IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


‘කඩා වැටුණු ආර්ථිකය නගා සිටුවා රට ගොඩනගනවා’

(නිමල කොඩිතුවක්කු)


කඩා වැටී ඇති ආර්ථිකය ජන ජීවිතය නගා සිටුවමින් රට ගොඩනැගීමේ ජාතික වැඩපිළිවෙළ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ඉදිරිපත් කර ඇති බව එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කොළඹදී අද (27) පැවසීය.


ලබන අගෝස්තු 5 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයේ දී එම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුමත කරමින් රට ගොඩනැගීමට සමගි ජන බලවේගයට අවස්ථාව දෙන්නැයි ඉල්ලා සිටින බවද තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.


සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා මෙසේ ද කීවේය.


මේ ආණ්ඩුව යටතේ ජනතාව විශාල ආර්ථික පීඩනයකට ලක්ව සිටිනවා. මේ ආර්ථික පීඩනයෙන් මිදීමට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වැඩපිළිවෙලවල් ගණනාවක් යෝජනා කර තිබෙනවා. 


මාර්තු අප්‍රේල් මාස සඳහා ජල සහ විදුලි බිල්පත සම්පූර්ණයෙන්ම කපා හැරීමට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්  ඉදිරිපත් කරල තියෙනවා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප්  විෂමතාවය ඉවත් කරමින් විධායක ශ්‍රේණි සඳහා ලබාදී ඇති රුපියල් 15000 දීමනාව සහ වැඩි කළ වැටුප් වහාම ලබා දීම පිළිබඳ අපේ අවධානය යොමු කරලා තියෙනවා.


ඒ වගේම කඩාගෙන වැටී ඇති ආර්ථිකය යළි නගා සිටුවීමට දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් අපේ  ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ඉදිරිපත් කරලා තියෙනවා. 
ලංකාවට පැමිණීමට නොහැකිව මැදපෙරදිග සහ යුරෝපයේ වෙනත් රටවල දැනට රැඳී සිටින ඒ සියලු දෙනාම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් වහාම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමටත් අපි දැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. මෙවැනි කරුණු රැසක් සහිත ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. මෙය දැනට ගෙයින් ගෙට බෙදාහැරිමේ කටයුතු ආරම්භ කරලා තියනවා. මේ සතිය තුළ එය බෙදා අවසන් කිරීමට අප අපේක්ෂා කරනවා.


ඉදිරිපත් කරලා තියෙන මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන නැවත බලන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා. රටක් විදිහට රට ගොඩ ගැනීමේ ජාතික වැඩපිළිවෙළක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. මෙය අනුමත කරලා මේ අනුව කටයුතු කරන්න අපිට බලය දෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා .


පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම දැන් ක්‍රියාත්මක වන්නේ නැහැ. ජනතාවට ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ බොහෝ දේවල් අද ඉටු වන්නේ නැහැ. 


රටේ ජනතාවගේ ජීවන වියදම වේගයෙන් වැඩිවෙමින් තිබෙනවා. ඒ නිසා ජනතාව දැඩි පීඩාවකට පත් වෙලා. මේ වැඩිවන ජීවන වියදම පාලනය කරන්න ආණ්ඩුව කිසිදු උත්සාහයක් ගෙන නැහැ. ලෝක වෙළඳපොලේ තෙල් මිල සීග්‍රයෙන් පහල බැහැලා තියෙනවා. දෙසැම්බර් මාසයේ දී බොරතෙල් බැරලයක මිල ඩොලර් 68 පැවතුණා .මේ වන විට ඩොලර් 30 දක්වා අඩුවෙලා තියෙනවා.

රැකියා නොමැතිව ආදායම් නොමැතිව පීඩාවට පත්වෙලා ඉන්න ජනතාවට  මේ සහනය ලබා දෙන්න මේ ආණ්ඩුව කටයුතු කරලා නැහැ. මේ ආණ්ඩුව ධන කුවේරයන්ට සහන දෙන ගමන් දුප්පත් අහිංසක ජනතාවට අසාධාරණ ලෙස බදු අය කරමින් විශාල මුදල් ගසා කෑමක් කරනවා.



අදහස් (0)

‘කඩා වැටුණු ආර්ථිකය නගා සිටුවා රට ගොඩනගනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32960 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15593 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10042 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 116 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 194 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 498 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site