(මුදිතා දයානන්ද )
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට අත්දැකීම් අනුවත්, අධ්‍යාපනිකවත්, දැනුමෙන් හා බුද්ධියෙනුත් සුදුසුම පුද්ගලයා හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා යැයි නව වාමාංශික පෙරමුණේ නායක වික‍්‍රමබාහු කරුණාරත්න මහතා අද (12) පැවසීය.
ඔහු මේ බව පැවසුයේ රාජගිරියේ පිහිටි සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් වන අතර එහිදි ඔහු මෙසේද පැවසීය.
පසුගිය මැතිවරණයේදි එජාපයත් සමග කටයුතු කළ සියලූ පක්ෂ නායකයින් එකතු කරලා රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගියදා විශාල ප‍්‍රකාශයක් කළා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට වෙනත් අයෙකුට මතුවෙන්න අවස්ථාව දෙන අදහසින් පසුගිය මැතිවරණයේදි කටයුතු කළ බවත් එයින් පක්ෂයට විශාල හානියක් සිදුවු බවත් ඔහු කිව්වා. ඒ නිසා එතුමා දැන් සූදානම් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස, යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් හඬ නගන්න අරගල කරන්න එක්සත් ජාතික පක්ෂයට නායකත්වය ලබාදෙන්න. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමන් පක්ෂයත් සමග එකතුව ගන්නා ක‍්‍රියාමාර්ගවලදී එන ඕනම බාධකයකට මුහුණ දෙන්න තමන් සුදානම් බවත් වික‍්‍රමසිංහ මහතා අපත් සමග ප‍්‍රකාශ කළා. මේක ඔහු කළ දැඩි ප‍්‍රකාශයක්.
මේ ප‍්‍රකාශය ගැන අපි ඉතාමත් සතුටු වෙනවා. ඔහු තමයි එජාපයට ඉන්න සුදුසුම නායකයා. ඔහුට අත්දැකීම් බහුලයි. මෙරට විශ්ව විද්‍යාලයකින් ලබාගත් උපාධියක් හිමි මෙතෙක් බිහිවූ එකම අගමැතිවරයාත් ඔහුයි. අපේ අදහසත් පක්ෂයේ නායකත්වයට සුදුසුම කෙනා ඔහු බවයි. ලිබරල්වාදය පිළිගන්නා ඔහු ඒකාධිපති ව්‍යවස්ථාවක් මේ රටට ගැලපෙන්නේ නැහැ කියන ස්ථාවරයේ ඉන්නවා. මේ රටට ගැලපෙන්නේ බලය විවිධ ආයතනවලට බෙදී ගිය ව්‍යවස්ථාවක් බවයි එතුමා කල්පනා කරන්නේ.
අද මේ රට ජාතිවාදීන්ගේ, ආගම්වාදීන්ගේ ග‍්‍රහණයට නතුවෙමන් පැවතීම නිසා ඉදිරියේදි ප‍්‍රශ්න රැසකට මුල පුරනවා. බුදුන් වහන්සේගේ ධර්මයට එරෙහිව යමින් බෞද්ධයන් යැයි කියාගන්නා ඇතැම් පිරිස් මිනිසුන් අතර වෛර්‍ය දුෂ්ටකම වපුරනවා.
COMMENTS
සහතික ඇත්ත. දැන් ලංකාවේ දුප්පතුන් නැහැ. ගෙවල් හදලා දෙන්න. එහෙම ඉන්නවා නම් සජිත් දිනනවා. එහෙම නැති නිසා පැරදුණා. දැන් නායකතුමා එක්ක පෙරට යන්න.
නව වාමාංශික පෙරමුණේ නායක වික්‍රමබාහු, රටේ තිබෙන එකම දක්ෂිනාංශික පක්ෂයේ නායකයාට කඩේ ගියාලු ! මේ බාහු, 1970 දශකයේ ලංකා සමසමාජ පක්ෂයේ සිටිමින්, අප රටේ බිහිවූ අවංක දේශපාලකයෙක්මෙන්ම, ඉංග්‍රීසි පාලනයට විරුද්ධ වීම හේතුවෙන් සිරබත් කෑ, ආචාර්ය එන්.එම් පෙරේරා මහතාට දක්ෂිනාන්ෂයෙක් යයී ලේබල් ගසමින්, නව ලංකා සමසමාජ පක්ෂය ගොඩනගා, කලේ කාගේ කොන්තරාර්තුවක් දැයී අපට දැන් හිතා ගන්න පුළුවන්. එජාපෙ පාක්ෂිකයන්ටත් වඩා කඩේ නොවෙයී, බාහු යන්නේ "UNP සුපර් මාර්කට්" එකට. මේ තමා අපේ උගත්තු.
මොහු හිටපු ගමන් හීනෙන් වගේ නැගිටලා දොඩවන විකාර කතා පොඩි ළමයෙක්වත් සත පහකටවත් ගණන් ගන්නේ නැහැ. කවට මුත්තෙක්.
වික්‍රමබාහු හීනෙන් නැගිටලද ? රනිල් නායකයෙක්ද ? මොහු තවදුරටත් හිටියොත් පක්ෂය ඉවරයි.
මේ වගේ ආතක් පාතක් නැති දේශපාලුවන් කුමක් හෝ කියාගෙන ඇවිත් අවසානයේ ලබාගත්තේ කුමක්ද යන්න නොදන්නා නිවටයන්..
බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය පරාජය වුනාම පක්ෂ නායකයා ඉල්ලා අස් වුනා ලංකාවේ පරාජය වුන පුද්ගලයා පරාජය වුන පක්ෂයේ නායකත්වය ඉල්ලනවා. මරු නේද? හරිනම් නියෝජ්‍ය නායකකමිනුත් අස්වෙන්න ඕනේ.