(නිමල කොඩිතුවක්කු)
නව ඉඩම් පනත මගින් ඉඩම්වල අයිතිය ඇමරිකාව ප‍්‍රමුඛ බටහිරට ලබා දෙන බවට විපක්ෂය නගන චෝදනා පුස්සක් බවත් අහිංසක ජනතාවට ඉඩමක සින්නක්කර අයිතිය ලබාදිමට විරුද්ධව ඔවුන් කටයුතු කරමින් සිටින බවත් ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ නියෝජය අමාත්‍ය එඞ්වඞ් ගුණසේකර මහතා පැවැසීය.
ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව කියන පොදු විපක්ෂය ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදිමට විරුද්ධවීම ප‍්‍රහේලිකාවක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
කොළඹ අරලියගහ මන්දිරයේ අද (18) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේ කීය.
‘‘අපි සිදුකරන හැම සංවර්ධන යෝජනාවලියක්, පනතක්, ව්‍යාපෘතියකට එරෙහිවම විපක්ෂය බොරු චෝදනා නගමින් බිල්ලො මවමින් සිටිනවා. ජනතාවට ඉඩමක සින්නක්කර අයිතිය ලබාදීමේ අරමුණින් අපි රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පනත ගැනත් අද විශාල බිල්ලක් මවලා තියෙනවා.
ඇත්තටම මේ රටේ ජනතාවට ඉඩම් දුන්නේ එක්සත් ජාතික පක්ෂයයයි. ඩී.එස් සේනානායක මහතා තමයි මේ රටේ පළමු ඉඩම් ඇමැතිතුමා. එතුමගේ ඉඳන් මේ දක්වාම අපේ රජයන් යටතේ නිවාස ඉදිකරලා දුන්නා, මහවැලි ඉඩම් ලබාදුන්නා, ගොවිජන පද බිහිකළා. මේ හැම දෙයක්ම කළේ අපේ රජයන් විසින්. අනෙකුත් රජයන් ජනතාව වෙනුවෙන් එවැනි කිසිවක් කර නැහැ.
දැන් මේ වෙද්දී අගමැතිවරයා යළිත් ජනතාවට තමන්ගේ භූමියේ සින්නක්කර අයිතිය ලබාදිමට ඉදිරිපත් වෙලා තියෙනවා. මේ රටේ දසලක්ෂයක් ඉන්නවා තමන්ටම කියලා ඉඩම් අයිතියක් නැති. ඒ අයට ඉඩමේ සින්නකකර අයිතිය ලබාදිමට තමයි අපි මේ පනත මගින් කටයුතු කරලා තියෙන්නේ.
මේ මිනිස්සුන්ට තමන්ගේ ඉඩමේ අයිතිය පිළිබඳ විවිධ ගැටලූ තියෙනවා. අද තියෙන මේ ලියකියවිලි, බලපත‍්‍ර මගින් මේ ඉඩමේ අයිතියක් ඔවුන්ට තියෙනවද නැද්ද කියන එක සම්බන්ධයෙන් අවිශ්වාසයකින් අද ජනතාව ජීවත් වෙනවා. ඔවුන්ගේ දැනුම අනුව ඔවුන් මේ ඉඩම ගැන හරියට හෙට්ටු වෙනවා.
රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සඳහා අමාත්‍යාංශ 15ක ලේකම්වරුන්ගේ නියෝජිතයන්, ජනාධිපති නියෝජිතයෙක්, අගමැතිගේ නියෝජිතයෙකුගෙන් සමන්විත විශේෂ මණ්ඩලයක් පත් කරලා තියෙනවා. මේ ගැන යම් ගැටලුවක් තියෙනවනම් ඒකට මේ ගැටලු ඉදිරිපත් කරන්න හැකියාව තිබෙනවා.
මේක ජනතාවට ඉඩමක සින්නක්කර අයිතිය ලබාදීමේ අරමුණින් පමණක් අපි ඉදිරිපත් කරනවා. සමෘද්ධිය ලබා දෙද්දිත් ඒකට විරුද්ධව නඩු දැම්මා. ඒ වගේ ජනතාව වෙනුවෙන් කරන සංවේදී කාරණා වලදී තමයි අද විපක්ෂය වැඩියෙන්ම විරුද්ධව කටයුතු කරන්නේ.
මේ නිසා රටේ ජනතාව විපක්ෂයේ ක‍්‍රියා කලාප පිළිබඳ වඩාත් අවබෝධයෙන් කටයුතු කළ යුතුයි කියලා අපි ජනතාවට අවධාරණය කරනවා.’’ යැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොවීන්ට ලබා දී ඇති ඉඩම් වලින් 80% ම ඔවුන් අත යට විකුණා ඇත.මහවැලි ප්‍රදේශවලත් මෙය සිදුව ඇත .බොහෝවිට ඔවුන් අඳ ගොවියන් සේ එහිම වැඩ කරති.ලොකු මුදලක් ලබා දෙන්නේ නම් මොවුන් පහසුවෙන් ඉවත් කල හැක. අන්තිමට මොවුන්ට ඉතිරි වන්නේ අමුඩය පමණි. සැලසුම් සහගත ව්‍යාපාරයක් මගින් මෙම ඉඩම් සියල්ලම ලබා ගත හැකිය. නියම ඔප්පු ලබා දුන හොත් මෙම කාර්ය ඉතා පහසුය. විදේශ ව්‍යාපෘති වල මෙම ප්‍රතිපත්ති යෝජනාව සමහර විට ඉදිරි පත් කෙරේ. ආර්ථික වශයෙන් දියුණුවට හොඳ වුවත් අවසන් ප්‍රතිඵලය ඇති මහත් ගැටලුවලට මුල පුරයි.ඉන්න තැනක් නැති පිරිසක් මහා මගට ඇද දමයි.රටක ආර්ථිකය ,එනම් එක පුද්ගල අදායම වැඩි වුවත් දිළින්දන් බිහිවීමෙන් හෝ අදායම් පරතරය වැඩි වුවහොත් අවසාන ප්‍රතිපලය විශේෂයෙන් ලංකාව වැනි රටක දරුණු විනාශයකට මග පාදයි .අපගේ 225 තුල මවැනි දෙයක් තේරුම් ගැනීමට හැකියාවක් ඇතියවුන් දුලබ විය හැක. නැතහොත් ඔහේ ඉන්නම් වාලේ සිටිනවා විය හැකිය.
විපක්ෂයට ගියාම ඔබතුමා ඉන්නෙත් ඔය බෝට්ටුවේ... එ්ක අමතක කරන්න එපා මහත්තයෝ... අපි ඔයාලා දිහා බලන්නේ වේදිකා නාට්‍යයක් බලන විදිහට නෙවේ.. එ්ක නම් බලලා අමතක කරනවා.. හැබැයි ඔයගොල්ලන්ගේ රංගන දිහා බලලා අපි අමතක කරන්නේ නැහැ. හොඳින් අවබෝධ කරගෙන ඉදිරි කාලයේදී ඒවාට පිළිතුරුත් දෙනවා. ඔබතුමා හෙට විපක්ෂයට ගිහින් ලොකු ගාණක් කඩාගෙන අනිද්දාට ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කියන්න පුළුවන්... ඉඩම් සින්නක්කර අයිතිය ජනතාවට ලබාදීමට විපක්ෂය විරුද්ධ බව දේශපාලකයන් කියන්නේ කාලගුණේටත් එහා ගිය ජාතියක්...
ඉඩම් නිකම් දෙන එක හොඳදෙයක් නොවේ. ඉඩම් කියන්නේ ජාතික වස්තුවක්... එක එක අපතයාට ඉඩම් බෙදන්න අයිතියක් දේශපාලුවට දුන්නේ කව්ද? කට්ටියක් වැඩකරලා මුදල් හොයලා ඉඩමක් ගන්නත් නිකමුන්ට නොමිලේ ඉඩම් දෙන්නත් ගිහින් තමා අද ලාංකිකයන් පිනට කන හොරු වෙලා ඉන්නේ. මැදපෙරදිග ගිහින් නැත්නම් මොනවා හරි වෘත්තියක යෙදෙමින් යම් කලක් ගත කරන කෙනෙකුට රජයේ තක්සේරු මිලට ඉඩම් දෙන එක ගැන හිතමු. දුප්පතුන් කියන්නේ නිසිකළ ඉගෙන නොගත් හෝ නිකම් ඉන්න එවුන්... වැඩ කරන, ඉගෙනගත් ඕනෑම කෙනෙකුට හම්බ කරන්න ක්‍රම තියෙනවා. ඔවුන්ට නිසි මිලකට ඉඩම් දෙන්න. නිකමුන්ට දෙන්න ඕනේ නම් තට්ටු නිවාස වලින් දෙන්න. එ්ත් කීයක් හරි මාසිකව අරගන්නම ඕනේ. නිකම් හුළංවත් දෙන්න එපා.
ඔයාලා හැමතිස්සෙම කොලේ වහලා ගහන නිසා අපි සැකෙන් බැලීම සාධාරනයි නේද? භූමියේ සින්නක්කර අයිතිය ලබාදිමට ඉදිරිපත් වෙලා තියෙනවාලු. මෙරටට ගම්මිරිස් කරදමුංගු හොයාගෙන හිස් අතින් පැමිණි මුසල්මානුවන්ට මෙරටේ ඉඩම් කොපමණ තිබෙනවාද. ඒ අයට ඉඩම්දුන්නේ කව්ද. නැති උනේ කාගේ ඉඩම්ද?
විපක්ෂයට අවශ්‍ය වී ඇත්තේ ඒ අය බලයට ඇවිල්ලා ඉඩම් ඒ ගොල්ලන්ගේ අතින් ඉඩම් බෙදා දෙන්නයි...
මෙපමනකල් එක එක භූමි නම්වලින් කෝටි ගණන් මුදල් ප්‍රචාරයන් සදහා වියදම්කරලා දුප්පත් ජනතාවට දීලා තියෙන්නේ බදු ඔප්පුද
හැමදාම නියම තමයි. කිසිම කෙනෙක් මේවාට ස්ථීර විසඳුමක් කතා කරන්නේ නෑ.. හැම දෙයක්ම කෙරෙන්නේ නැති තැනටමයි යවන්නේ.. අවුරුදු 70/80 පරණ ඉඩම්වල නීති එහෙමමයි..