමින් තිබෙනවා. කොරෝනා වසංගතය පාලනය කිරීම රටේ ඉදිරි ගමනේ ප්‍රමුඛතාවය විය යුතුයි.
තුන්කල් දකින කණ්ඩායමක් විදියට සමගි ජනබලවේගයේ අපි කොරෝනා වසංගතයෙන් ඇතිවිය හැකි අභියෝග පිලිබඳ කතාකලේ අද ඊයේ නෙමෙයි. කොරෝනා වසංගතයෙන් අතිවිය හැකි බයංකාර තත්වයන් පාර්ලිමේන්තුවටත්, රජයටත්, රටටත් අපි ඉදිරිපත්කලා. ඒවට තිරසර විසදුම් ඒ අවස්තාවලදි ලැබුනේ නැහැ.
රටේ ජාතික අවශ්‍යතාවයන්, රටේ ජාතික න්‍යායපත්‍රයේ ප්‍රමුඛතාව ලබාදිය යුතු කාරනා පැත්තකට කරලා වෙනත් පෞද්ගලික න්‍යායපත්‍ර ඉහලට ඇවිත් තිබෙනවා. කොරොනා වසංගතය පාලනය කිරීමට නොහැකිව සිටින මොහොතක දෙවැනි තුන්වැනි රැලිවලට රටක් විදියකට අපි කොහොමද මුහුන දෙන්නේ. කොහොමද අපි මේ ගැටලුව නිරාකරණය කරන්නේ කියන එක ගැන අපි බැලිය යුතුයි.
මිනිසා ජිවත්කරවමින් රට සැබෑ සෞභාග්‍යයක් කරා ගෙනයාමටත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය රටට මුසුකරගනිමින් ජාතික ආදායම රටේ සියලුම ජනකොටස්වලට සමසේ ප්‍රිතිලාභ බෙදියන ආර්ථික වර්ධනයක් අපි රටතුළ ක්‍රියාත්මක කරනවා. රටපුරා සෑම ග්‍රාමනිලධාරි කොට්ඨාෂයකම බෙදියන සංවර්දනයක් ගොඩනමින් අපේ රට දියුනු ලෝකය කරා ගෙනයනවා. පුලුල් සමාජ වෙනසක් අපි ඇති කරනවා.
රටක් පාලනය විය යුත්තේ විනයානුකූලවයි. මේ විනයානුකූල භාවය තුළ මනුස්කම, සොදුරු බාවය තියෙන්න ඕන. හිතක් පපුවක් ඇතිව ජනතා ප්‍රශ්ණවලට සංවේදිවෙමින් රට පාලනය කළ යුතුයි. මේ සංවේදිවීම මාධ්‍ය සංදර්ශණයකට සීමා නොකට විසදුම් සපයන්නා බවට රටේ රාජය නායකයා පත්විය යුතුයි.
අපි ඇතිකරගන්නා මේ සමාජ ගිවිසුම ජනතාව පිලිගත යුතුයි. සමගි ජනබලවේග රජයක් තුල අපි නිරන්තරයෙන්ම රට ගොඩනගන, ජනතා ප්‍රශ්ණවලට සත්‍යවාදි විසදුම් ලබාදෙන විසිහතර පැයේ නොනිදන රජයක් බිහිකරනවා. ශක්තිමත් විනය පද්ධතියක් තුලින් රටේ ජාතික සම්පත්, ජාතික ධනය ජනතාවගේත්, රටේත් සෞභාග්‍යය උදෙසා නිසිලෙස කළමනාකරණය කිරීමට කැපවෙනවා.
(ඡායාරූප - ඉෂාන් සංජීව)
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග
මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත
ලංකා දේශපාලන ඉතිහාසයේ තීව්‍රැතම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා. මේක ‘ඩූ ඕ ඩයි’ සටනක් යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී අනුර කුම
ආර්ථිකය ගැන දින හතක විවාදයකට එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවේ දී අභිය
මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා යැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජනාධිපතිවරුන් ලෙස සිට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම නීතියක් ගෙනැවිත් නතර කළ යුතුව තිබෙන බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘ජව සම්පන්න පාලනයක් බිහි කිරීමට කැප වෙනවා‘
naveen Tuesday, 21 July 2020 08:17 AM
කකුල් පණ නැති පාලනයක්ද? නිධන් හොරුන් අපට එපා. නිධන් හාරන්න ගිහිල්ලා තුනටියෙන් පහළ ඔක්කොම පණ නැතිවුණා. රට වටේට බාරවෙලා. යන්තම් කකුල් දෙක විතරක් පණ ආවා.
Raveendra Tuesday, 21 July 2020 07:05 PM
ඔව් ඔව් සහතික ඇත්ත මේ කියලා තියෙන්නේ. හැබැයි තමාගේ ගේදොර වතුපිටි හරකබාන කුබුරුවලින්ම තමන්ගේ ජවසම්පන්න බව මුලින්ම පෙන්නුවානම් නේද හොද නිකන් බයිලා කතා කියවන්නේ නැතිව.
anura Sunday, 26 July 2020 12:18 PM
ජව සම්පන්න කිව්වට?
විජේ Monday, 27 July 2020 10:05 PM
කලින් තිබුන ගව පාලනය වගේ...
Karu Sooriya Saturday, 01 August 2020 12:01 AM
ඔබ ගැන මට කණගාටුයි.
anura Saturday, 01 August 2020 03:05 AM
ජනාධිපතිවරණයෙන් පසු පැරදුණාම ජවය ඔක්කොම ගිහිල්ලා අතන රිදෙනවා මෙතන රිදෙනවා සල්ලි නැහැ ණය ගෙවන්න කිය කියායි හිටියේ. ජනතාව රවටන්න නැවත නැවත බොරු කීම තමයි පුරුද්ද...
kavinda Saturday, 01 August 2020 03:03 PM
ජවසම්පන්න හරක් ටිකක් යැව්වා නම් ඔයිට වඩා හොඳයි මහත්තයෝ...
Saththaya Saturday, 08 August 2020 04:18 PM
කෑදර මනුස්සයන්ට ජව සම්පන්න වෙන්න පුලුවන්ද ? ඔක්කොම කාල එනවා මෙතන ජව සම්පන්න වෙන්න.
විජේ Monday, 10 August 2020 01:01 PM
'ජහ' පාලනයෙන් 'ජව' පාලනයට. යන්න සජිත් යන්න, කෝටි කීයක්ද ණයයි කිව්වා නේද ජනාධිපතිවරණයෙන්...?
Asoka Saturday, 29 August 2020 06:56 AM
මේ බොරුව කියන ඒවා කොහොමටවත් ගණන් ගන්නේ නැහැ.
janabala asamagi Thursday, 10 September 2020 09:33 AM
ඕවා හරි භයානක වැඩ මහත්තයා.
Richie balasuriya Thursday, 10 September 2020 10:38 AM
ජවය, බලය, බලසම්පන්නකම තම ගෙදරින් පටන් ගත්තා නම් ඉහළයි සජිත් මහත්තයෝ, නිකන් බොරු කියලා ජනතාව නොමග යවන්න එපා... ඔබ ගැන බහුතරය දන්නවා..
Asanga Saturday, 19 September 2020 06:12 AM
ඔය කියන තරම් කරනකොට ලේසි නැහැ.. නේද මහත්තයෝ?
kamal Tuesday, 22 September 2020 09:53 AM
ජව පාලනයද? ගව පාලනයද?
chinthaka Tuesday, 22 September 2020 11:13 AM
88/89 තරුණයින් මරපු අයට නම් මේ රටේ අගමැති වෙන්න බැහැ...
Abeywardhana liyana arachchige vineth sanvidu Saturday, 10 October 2020 02:06 PM
හොඳයි...