IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


‘ආණ්ඩුවට මෙහෙම යන්න බෑ - මැතිවරණයෙන් පසු වෙනසක්’

(මුදිතා දයානන්ද)
            

ආණ්ඩුවට තවදුරටත් මේ විදිහටම යන්න බැහැ. ජනාධිපතිතුමා මැතිවරණයෙන් පසු ජාතික තලයේ කඩිනම් වෙනසක් සිදුකරනු ඇතැයි විද්‍යා හා තාක්ෂන අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අද (6) පැවසීය. 
            
කිසිම වෙනසක් සිදුනොවී මැතිවරණයෙන් පසුවත් ආණ්ඩුව මේ විදිහටම පවත්වාගෙන යන බවට එක්සත් ජාතික පක්ෂය ප‍්‍රකාශ කළත් එහෙම යන්න බැරි බව  ඕනම කෙනෙකුට වැටහෙනවා යැයිද පේ‍්‍රමජයන්ත මහතා මෙහිදි පැවසීය.
 
රටේ ජනතාව වෙනසක් බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂය කියනවා මැතිවරණයෙන් පස්සෙත් මේ ආණ්ඩුව මෙහෙමම යනවා, කිසිම වෙනසක් වෙන්නේ නැහැ කියලා. නමුත්  ඕනෑම කෙනෙකුට වැටහෙනවා මේක මෙහෙමම ගෙනියන් බැහැ කියලා. බඩුමිල වැඩිවෙලා, අර්ථික ප‍්‍රශ්න ඇතිවෙලා, රැකියා ප‍්‍රශ්න විසඳලා නැහැ. හොරකම් සිදුවෙලා. මේ සිදුවන දේවල් දිහා බැලූවාම හරිම පැහැදිලියි කඩිනම් වෙනසක් ජාතික තලයේ සිදුවිය යුතු බව. ඒක සිදුවන්නේ කෙසේද යන්න අපිට දැන් කියන්න බැහැ. ජනාධිපතිතුමා කියලා තියෙනවා මැතිවරණයෙන් පසුව ආර්ථිකය තමන්  යටතට ගන්නා බවට. හොරුන්ට දඬුවම් දීම කරන බව යැයි ඇමැති ප්‍රේමජයන්ත මහතා ශ්‍රිලනිප මුලස්ථානයේ දී මෙසේ සඳහන් කළේය.


 



අදහස් (13)

‘ආණ්ඩුවට මෙහෙම යන්න බෑ - මැතිවරණයෙන් පසු වෙනසක්’

athula Tuesday, 06 February 2018 05:50 PM

ඔය කියන ඒවා අපේ රටේ නම් ඉර හඳ තියෙනකම් වෙන්නේ නැහැ. එහෙම උනොත් ඉතිරි වෙන්නේ ජවිපෙ 6 දෙනා විතරයි

:       1       12

Sathyayaa Tuesday, 06 February 2018 09:25 PM

අයියෝ !!! එජාපය ගැන ඔයා අද ඔහොම කියලා හෙට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල වී අකුලා ගන්න සිදුවුණ හොත් ඔබ කොහොමද වස්ත්‍රයක් ඇඳගෙන එජාපයට එක්වන්න ඉල්ලුම්පතක් ඉදිරිපත් කරන්නේ?

:       21       113

Crab boy Tuesday, 06 February 2018 09:39 PM

දෙපැත්තේ කකුල් තියාගෙන යන්න බැරි බව අපිනම් ඉස්සරත් දන්නවා.

:       0       74

siva Thursday, 08 February 2018 12:14 PM

පැරදුන සියලුම දෙනාගේ ඇමති තනතුරු දාලා යන්න කියන්න එතකොට තනියෙන් ආණ්ඩුවක් කරන්න පුළුවන්

:       0       25

sam Friday, 09 February 2018 07:29 AM

මේ කියමන අපි තේරුම් ගන්න ඕනෑ මේ විදීයටයි . මේ සම්මුති ආණ්ඩුව හින්දා එජාපෙ අය හොරෙන් කන ඒවාට ශ්‍රීලනිප කට්ටිය උදැල්ල දානවා . ශ්‍රීලනිප අය හොරෙන් කන ඒවාට එජාප කට්ටිය උදැල්ල දානවා . ඒක නිසා බාධාවකින් තොරව මුළු රටම අනුභව කරන්න නම් සම්මුතිය පැත්තකට විසිකරලා විධායක බලය පාවිච්චි කරලා හරි තනි පක්ෂයක් බලයට එන්න ඕනෑ කියන එකයි .

:       2       814

Rohana Friday, 09 February 2018 09:55 AM

අන්ත දුෂිතයින්ගෙන් පිරුණු රටක්.. දූෂිතයින් ආරක්ෂා කරන රට ලංකාව. දූෂිතයින්ට ඡන්දෙ දෙන රට ලංකාව. වාසිදායක හොඳට හම්බකරන්න පුළුවන් එකම රැකියාව දේශපාලනය. වයස් සීමාවක් නැති අධ්‍යාපන සුදුසුකම් නැති එකම රැකියාව දේශපාලනය.. මන්ත්‍රීකමක් ගත්තොත් පවුලම ගොඩ. හෙට බලපත්‍ර දෙනවා රටේ සම්පත් කොල්ලකන්න. ජය වේවා!

:       1       73

ajith Saturday, 10 February 2018 07:40 AM

මෙතුමා කලෙක සිට මේ වගේ බලාපොරොත්තුවකින් තමයි ඉන්නේ. ඇමතිකම ගැන ප්‍රශ්නයක් වගේ. තෙල් ඇමතිකම හරි, වරාය ඇමතිකම හරි දුන්නා නම් 2020 වෙනකම් මේ ආණ්ඩුව හොල්ලන්න බැහැ කියනවා ස්ථිරයි.

:       77       107

Don Monday, 12 February 2018 04:01 AM

ඔබගේ පැහැදිලිකිරීම් ප්‍රකාශ කිරීම වහාම නවත්තන්න.

:       29       35

Sathyayaa Monday, 19 February 2018 01:40 AM

පණීභාරත වගේ මෙයාටත් නම දාන්න තියෙනේ "පණීලංකා" කියල. කොයි මොහොතේ වාසි පැත්තට පනීද දන්නේ නැහැ. හැමෝම අකමැති වුනාට අගමැති හීනයත් ඔලුවේ තියෙනවා. ඔහොම යන් !

:       0       27

R.Liyanage Monday, 19 February 2018 08:53 AM

ඊට කලීන් හෙජින් ගනුදෙනු ගැන බලමුද?

:       0       11

Kumara Monday, 26 February 2018 07:54 AM

දෙපත් නයෙක් වාගේ... ටක් ගලා වෙන පැත්තක් ගන්නවා තාම මහින්දට කඩේ යනවා වගේ...

:       0       34

Aluthgama A. Samathasena. Friday, 02 March 2018 09:43 AM

ජනාධිපතිතුමාලා, ඔබතුමාලා ඔක්කොම මොන තරම් දේවල් කිව්වද ඡන්දෙට කලින්. මේවත් ඒ වගේම නොවෙන දේවල් වේවිනේද?

:       0       0

Nalaka Sunday, 04 March 2018 06:56 PM

ඔයාගේ මුළු ඡන්ද සංඛ්‍යාව කීයද ඔහොම ප්‍රකාශ කරන්න? ඔයිට වැඩිය නරකද රටට වැඩක් කරන මිනිස්සු ගැන හොයල මීඩියාවල දැම්මනම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 668 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 850 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 367 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site